Menu Close

140. කවි

ජීවිතේ කටුක ඉම
යථාර්ථය 
දුක් කඳුලු 
විප්ලවය 
පීඩනය
ලෝකයේ හරි දැක්ම
.
ඔබ හිතට ලඟම කවි ඒවාය..
.
ජීවිතේ කටුක බව 
ඉහ පුරා දැක ඇතිමි
යතාර්ථය ..පීඩනය
හිත දවා සුන් ව ඇත…
දුක් කඳුලු තිත්තමය
විප්ලවය බොරුවක් ය 
මොන තරම් හරි දැක්ම
විසුලුවක් වී ඇත්ද….
.
මට ඉතින් බෝ වෙහෙසමය
බලා හිඳ එවන් කවි…
.
පැළි වළං පැලී ගිය
බිමක වුව මල් පිපෙන
හිස දවන කතර වුව
හීන් මල් වැහි වහින…
හිතලුවක් වී නැගෙන
හීනයක් දකිනු මිස
මට නොහැක කටුක බව
අකුරු තුළ මවන්නට…
.
ඉතින් මම පිළිගනිමි…
මම…
අසාර්ථක කවියකි….

%d bloggers like this: