Menu Close

  කොරෝනා වෛරසයට ඒ නම ලැබුනේ කෙසේද සහ, හිරුගේ රශ්මි කදම්භය.  

f0070229-coronavirus_artwork-sp 2කොරෝනා යනු, සූර්යයා සහ අනෙකුත් තාරකා වල රශ්මි කදම්භයයි. ‘කොරෝනා’ යන වචනය ලතින් වචනයකි. එහි තේරුම ‘ඔටුන්න’ (korōnē, “garland, wreath”) වේ. හිරුගේ ඇස් අන්ධ කර දීප්තිය නිසා මේ කොරෝනාව සාමාන්‍ය අවස්ථාවක දැකිය නොහැක. ග්‍රහණ අවස්ථාවක හිරු පෘෂ්ටය මුවහ වන විට ඒ රශ්මිය දැකිය හැක. එසේ මුවහා කරන ලද හිරු සහ කොරෝනා වෛරසයේ පින්තූර වල සමාන කමක් ඔබ නොදකින්නේද? 

හිරු ගේ රශ්මි කදම්භය කිලෝ මීටර් මිලියන ගණනාවක් හිරු පෘෂ්ටයේ සිට බාහිර දෙසට ගමන් කරන අතර එය හොඳින් නිරීක්‍ෂණය කල හැක්කේ සම්පූර්ණ සූර්ය ග්‍රහණයක දීය. එම සම්පූර්ණ සූර්ය ග්‍රහණය වන අවස්ථාවේ ඇති වන ‘Lunar modes’ යන්නද මෙහි සැළකිය යුතු කාරණයකි. එය ඉතා කෙටියෙන් කිවහොත් මෙසේය.

පොළවේ සිටින අපට හිරු පොළව වටා යන්නාක් සේ පෙනේ. ඒ ගමන් මාර්ගය වසරේ ඒ ඒ දිනය අනුව වෙනස් වේ. එසේම සඳ පොළව වටා ගමන් කරයි. මේ පථයන් දෙකෙන් ඇති කරන තල දෙක ස්ථාන දෙකකදී කැපේ. එම ස්ථාන වලට කියන්නේ Lunar modes කියාය. එය කැපෙන මොහොතේ අපට ග්‍රහණයන් පෙනේ. එනම් එම අවස්ථාවේ පූර්ණ සූර්ය ග්‍රහණයක් වන්නේ නම්, හිරු සඳු දෙදෙනාම ඇත්තේ මේ Lunar modes වල වේ. පොළවේ සිට අඳින ලද රේඛාවක එකම අංශකයේ හිරු සඳු ඇත.

ඉහත කී කොරෝනා හෙවත් හිරුගේ රශ්මි කදම්භය අපට හොඳින්ම පෙනෙන්නේ, එසේ සූර්ය ග්‍රහණයකදී හිරු සහ සඳු මේ Lunar modes වල සිටින විටදීය.  

හිරු ගේ පෘෂ්ටයේ උෂ්ණත්වයට වඩා ඉන් නික්මෙන රශ්මි කදම්භයේ උෂ්ණත්වය ඉතා වැඩිය. හිරු පෘෂ්ටය කෙල්වින් 5800ක පමණ උෂ්ණත්වයක් ඇති අතර කොරෝනා වේ උෂ්ණත්වය, කෙල්වින් මිලියන තුනක් පමණ වන්නේය. බාහිරව ඇති කොරෝනා රශ්මි කදම්භය හිරුගේ චුම්භක ක්ෂේත්‍රය මගින් වන බලපෑම හේතුවෙන් සැම විටම විචලනය වේ. ඒ අනුව ඇතිවන බලපෑම හිරු සුළං හෙවත් Solar wind සේ හැඳින්වේ.

මේ අතර, මෙම කොරෝනා වචනය ලෝකයට ප්‍රසිද්ධ වීමට තවත් හේතුවක් ඇත. එය නම් මුලින්ම මෙක්සිකෝවේ නිෂ්පාදනය කල ‘කොරෝනා ‘ නම් බියර් වර්ගය වේ. නමුත් එහි සහ කොරෝනා වෛරසයේ කිසි සම්බන්දයක් නැත. එකම නම වීම හේතුවෙන් කොරෝනා බියර් නිෂ්පාදනයට වී ඇති ආර්ථික අහේනිය නම් අති විශාල වේ. 

කොරෝනා වෛරස් යන්න සාර්ස් [SARS], මර්ස් [MERS] සහ කොවිඩ්-19 [COVID-19] රෝග සඳහා පොදු වදනකි. ක්වීන්ස්ලන්ඩ් හෙල්ත් [Queensland Health] යන ආයතනයට අනුව කොරෝනා වෛරසය දෙස ඉලෙක්ට්‍රන් අන්වීක්ෂයකින් බැලූ විට පෙනෙන්නේද ‘ඔටුන්නක්’ වැනි ස්වභාවයකිනි. 2020 පෙබරවාරි මස, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් COVID-19 සේ ඊට නම් දෙන ලදී. CO යන්නෙන් කොරෝනා යන්නද, VI යන්නෙන් වෛරසයද D යන්නෙන් රෝග හෙවත් ඩිසීස් [Decease] යන්න දැක්වේ. 19 යනු වසර 2019 වේ.       

දැන් කොරෝනා සේ කියන්නේ හිරු ගේ රශ්මි කදම්භය බව අප දනිමු. මෙතනින් එහාට කියන්න ඇත්තේ තර්කයට ගෝචර නොවන දෙයකි.

සූර්ය ග්‍රහණ මිනිසාට අහිතකර බවත්, ඒ ග්‍රහණය වන අවස්ථාවේ ඇති ග්‍රහ චාරය අනුව මිනිසාට සිදු වන විපත් පෙන්වන බවත් කියැවේ. දැන් ඉහත දෙවන චේදයේ Lunar modes යයි දෙයක් කියා ඇත. පුරාණ වේදයේ මේවා හැඳින්වෙන්නේ රාහු සහ කේතු ලෙසිණි. පූර්ණ සූර්යග්‍රහණයක් වන සැම විටම හිරු සඳු සහ කේතු එකම ස්ථානයේ පවතී. නමුත් හිරු ඇතුළු ග්‍රහයන් හතර දෙනෙක්, ජ්‍යෝතිෂය අනුව රෝග පෙන්වන කේතුගේ තාරකා පන්තියක 2019 දෙසැම්බර් 26 දින පතිත වූයේ ඇයි ?

ඒ රශ්මි කදම්භය හෙවත් කොරෝනාව සහ කොරෝනා වෛරසයට එකම නමක් පැමිණියේ ඇයි ? එය අහඹු සිදුවීමක් වෙන්නට බොහෝ ඉඩකඩ ඇත.

ග්‍රීක ‘කොරෝනා’ වචනය ඒ සිදුවීම විස්තර කරන බව අප දනිමු. එය එසේ නම්, හිරුගේ රශ්මි කදම්භය පෘතුවියට වැටීමට බාධා කල 2019 දෙසැම්බර් මස 26 දින සිදු වූ, අප දුටු අවසාන පූර්ණ සූර්ය ග්‍රහණය මගින් මිනිසාට පැමිණෙන විපත්තියක්, එනමින්ම නිහඬ බසකින් සංකේතාත්මකව ස්වභාව ධර්මය විසින් අපට පෙන්වා දුන්නේද ? 

ඒ නිහඬ බස හඳුනාගත හැක්කේ කෙසේද ?

https://www.ktvu.com/news/how-did-coronavirus-get-its-name

%d bloggers like this: