Menu Close

132. කවි

අහස පිරිමැද සිතුම් සතපන
විල් තෙරක් ඇත කිසිත් නොපෙනෙන
අහස පොළවට කෙතෙක් දුරවුව
කිනම් සෙවනැලි මවන කාරණ…..

අහස් ඉම ඉඳුදුනක් දකිනට
අඳුර අතරින් ඇස යොමන සඳ
දියක් මත රැළි සරැළි නංවන
තුරු හිසක් බඳු හදවතක් ඇත…..

පහන් දැල්වෙන අඳුර සමගින
නවාතැන වෙත මනින පියවර
යොමා සවනත බලා ඉනු මැන
දිය රැළිති මත තැබූ ගීතය….

%d bloggers like this: