Menu Close

   කොරෝනා වෛරසය අප හිතන තරම් ශක්තිමත් නැත. එය විනාශ කල හැක.

 ජළය මිදෙන සීතල උෂ්ණත්වයේ හෝ ඊට ආසන්න ඉහළ හෝ පහළ උෂ්ණත්වයකදී, වෛරසය පැවත්මට බාධාවක් නැත.  උෂ්ණත්වයට එය නිරාවරණය කර විනාඩි කීපයකින් එය විනාශ වී යයි.

මේ වෛරසයට ජීවත් විය හැකි හොඳම ස්ථාන වන්නේ නාසය සහ ‘සයිනස් සිදුරු’ [Sinus cavities] තුලය. සයිනස් සිදුරු කම්මු, නාස් සිදුරු සහ ඇස් අතරට ඉහළින් වෙන්නට පවතී. මක්නිසාදයත්, ඒ ස්ථානවල උෂ්ණත්වය ශරීරයේ අනෙක් ස්ථාන වලට වඩා සීතල හෙයිණි. හරියට වාහනයක් එයාර් ක්ලීනරය හෙවත්, වාතය පිරිසිදු කරන ස්ථානය සීතල වනවාක් මෙනි.

සීතල කාලවල, උදාහරණයක් සේ යුරෝපයේ ශීත සෘතුවේ හුස්ම ගන්නා වාතයේ උෂ්ණත්වය මෙන් දෙගුණයක් පමණ උෂ්ණත්වයක් පමණක් ඒ ඇතුලේ පවතී. නමුත් උණුසුම් කාලවලදී හෝ ඝර්ම කළාපීය රටවල් වලදී මේ ස්ථානයද උණුසුම් වන නිසා, ඊට ඇතුල්වන වෛරස වර්ග [Respiratory virus] විනාශ වීමට විශාල ප්‍රවණතාවයක් ඇත. සමහරවිට, සීතල රටවල් වලට හෝ ප්‍රදේශ වලට සාපේක්ෂව උණුසුම් පෙදෙස් වල කොරෝනා රෝගීන් ප්‍රමාණය අඩු වීම මෙය හේතුවක් වන්නට ඇත. . 

සෙන්ටිග්‍රේඩ් අංශක 56 උෂ්ණත්වයේ විනාඩි 15ක් තබන ලදහොත් මේ වෛරසය විනාශ වේ. සෙමෙන් උෂ්ණත්වය වැඩි කරන විට එහි බාහිර ස්ථරය [Viral membrane] කෙමෙන් කඩා වැටේ. මෙසේ පාර්ශවිකව වෛරසය කඩා වැටීම ඖශධ සහ එන්නත් තැනීම සඳහා වෛරස පවුල් නමයක් සඳහා භාවිතා කෙරේ. මෙයම රෝගීන් සඳහා භාවිතා කල හැක. වෛරසය කඩා වැටේ. රෝගියා සුවපත් වේ.

සිතන්නත් අපහසු තරම් පහසුවෙන් මෙය කෙනෙක්ට කල හැක්කේ උණුසුම් වාතය ආශ්වාසයෙනි. මේ අවස්ථාවේ ශරීරයේ සීතලම ස්ථානය උණුසුම්ම ස්ථානය බවට පත්වේ. මෙය ලොව බොහෝ තැන් වල කෙරෙන දෙයකි. චීනයේ වුහාන් නගරයේ කොරෝනා රෝගය පාලනය කලේ කෙසේද යන්න, එහි විස්තර කෙරෙන්නේ, තේ වැනි උණුසුම් පානයන් බීම සහ වික්ස් වැනි දේ ඇතිව හුමාලය නහයට ඇල්ලීම මගිනි.

කාන්තාර තත්වයන් වලදී සමහරවිට සෙන්ටිග්‍රේඩ් අංශක 56ත පමණ එහි උෂ්ණත්වය පවතී. නමුත් සවුනා වැනි හුමාල ස්නානය කරන ස්ථාන වල කෙරෙන සෞඛ්‍ය සම්පන්න ක්‍රියා සඳහා ඊටත් වඩා උෂ්ණත්වයකට මිනිසුන් භාජනය වෙති. ඒ ආකාරය විනාඩි 20 ක් ගත කරන්නේ නම් කොරෝනා වෛරස විනාශ වේ. කාන්තාර තත්වයක් නැති වුවද, සවුනා ක්‍රීඩා ස්ථාන නැති වුවද, මෙය ඉතා පහසුවෙන් කේතලයක් ඉදිරියේ හෝ කෙස් වේලන උපකරණයක් [Hair drier] මගින් මෙය කල හැක. ඒ උණුසුම් හුමාලය/ වාතය නිසා මුහුණ පිච්චෙන තරම් ලං නොකර එය කල හැක. 

1984 වසරේ මුද්‍රණය කල Conquer common cold and flu by Dan Le Dike නම් පොතේ මේ ක්‍රමය කරන ආකාරය ලොවට ප්‍රථම වරට හඳුන්වා දෙන ලදී. මෙය කරන විට මුහුණ රත්වීම අඩු කිරීම වැළැක්වීමට සීතල වතුර සහිත තුවායකින් තෙත මාත්තු කල හැක. මේ ක්‍රමය සැක සහිත අවස්ථාවකදී හෝ රෝගයේ මුල් අවස්ථාවේ දිනකට දෙවරක්ද, එසේ නැත්නම් දිනකට පස් වතාවක්ද කිරීම අනුමත කර ඇත. එක වතාවක් සඳහා විනාඩි 5ක කාලයක් භාවිතා කල හැක. දින තුන හතරක් පමණ වෛරසය නහය ආශ්‍රිතව තිබෙන හෙයින් ඒ දින කීපය කිරීමෙන් මහඟු ප්‍රයෝජන ලැබෙන බව කියා තිබේ.

මෙය හුදෙක් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට පමණක් ගුණ දෙන්නේ නැත. ප්‍රවේශම් වුවහොත් මෙය කොරෝනා කුලකයේ COVID-19 ව්‍යසනය සඳහාද යෝග්‍ය වේ.

මූලාශ්‍ර

Books:- Conquer common cold and flu by Dan Le Dike.

Sites:-
who.int/csr/sars/survival_2003_5_04/en/
hindawi.com/journals/av/2011/734690/

%d bloggers like this: