Menu Close

බාසිලෝනා ක්‍රීඩකයින් සිය වැටුප කොරනා මර්ධනයට යොදවයි.

කොරෝනා වෛරසයෙන් දරුණු ලෙස පීඩාවට පත්ව ඇති ස්පාඤ්ඤයේ සුප්‍රකට බාසිලෝනා පාපන්දු සමාජයේ ක්‍රීඩකයන් සිය වැටුපෙන් සියයට 70ක් කොරෝනා වෛරස් මර්දන කටයුතු සඳහා ලබාදීමට තීරණය කර තිබෙනවා.

බාසිලෝනා නායක ලයනල් මෙසී සඳහන් කළේ මෙය සුවිශේෂී අවස්ථාවක් ලෙස සලකා කටයුතු කිරීමට සූදානම් බවයි.

ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් නොවන අනෙකුත් කාර්ය මණ්ඩලවලට සම්පූර්ණ වැටුප ලබාදීම සඳහා මූල්‍ය දායකත්වයක් දැක්වීමට ද බාසිලෝනා ක්‍රීඩකයන් සූදානම්.

Share with Friends

%d bloggers like this: