Menu Close

මහා ව්‍යසනයක් අභියස අවමංගල්‍ය චාරිත්‍ර වෙනුවෙන් සටන් වදින ගෝත්‍රික ආගම්

සමූහ ලෙස වළලන් කොරෝනා මළ සිරුරු

මිනිසා හැර මුළු ලෝකයම නිදහසේ කාලය ගෙවති. මෙතෙක් කල් සොබා දහම කූඩු කර දමන්නට සිය කාලය, ධනය හා ශ්‍රමය වැය කළ මිනිසා අද සිය ජීවිතවලින් වන්දි ගෙවමින් නිවසින් පිටතට  බසින්නට නොහැකිව සිටිති. කොරෝනාවට ගොදුරු වූ යම් කෙනෙක් වේද, ඔහු හෝ ඇය රෝහල් ගත වන්නේ තනිවමය. මිය යන්නේ තනිවමය. මිය ගිය පසු ඔහුගේ හෝ ඇයගේ මුහුණක් දැකගන්නට ඉඩක් නැත. අප රට කෙසේ වෙතත් ලොව අනෙක් රටවල අවමංගල්‍ය උත්සවයක් පවා ගැනීම තහනම්ය. 

ආදරය පෙන්වන්නට මිනිසා කළ කී සියලු දේ අද පාරාවළල්ලක් සේ අනාදරයේ මෙවලම් බවට පත්ව තිබේ. නෑ හිත මිතුරන් හමු වී කතා බහ කිරීම තවදුරටත් හිතවත් කමක් නොවේ.

ලෝකයේ තත්වය එසේය.

එසේ තිබියදී එක් අන්තවාදී කොටසක් පමණක් තම ජාතියට පමණක් විශේෂිත අවමංගල්‍ය චාරිත්‍ර ඉල්ලා සිටීම තුළ ඇත්තේ කෙතරම් සාධාරණත්වයක්ද?

මේවා ගැන දිගින් දිගට කතා කරමින් කාලය ගතකිරීමෙන් පලක් නැත.
අඥාන ඉගැන්වීම් සහිත ආගම්වලින් ලොවට සිදුවන්නේ අනර්ථයක්මය.
සොබා දහම නොබෝ දිනකින් එය ද අපට උගන්වනු ඇත.

නමුත් ඒ පාඩම අප ඉගෙන් ගන්නේ තවත් බොහෝ මිනිස් ජවිතවලින් වන්දි ගෙවිමෙන් පසුවය.
%d bloggers like this: