Menu Close

ප්‍රංශ-බ්‍රිතාන්‍ය ඒකාබද්ධ නෞකා නාශක මිසයිලය

franco-british-sea-venom-anti-ship-missile-passes-first-test

ප්‍රංශය සහ එක්සත් රාජධානිය ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ නිර්මාණය කල සී වෙනම් නම් නෞකා නාශක මිසයිල සිය පළමු ප්‍රහාරක පරීක්ෂාව පසුගිය පෙබරවාරි මාසයේදී සමත් වූයේ දෙරටට වැදගත් සැතපුම් කණුවකට ලඟා කරමින්ය.

යුරෝපානු මිසයිල නිෂ්පාදකයෙක් වන MBDA සමාගම මාර්තු 6දා නිවේදනය කලේ සිය නවතම නෞකා නාශක මිසයිල පෙබරවාරියේදී සාර්ථක පරීක්ෂාවට ලක් කර බවයි.

අත්හදා බැලීමේ සිදු කෙරුණේ ප්‍රංශයේ දීය.මිසයිල දියත් කිරීමට භාවිතා කලේ ප්‍රංශ ඩොල්පින් හෙලිකොප්ටරයකි.සමාගම පවසන පරිදි මිසයිලය දියත් කිරීමෙන් පසුව ඉලක්කය සඳහා අගුළු දැමීමටත්,දියත් කිරීමට මත්තෙන් ඉලක්කය සඳහා අගුළු දැමීමටත් හැකියාව තිබේ.

සී වෙනම් මිසයිලය ප්‍රංශ ඩොල්පින් හෙලිකොප්ටරයක් මගින් නිකුත් කල අයුරු

සී වෙනම් මිසයිලයේ ගමන් පථයේ අවසාන අධියරයේදී ඉලක්කය සලකුණු කිරීමට ගුවන් කාර්ය මණ්ඩලය යොදා ගත්තේ අධෝරක්ත කිරණ සොයා යන උපාංගයකින් ලබා ගත් ඡායාරූපයි.ඒවා සම්ප්‍රේෂණය කලේ ඩේටාලින්ක් එමගිනි.

MBDA සමාගම පවසන පරිදි මිසයිලයට ඉහළ උපධ්වනි වේගයකින් පියාසර කල හැකිය.එහි බර කිලෝග්‍රෑම් 110ක් වන අතර දිග මීටර් 2.5කි.Defense News වෙබ් අඩවියට අනුව මිසයිලයට රාත්තල් 66ක් බර අවි ශීර්ෂයක් දළ වශයෙන් සැතපුම් 12ක් දුරකට ගෙන යන්නට පුලුවනි.නමුත් නිශ්චිත දුර ප්‍රමාණය නොදනියි.මෙම අවිය නිර්මාණය කර තිබෙන්නේ කුඩා වෙරළාශ්‍රිත වේග ප්‍රහාරක යාත්‍රාවල සිට කොවෙට් වර්ගයේ යුද නෞකා දක්වා කුඩා ප්‍රමාණයේ යාත්‍රාවලට පහරදීමටයි.ඊට අමතරව ගොඩබිම් අවි/ගොඩනැගිලි ආදියට එරෙහිවද යොදා ගත හැකිය.

සී වෙනම් මිසයිලය ඉලක්කයේ ගැටීමට මොහොතකට පෙර

සී වෙනම් යනු අපගේ විශිෂ්ඨභාවයේ පූර්ණ වාසිය ලබාගත් පළමු ඇන්ගෝල්-ප්‍රංශ සහයෝගීතාවය ව්‍යාපෘතියයි.මේ සඳහා දෙරටේ පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණේ 2016 වර්ෂයේදීය. – MBDA සමාගම

බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ආණ්ඩුවල ඇ.ඩො.මිලියන 630ක ඒකාබද්ධ කොන්ත්‍රාත්තුවක් යටතේ මිසයිලය නිර්මාණය කිරීමට MBDA සමාගම සමග BAE Systems,එයාර්බස් සහ ලියනාඩෝ සමාගම් එක් විය.මෙම මිසයිලය සේවයට එක් වනු ඇත්තේ 2021 වර්ෂයේදීය.

2013 පැරිස් ගුවන් ප්‍රදර්ශනයේ තබා තිබූ FASGW-ANL(සී වෙනම්) මිසයිලයේ අනුරුවක්

janes.com වෙබ් අඩවියට අනුව විශාල සී ස්කුවා මිසයිලය වෙනුවට අලුත් සී වෙනම් මිසයිල ආදේශ කරාවි. සී ස්කුවා මිසයිලය 1972 වර්ෂයේ පටන් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව භාවිතා කරයි.රාජකීය නාවික හමුදාවේ AW-159 වයිල්ඩ්කැට් හෙලිකොප්ටරය සහ ප්‍රංශ නාවික හමුදාවේ ගුයැපර්ඩ් සැහැල්ලු ඒකාබද්ධ හෙලිකොප්ටරය සමග ක්‍රියාකිරීමට හැකි අයුරින් මිසයිලය සැලසුම් කර තිබේ.

source:sputniknews.com

%d bloggers like this: