Menu Close

කොරෝනා සෑම අතින්ම මාරාන්තිකයි….!!!

නිකං දාර්ශනික ටෝක්. පඬි ටෝක් දීලා වැඩක් නෑ..

එක එකා එක්ක මරාගෙනත් වැඩක් නෑ..

අමු ගොබ්බ ගොන් කතා කියලත් වැඩක් නෑ…

ගහ මරාගෙනත් වැඩක් නෑ…..

පිරිත් කියලා, යාඤ්ඤා තියලා, කන්නලව් කරලා, යාග හෝම තියලත් වැඩක් නෑ…

කොරෝනා ඔය මොකාටවත් බයත් නෑ…

වැක්සීන් එකකට බය උනොත් මිස.. ඔය බොරුවලට කොහොමත් බය නෑ…

ලොක් ඩවුන්, ඇඳිරි නීතිත් ඉස්සරහට වැඩක් වෙන්නේ නෑ….

මාස්ක් එකක් දාගෙන… තිබ්බ සිස්ටම් වලටම යන්න වෙනවා.. (චීනය, කොරියාව වගේ)

නැහ්නන් මිනිස්සු මැරෙන්නේ, රස්සාවල් නැතුව…. කන්න නැතිව…

ඒ එක්කම වැක්සීන් එකක් හොයා ගන්න වෙනවා…

ඔය අපේ ඩොකාලටත් පිටරටින් දෙන උපදෙස් ටික අපිට කියනවට වඩා හොදයි….

ඒ වගේ දේකට යොමු වෙන එක….

අරවා කියන්න රේඩියෝ ටී වී චැනල් තියෙනවා…. මොකෝ ඔය සංගම්වලින් හොයා ගත්ත අලුත් දෙයක් හරි බෙහෙතක් හරි තියෙයි….

මෙච්චර කල් ලෝකේ දිව්වේ බොරුවෙන් බව අපූරුවට පේනවා….

ඇමරිකන් වෝ ෂිප් එකේ ලොක්කගෙ කතාවෙන් ඒක අපිට හොදට තේරෙනවා…

පොර කියන්නේ යුද්ධයක් නැතිව උන්ට නිකන් මැරෙන්න බෑලූ… දැන් තියෙන්නේ කොරෝනා පොසිටිව් නම් පුකට වෙඩි තියාගෙන මැරෙණ එක…

ලෝක බලවත්තු හිතුවේ නෑ… උන් කවදාවත් ලෙඩ වෙයි කියලා… උන් මැරෙයි කියලා…

ඔය රටවල් කට්ටියම එකතුවෙලා මරපු මිනිස්සු ගානට වඩා මිනිසුන් ප්‍රමාණයක්…. කොරෝනා තනියෙන් මරණවා….

දැන් තමයි උන්ට වෙන්ටලයිසර් නිශ්පාදනය කරන්න මතක් වෙලා තියෙන්නේ…
උන්ගේ රජවරු පාලකයෝ එකා දෙන්නා චුත වෙනකොට තමා මිනිස් ජීවිතයක වටිනාකම දැනිලා තියේන්නේ…
බැලස්ටික් මිසයිලෙකට වඩා… ෆේස් මාස්ක් එකක් වටින බව තේරිලා තියෙන්නේ…
අඟහරුවල අයිස් හොයනවට වඩා මිනිස් ජීවිතයක වටිනාකම තේරිලා තියෙන්නේ….

මිනිස්සුන්ට අවශ්‍ය දේ මොනවද අනවශ්‍ය දේ මොනවද කියලා තේරිලා තියෙන්නේ…

අපේ රටේ උනත් රාජ්‍ය සේවය නිකන් පුරවලා…
මැරීගෙන වැඩ කරන කම්කරුවගෙ…. පෞද්ගලික ව්‍යවසායකයගෙ… ස්වයං රැකියාවක් කරන එකාගේ…. පිට රට ගිහින් කඹුරන එකාගේ සල්ලි වලින්….
උන්ට කන්න දීලා කර ගත්ත මුදල් නාස්තිය….

ඉස්සරහටවත් නවතිනවා නම් ලොකු දෙයක්…

ඔය ආන්ඩුව කරන්න හදන වගා සංග්‍රාමවලට දන්න ඕන ඕකුන්..
එහෙම නැතුව අනිත් මිනිස්සු නෙමේ..

මේ මොහොතෙවත් උන් උන්ගේ යුතුකම නිසි ලෙස කරන්නේ නෑ…
උජාරුව එහෙම්මමයි… මහන්තත්තකම එහෙම්මමයි…
උන් දන්නෙ නෑ රුපියල් 5000 ක් ගන්න එන අහිංසක එකාම වගේ…
උනුත් ගන්නේ පිං පඩි කියලා…
මොකෝ ඕකුන් හරියට වැඩ කරා නම්…
මේ රට මෙහෙම තියේවිය..
ගෙවන පඩියට ඕකුන් මරවලා වැඩ ගන්න ඕන….

අනික උන්ගේ අඩු පාඩු කිව්වොත්..
කියන එකා අල්ලලා කූඩූ කරන්න යන්නේ…

මේවට නම් ඉතින් පුකෙන්ම තමා හිනා වෙන්න වෙන්නේ….

ලෝකෙටම චීනය කොරියාව අනුගමනය කරන්න වෙන්නේ… නැහ්නන් ඉතින්… අලුත්ම සිස්ටම් එකකට යන්න වෙන්නේ…

ඒවා ඉතින් ආන්ඩුවල තීරණ….

අපි එතකන් පුලුවන් තරම් ඇත්වෙලා ඉමු…

එච්චරයි….

කොරෝනා හැම අතින්ම මාරාන්තිකයි…

ප්‍රවේශම් වෙන්න…!!!

තේරුනාද මන්දා…….. 😁😁😁

%d bloggers like this: