Menu Close

ඩේල් ස්ටේන් T20 වලින් හැලෙයි.

ලෝක කුසලාන විස්සයි-20 තරගාවලියත්, ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය සහ ඉදිරි වසරක කාලය සදහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ලැයිස්තුව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය මඟින් පහුගිය දා (29) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහිදී වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් අදාළ කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව නොතිබීම විශේෂත්වයක්. තවද වේගපන්දු යවන ක්‍රීඩක බියුරාන් හෙන්ඩ්‍රිකස්ට පළමු වරට එරට පූර්ණ ක්‍රීඩක කොන්ත්‍රාතුවක් මෙහිදී හිමිව තිබීමද කැපී පෙනෙන සිදුවීමක්.

ඒ අනුව බියුරාන් හෙන්ඩ්‍රික්ස්, ඇන්රිච් නොට්ජේ, ඩිවේන් ප්‍රිටෝරියස් සහ රෙසී වැන් ඩර් ඩුසේන් මෙලෙස පූර්ණ ක්‍රීඩක කොන්ත්‍රාතුව හිමිවූ ක්‍රීඩකයින් 16 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත්ව තිබෙනවා.

මෙම කණ්ඩායම ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය, ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය, දකුණු අප්‍රිකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචාරය, පාකිස්තාන සහ ඉන්දීය විස්සයි-20 තරග සංචාරය, බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සහ දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී අදාළ ගිවිසුමට අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් තමන්ට පූර්ණ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අහිමි වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් පවසා තිබුණේ මෙය යුගයක නිමාව වශයෙන් සැළකිය යුතු නැති බවයි.

Share with Friends

%d bloggers like this: