Menu Close

136. කවි

ඉස්සරම දවසක
ආදරේ මහ ගොඩක් අරගෙන
ආවාලු මම ඔබේ
දෙවනි ප්‍රේමය වෙලා…

හැමෝම කියන කොට
තාත්තගෙම දුව කියල
ඇහේ පිපි ආඩම්බරය
මං දැක්ක හොඳටෝම…..

යොවුන් විය ආ කලෙක
සමහරක් නපුරු හීනම
දෝතින්ම මුවා කර
රැක්කෙ ඔබ තමයි මහ පවුරක්ව….

ඉතින්..තාමත් ඔබේ
දෙවනි ප්‍රේමය මමයි..
හැඟීමක සමානව
දැනෙනවා මට ඔබව…..

තාත්තේ මම ඔයාගෙ දෝණි….

%d bloggers like this: