Menu Close

A Separation (2011)

“ඔයා කියන දේවල් දික්කසාදයක් ගන්න තරම් ප්‍රමාණවත් නැහැ. ඔයාට වෙනත් හේතු තියෙනවා නම් එව කියන්න.”
“මොනවද වෙනත් හේතු ?”
“ඔයාගෙ ස්වාමියා මත්පැනට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ද ? එයා ඔයාට පහර දෙනව ද ? ඔයාට මුදල් දෙන්නෙ නැද්ද ?”
“එයා මත්පැන්වලට ඇබ්බැහි වෙලා නැහැ. එයා මට පහර දෙන්නෙත් නැහැ. එයා හරිම හොඳ වැදගත් පුද්ගලයෙක්”
“එහෙනම් ඇයි ඔයාට එයාගෙන් දික්කසාද වෙන්න ඕනා?”
“එයාට මාත් එක්ක එන්න වුවමනාවක් නැති නිසා. එයා කියනවා නම් මාත් එක්ක එන්න කැමතියි කියල මම මගේ නඩුව දැන්ම ඉල්ලා අස් කර ගන්නව. ඔයා කැමතිද මාත් එක්ක එන්න ?”
“නෑ මං කැමති නෑ”
“ඇයි එයා එන්නේ නැත්තේ? නීතිඥතුමා ඔයා මට කියන්න ඇයි එයා එන්නෙ නැත්තෙ මාත් එක්ක..?” 
“ඔයා දැනටමත් දන්නවා ඒ ඇයි කියල” 
“නැහැ මම දන්නෙ නැහැ. කරුණාකරලා මට තව එක පාරක් ඒක හොඳට පැහැදිලි කරලා කියන්න”
“එයාට තව එක හේතුවක් ඉදිරිපත් කරන්න ඉඩ දෙන්න, මෙහෙම තත්ත්වයක් තියෙද්දිත් ඇයි අපි මේ රට දාලා යන්න ඕනේ කියලා “
‘මට එක හොඳ හේතුවක් දෙන්න ඇයි අපි මේ රටේ ඉන්න ඕනේ කියලා ?”
“මම ඔයාට දෙන්නම් දාහක් හේතු ඒකට” 
“එකක් විතරක් කියන්න”
“මට මගේ තාත්තව දාලා යන්න බැහැ. ඔයාට තවත් හේතු ඕනේද ?”
“ඒත් ඔයාගේ බිරිඳව දාලා යන්න පුළුවන් එහෙම නේද ?”
“කවද්ද මම ඔයාව අතහැරල ගිහින් තියෙන්නේ. ඔයාම නේ මාව මෙහාට එක්කගෙන ආවේ…මොකක්ද ඔයා කරේ? ඔයාටම නේ දික්කසාදයක් ඕනේ උනේ “
..
නෑ.. මේක මෙතනින් නතර වෙන්නෙ නෑ. සැමියක් සහ බිරිඳක් අතර ඇතිවෙන මේ ගැටලුව විසඳෙන්නෙ තව බරපතළ ගැටලුවකට ඉඩක් හදමින්. ඉන් පස්සෙ තව එකක්.. ඉන් පස්සෙ තවත් එකක්.. අවසානෙ පැටලිච්ච මහ නූල් බෝලයක්.
අත්භූත මිනීමරුවන්, බිහුසුණු රාක්ෂයන්, ලේ සෙළවෙන භයානක දර්ශන..චිත්‍රපටවල දකින කොට බියෙන් සංත්‍රාසයට පත්වෙන්න ඇති.. ඒත් “යථාර්ථය” කියන දේ ඇස් ඉස්සරහ මැවෙනකොට ඒක අර කල්පිත වලට වඩා දරාගන්න කොයිතරම් අමාරුද කියල දැනෙනව මේ චිත්‍රපටයෙන්. ඉරාන සිනමාකරු අස්ගර් ෆර්හාඩි ගේ A Separation චිත්‍රපටය මේ දශකයේ නිමවුණ විශිෂ්ටතම සිනමා නිර්මාණ අතරට ගැනෙන්නෙ ඒ නිසයි.

%d bloggers like this: