Menu Close

චන්දිමාල් සහ සුරංග කොරෝනා සටනට එකතු වුන හැටි. (PHOTOS)

කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් අසීරුවට පත් තලංගම කොස්වත්ත ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට වියළි ආහාර සළාක මල්ලක් ලබාදීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මේජර් දිනේෂ් චන්දිමාල් පියවර ගෙන තිබෙනවා.

සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් තලංගම කොස්වත්ත ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම් ලාභී පවුල් 60කට ඔහු විසින් වියළි ආහාර සළාක බෙදා දීමට කටයුතු කරන ලදී.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදගම සහ තවත් දුෂ්කර ගම්මාන තුනක අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියළි ආහාර සළාක මලු බෙදාදීමට පියවර ගෙන ඇත.

සුරංග ලක්මාල් සහ ඔහු ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජය වන ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 450කට මෙලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දී තිබුණි.

Share with Friends

%d bloggers like this: