Menu Close

සිරියාව සහ තුර්කිය තවත් සංග්‍රාමයක් සඳහා සූදානම් වෙයි

syria-and-turkey-ramp-up-preparations-for-new-military-confrontation

සිරියානු හමුදාව සහ ඉරාන ප්‍රොක්සි හමුදා අමතර යුදෝපකරණ සහ සෙබලුන් දකුණු ඉඩ්ලිබ් සහ බටහිර ඇලෙපෝ හි ඉදිරි ආරක්ෂක වළලු වෙත යැවීය.ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව එම කණ්ඩායමට සන්නද්ධ රථ සහ යුද ටැංකි ඇතුලත්ය.ඒවා සරාකිබ්,කැෆ් ර් නබල් සහ උර්මා ඈස්-සුග්‍රා ප්‍රදේශවලට යවා තිබේ.පසුගිය මාර්තු මාසයේදී අවසන් වූ තුර්කි-සිරියා යුද්ධයේ බරපතලම ගැටුම් වාර්තා වූයේ මෙම ප්‍රදේශවලිනි.තුර්කිය සහ එහි ප්‍රොක්සි හමුදාද අලුත් යුද්ධයක් සඳහා සූදානම් වෙමින් සිටියි.

පසුගිය සතියේදී,යුද ටැංකි සහ MIM-23 හොක් නම් මැදි දුර ගුවන් ආරක්ෂක පද්ධති ආදිය රැගත් තුර්කි හමුදා රථ පෙළ හතරක් වත් ඉඩ්ලිබ් වෙත ලගා වී තිබෙන්නේ සටන් විරාමය ආරක්ෂා කිරීමේ සහ ත්‍රස්ත තර්ජනය මැඩලීමේ උවමනාව ඇතිවයි.නමුත් කිසිදු ගුවන් යානයක් නොමැති අල්කයිඩා ත්‍රස්තවාදීන්ට එරෙහිව,තුර්කිය ගෙන ආ ගුවන් ආරක්ෂක පද්ධති භාවිතා කරන්නේ කෙසේද යන්න තවමත් අභිරහසකි.

ට්‍රක් රථය ආවරණය කරගෙන රැගෙන ගිය MIM-23 හොක් මිසයිල පද්ධතිය සැබෑ පෙනුම දකුණුපසින් දක්වා තිබේ

ඊට සමගාමීව ඉඩ්ලිබ් සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍ර නිවේදනය කලේ,අන්කාරා රජය තුර්කි සෙබලුන්,විමුක්තිය සඳහා ජාතික පෙරමුණ සහ සිරියානු ජාතික හමුදාවේ සටන්කාමීන් ඇතුලත් අලුත්ම ඒකක පහක් පිහිටුවමින් ඇත.මෙම සටන්කාමීන් කණ්ඩායම් දෙකටම අරමුදල් සපයන්නේ සහ පුහුණුව ලබා දෙන්නේ තුර්කි රජයයි.අලුතින් පිහිටුවන ලද ඒකක මෙහෙයවන්නේ තුර්කි නිලධාරීන් වන අතර ඒවාට සිරියානු සටන්කාමීන් 9,000ක් සහ ඊට සමාන තුර්කි සෙබලුන් ගණනක් ඇතුලත්ය.එම්4 මාර්ගය සුරක්ෂිත කිරීම සහ එම ප්‍රදේශය හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ අන්තවාදීන්ගෙන් නිදහස් කර ගැනීම මෙම ඒකකවලට පැවරෙන කාර්යය වනු ඇතැ‍යි තුර්කියට පක්ෂපාතී මූලාශ්‍ර පවසයි.ඉන්පසුව,ජනපති එර්ඩොගන් සහ පුටීන් එකඟ වූ පරිදි ආරක්ෂිත කොරිඩෝරය ස්ථාපිත කර ඒකාබද්ධ තුර්කි-රුසියා මුර සංචාර ක්‍රියාත්මක කරාවි.නමුත් මෙහි තිබෙන ප්‍රශ්නය වන්නේ තුර්කිය පිහිටුවූ අලුත් ඒකකවල සිටින තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායම්,හයාට් ටරිර් අල්-ෂාම් සහ අල්කයිඩාවට සම්බන්ධ අනෙකුත් කණ්ඩායම්වල මිත්‍රයන් වීමයි.ඒ නිසා තුර්කි හමුදාව සමග යෙදවූ සටන්කාමීන් සිය මිත්‍රයන්ට එරෙහිව සටන් වැදීමට පෙළඹේ යැ‍යි අනුමාන කල නොහැකිය.

නමුත් මේ සම්බන්ධව සිරියානු රජයට පක්ෂපාතී මූලාශ්‍ර දරන්නේ වෙනස් අදහසකි.එනම් තුර්කිය පිහිටුවන ලද ඒකකවල චේතනාව වෙනෙකකි.සිරියානු හමුදාව සමග සිය ප්‍රොක්සි හමුදා සිදු කල අවසන් සටනේ කාර්ය සාධනය සම්බන්ධව අන්කාරා රජය ඉතා නොසතුටු වූ බව මූලාශ්‍ර පවසයි.ඒ නිසා තුර්කිය,සිරියානු භූමිය බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටීමට විරුද්ධව සටන් වදින කෲර අෂාඩ් රෙජිමයට බලවත් පහරක් එල්ල කිරීමට තුර්කිය දක්ෂ හමුදා කණ්ඩායම් නිර්මාණය කිරීමට අලුත් උත්සාහයක් දරයි.

තුර්කි ප්‍රොක්සි හමුදා සිරියාවේ ඊසානදිග ප්‍රදේශයේ සිය ක්‍රියාකාරකම් ඉහළ නංවා ඇත.මාර්තු 29දා සිරියානු ජාතික හමුදාව නම් සටන්කාමීන්ගේ සන්ධානයේ 20 වන සේනාංකය  සයිඩා ගම්මානය අසල කුර්දි සටන්කාමීන්ගේ ස්ථාන වෙත පහර දුන්නේය.තුර්කියට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ප්‍රහාරයෙන් මි.මී. 23 මැෂින් තුවක්කුවක් සවි කල ට්‍රක් රථයක් විනාශ වී,කුර්දි සටන්කාමීන් රැසක් මිය ගොස් තිබේ.තුර්කි ප්‍රොක්සි හමුදා තවමත් අයින් අල් ඊසා නගරය අල්ලා ගැනීමට බලාපොරොත්තු තබා ගෙන සිටිති.එම නගරය අත්පත් කර ගත හොත් එම් 4 මාර්ගයේ හරස් පාර සහ ටෙල් අබ්යාඩ්-රක්කා මාර්ගය පාලනය කල හැකිය.

එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය ඉරාකය සිය කුඩා කඳවුරු වලින් හමුදා ඉවත් කර ගනිමින් සිය හමුදා රැස් කරමින් සිටියි.අල්-කයිම් සහ අල්-කයිරා කඳවුරුවලින් ඉවත්ව යෑමෙන් පසුව ඔවුන් කිර්කුක් කේ1 කඳවුරද අතහැර දමන ලදි.ඉවත් කර ගන්නා සෙබලුන් යුදෝපකරණ ඉරාකය තුල තිබෙන අනෙකුත් කඳවුරුවලට අනියුක්ත කෙරෙනු ඇත.ඉන් ප්‍රධාන වන්නේ ටාජි කඳවුරයි.බැග්ඩෑඩ් රජයේ ඉල්ලීම නොසලකා හැරියද මේ දක්වා ඇමෙරිකානු සෙබලුන් රට හැර යන බවට කිසිදු සලකුණක් නොමැත.ඉරාකයේ සිටින ඇමෙරිකානු සෙබලුන් මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා කිරීම සඳහා පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති යෙදවීමට කටයුතු කරමින් සිටින බව පෙන්ටගනය නිවේදනය කලේය.

source:southfront.org

%d bloggers like this: