Menu Close

ක්‍රස්නොපල් කාලතුවක්කු අවි පද්ධතිය|පැහැදිලි කිරීම

krasnopol-artillery-weapon-system-explained

මෙය කාලතුවක්කුවකින් නිකුත් කරන,වරල වැනි ව්‍යුහ මගින් සංතුලනය කරන,දුර ප්‍රමාණය දීර්ඝ කල,අර්ධ ස්වයංක්‍රීය ලේසර් මගින් මාර්ගය සොයා ගන්නා රුසියානු කාලතුවක්කු පද්ධතියකි.ක්‍රස්නොපල් අවි පද්ධතිය සැලසුම් කරන ලද්දේ චලනය වන සහ නිශ්චල ඉලක්ක වෙත නිරවද්‍යව පහර දීම සඳහාය.

නියාමක උණ්ඩය ස්වයක්‍රීයව ඉලක්කය සොයා යන්නේ එය එල්ල වන ලේසර් ප්‍රදීප්තිය ප්‍රතිග්‍රහණය කර ගනිමින්ය.

ක්‍රස්නොපල් අවි පද්ධතියේ කොටස්

වැඩි දුරක් ලබා ගැනීමට එය සතු ගෑස් ජෙනරේටරයක් සහ වැඩි දියුණු කල වායුගතික වින්‍යාසයක්ද තිබේ.තවද මෙය අයහපත් කාලගුණික තත්ත්ව යටතේ සහ රාත්‍රී කාලයේද භාවිතා කල හැකිය.මෙම උණ්ඩයක් මි.මී. 152 සහ මි.මී.155 ඇදගෙන යන කාලතුවක්කු සහ ස්ව-බලයෙන් ක්‍රියාත්මක හොවිත්සර මගින් නිකුත් කෙරේ.

ක්‍රස්නොපල් අවි පද්ධතිය භාවිතා කල හැකි කාලතුවක්කු අවි

තනි ලේසර් මාර්ගෝපදේශකයෙක් යොදාගෙන එක් ඉලක්කයක් මතට උණ්ඩ එකකට වැඩි ගණනක් වුවද එල්ල කිරීමේ හැකියාව ක්‍රස්නොපල් පද්ධතිය සතුය.මෙහිදී ඉලක්කය සපයන්නේ ගොඩබිම සිටින කාලතුවක්කු නිරීක්ෂකයෙක් හෝ ඩ්‍රෝන් යානයක් මගිනි.

ඉලක්කය සලකුණු කරන ගොඩබිම් නිරීක්ෂක කණ්ඩායමක්

උණ්ඩයේ අවි ශීර්ෂය අධි බල පුපුරණද්‍රව්‍ය සහිත ඛණ්ඩනීකරණ මාදිලියේ එකකි.මේ හරහා යුද ටැංකි වැනි දැඩි සන්නාහයක් සහිත සන්නද්ධ රථ විනාශ කිරීමට අවස්ථාව ලැබේ.එවැනි රථ වල කොතෙහි වහලය හෝ කොතෙහි මුදුන සඳහා යොදා තිබෙන්නේ සාපේක්ෂව ඝනකමින් අඩු සන්නාහයකි.මීට හේතුව වන්නේ විවෘත සංග්‍රාම භූමියක් තුල යුද ටැංකියක වහලය මතට ප්‍රහාරයක් එල්ල කිරීම අපහසුවයි.ඒ නිසා වහලය කොටසේ සන්නාහය තුනීය.නමුත් ක්‍රස්නොපල් අවි පද්ධතියේ උණ්ඩයක ගමන් පථයේ අවසන් භාගයේදී එය ලබා ගන්නා බෑවුම හේතුවෙන් යුද ටැංකියක වහලය මතට සෘජු ප්‍රහාරයක් එල්ල කරන්නට වැඩි ඉඩක් තිබේ.

ක්‍රස්නොපල් පද්ධතිය සඳහා යොදා ගන්නා විශේෂිත උණ්ඩය

උපරිමව පැයට කිලෝමීටර් 36ක වේගයකින් ගමන් කරන ඉලක්ක වෙත නිරවද්‍යව පහර දීමට මෙම කාලතුවක්කු අවි පද්ධතිය සැලසුම් කර ඇත.එහි මෙහෙයුම් පරාසය කි.මී. 25කි.

රුසියානු හමුදාව මෙම අවි පද්ධතිය තම සිරියානු යුද ව්‍යාපාරයේදී සක්‍රීයව භාවිතා කරයි.

නැගෙනහිර යුක්‍රේනයේ ගැටුම් වලදී යුක්‍රේන හමුදාවට එරෙහිව කැරලිකරුවන් ක්‍රස්නොපල් අවි පද්ධතිය යොදා ගත් බවද වාර්තා විය.

source:southfront.org

%d bloggers like this: