Menu Close

සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ තුර්කි හමුදාවේ ශක්තිය වැඩි කෙරේ

2020 පෙබරවාරි 1 සිට මාර්තු 31දා දක්වා කාල සීමාව තුල දළ වශයෙන් තුර්කි සන්නද්ධ හමුදා සේනාංකයක තරම් සෙබලුන් සහ උපකරණ ඉඩ්ලිබ් පළාතට යවා තිබේ.මීට ඉහතදී සිරියාවේ අෆ් රින් සහ ඊසානදිග ප්‍රදේශයේ මෙහෙයුම් සඳහා සහභාගී වූ අත්දැකීම් සහිත තුර්කි විශේෂ බලකා,සන්නාහ සන්නද්ධ ඒකක සහ සැහැල්ලු පාබල හමුදා ඒකක(කොමාන්ඩෝ) මෙන්ම කඳුකර සටන් සහ පැරාමිලිටරි මෙහෙයුම් සඳහා විශේෂිත 5 වන කොමාන්ඩෝ බ්‍රිගේඩයද ඊට ඇතුලත්ය.මෙම හමුදා එම්5 මහා මාර්ගයේ අෂාඩ් රජයට පක්ෂපාතී හමුදාවන්ට එරෙහිව අලුත් ඉදිරි ආරක්ෂක වළල්ලක් නිර්මාණය කලහ.කෙසේවෙතත් මාර්තු 5දා රුසියානු සහ තුර්කි ජනපතිවරු එකඟ වූ සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන අංගයන් වන එම්4 මාර්ගය ඔස්සේ සිදු කරන ඒකාබද්ධ මුර සංචාර ආදිය ක්‍රියාත්මක කරන්නට මේ දක්වා හැකියාව ලැබී නැත.

තුර්කිය දිගින් දිගටම ඉඩ්ලිබ් හි සිය යුද ශක්තිය වර්ධනය කර ගන්නට කටයුතු කරමින් සිටින්නේ ඉදිරියේ ඇති විය හැකි ගැටුම්වලට සූදානමක් වශයෙනි.

පහත සිතියමේ දැක්වෙන්නේ දැනට තිබෙන තොරතුරු අනුව තුර්කි හමුදා ඉඩ්ලිබ් හි කුමන ඒකක කවර ප්‍රදේශවල රඳවා ඇද්ද යන්නයි.

rkeys-military-buildup-in-syria

source:iswresearch.org

%d bloggers like this: