Menu Close

137. කවි

නිස්සාර බිම් අසල
ලදලු පත් දිලෙනවා
ජීවිතේ ආයෙමත්
දලු දමා හැදෙනවා…
.
නැවතුණා යැයි හිතුණ
හදවතත් ගැහෙනවා
ලේ නහර පණලබා
උණුසුමින් පිරෙනවා…..
.
පැරදුමක් මිස දිනුම්
නෑ කිව්ව ලෝකයම
දෙපෙති විහිදා නැගෙන
අරුමයක් දකිනවා..
.
මියෙන්නට ඉඩ නොදුන්
මේ බිමට සෙවණ දෙන
මහ තුරක් වී දිනෙක
මං සිනාසලනවා…..

%d bloggers like this: