Menu Close

138. කවි

සමහරක් මොහොතවල් තිබුණා…
නුඹ නොදන්න..
ඒත් මම දන්න…
ආදරේ නොකියා කියුව…
.
එකදු ඇස් බැල්මක්ම නොමැති ව
නිහඬ බව පමණක්ම ඉතිරිවු
සමහරක් සොඳුරු පැයවල් 
ඉතිරි වී තිබුණා..
අපට නොදැනිම….
.
නිහඬ බව කෙතරම්ම දොඩමලු
ගීතයක් දැයි හඟිනු නොහැකිවු..
නුඹට..මට හිමි අහිමි තත්පර 
දහස් ගණනක් 
ඉතිරි වුණ හැටි….
.
ඒත් ඒ ආදරේ …
අපතේ නොගිය හැටි….
නුඹ නොදන්න
ඒත්…
මම දන්න….

%d bloggers like this: