Menu Close

චුන් පාන් සහ තවත් කතා…

ඇඳිරි නීතියේ කරන්න දෙයක් නැතිව උඩ බලාගෙන ඉන්න අයට පමණි.

මොළ වල වෙනස.

අඟහරු ලොවෙන් පැමිණි පිටසක්වළ ජීවීන් එක් එක් රටවල් වලින් දේශපාලනඥයන් රැගෙන ගොස් ඔවුන්ගේ මොළය ගැන පරීක්ෂා කරන ලදී. ජපනාගෙ මොළය ඉතා බර හෙයින්, ඔවුන් ඒ ආකාරයට මොළයක් හැදීම ආරම්භ කලෝය. රුසියානුවා ගේ මොළයද ඉහළ තලයේ මොළයක් විය.

ලාංකිකයාගේ ඔලුව එක්ස්රේ කර පසු, මෙතෙක් විශ්වයේ කිසි දිනෙක සොයා නොගත් දෙයක් ඔවුන් ඉන් සොයා ගත්හ.

එය පරිපූර්ණ රික්තයක් විය. 

+++
පිනෝකියෝ

ප්‍රශ්ණය :-  … “පිනොකියෝට බොරු කියන්න ඉගැන්නුවේ කව්ද ?
උත්තරය :- … “ඔහුගේ පෙම්වතිය විය. 

+++
ආතා සහ ආච්චි ගේ ආදර වැඩ

ආතා හෘදයබාධයකින් මිය ගිය බව අසා ජේන් වහා ඇයගේ ආතා සහ ආච්චි ගේ නිවසට ගියාය. කුමක් වුනේදැයි ආච්චිගෙන් ඇසූ විට ආච්චි කිව්වේ, … “අපි දෙන්නා අර ‘අහවල් වැඩේ’ කරන කොට ආතා මළා”..යන්නය. ජේන් විශ්මයට පත්ව, ‘මේ වයසට ඒවා කල යුතු නැත’ යැයි පැවසුවාය. එවිට ආච්චි මෙසේ කීවාය… “නෑ,.. නෑ දුව, අපි දන්නවා අපි වයසයි කියලා”… “ඒ නිසා අපි රිද්මයකට ජීවත් වුනේ” … …”ඒ කියන්නේ ආච්චියෙ ? ජේන් ඇසුවාය …

… “මෙහෙමයි, කලබල නැතිව පල්ලියේ ඝන්ටාරේ සද්දෙට තමා, ඒවා කෙරුනේ” …. ඒ වුනාට”….ඒ වුනාට”…. ආච්චි හඬන්නට පටන් ගත්තාය. … “කියන්න ආච්චියේ මොකක්ද වුනේ…? ජේන් ඇසුවාය… 

… “කරුමෙට, ඒ වෙලාවේ ගේ ඉස්සරහින් චූන් පාන් වෑන් එක ගියා … !  

%d bloggers like this: