Menu Close

කුර්දි සටන්කාමීන් උතුරුදිග සිරියාවේ නවතම ත්‍රාසජනක ක්‍රීඩාවක් ආරම්භ කරයි

kurdish-militias-start-new-dangerous-game-in-northern-syria

තුර්කි හමුදා සහ සිරියානු හමුදාවට එරෙහිව ක්‍රියාත්මක වන ඉස්ලාමීය පළිගැනීමේ ව්‍යාපාරය නම් සන්නද්ධ කණ්ඩායමක් උතුරු සිරියාවේ පවතින බව නිවේදනය කරන ලදි.එම කණ්ඩායම මාර්තු 20දා නිකුත් කල වීඩියෝ පණිවුඩයට අනුව ඔවුන් 2019 වර්ෂය තුල ප්‍රහාර 118ක් සිදු කර තුර්කි හමුදා නිලධාරීන් 13ක්,තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් 187 සහ රජයට පක්ෂපාතී සටන්කරුවන් 24 දෙනෙක් මරා දමා තිබේ.තව දුරටත් තුර්කි කෲර පාලනයට සහ අෂාඩ් රෙජිමයට එරෙහිව 2020 වර්ෂයේදීද සටන් කරන්නේ යැ‍යි එම කණ්ඩායම පවසයි.නමුත් ඔවුන්ගේ ප්‍රකාශ අතිශය ප්‍රශ්නකාරීය.මන්ද ඉස්ලාමීය පළිගැනීමේ ව්‍යාපාරය ඉදිරිපත් කරන ප්‍රහාර සහ ඝාතන තහවුරු කිරිමට කිසිදු සාක්ෂියක් නොසපයයි.

ඉහත කී කණ්ඩායමේ වීඩියෝව මුලින්ම නිකුත් කරන්නේ කුර්දි සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍රයයි.ඒ මෙම කණ්ඩායම හිටපු අල්කයිඩා සාමාජිකයන්ගෙන් සමන්විත බව සඳහන් කරමින්ය.ඔවුන් මෙම කණ්ඩායමේ නායකයා ලෙස හඳුන්වා දුන්නේ අබු ඔසාමා අල්-ෂාමි යන නමින්ය.සිරියානු විපක්ෂය සහ අල්කයිඩාවට පක්ෂපාතී මූලාශ්‍ර පවසන පරිදි මෙවැනි සන්නද්ධ කණ්ඩායමක් නොමැත.එම මූලාශ්‍රවලට අනුව මෙම වීඩියෝව,කුර්දිස්ථාන කම්කරු පක්ෂය සහ කුර්දි මහජන ආරක්ෂක ඒකක සිය ක්‍රියාවන් සැඟවීමට උදෙසා නිකුත් කල එකක් බවයි.උතුරු සිරියාවේ දී තුර්කි හමුදාවට සහ් සිරියානු හමුදාවට එරෙහිව සෘජු කලහයකට යෑමට ඉහත කී කුර්දි කණ්ඩායම් දෙකම අකමැතිය.නමුත් පොදු සමාජය තුල කුර්දි මහජන ආරක්ෂක ඒකක,කෲර අෂාඩ් රෙජිමයේ සහ එර්ඩොගන් නම් ආක්‍රමණිකයාගේ පීඩිතයා යන භූමිකාව නිරූපනය කරයි.සත්‍යය වන්නේ අෆ්රින් හි තුර්කි සෙබලුන් සහ ඔවුන්ගේ ප්‍රොක්සි හමුදා සටන්කාමීන්ට පහර දීම සඳහා අෆ්රින් විමුක්ති බලකා නමින් කණ්ඩායමක් කුර්දි පාර්ශ්වය දැනටමත් නිර්මාණය කර තිබෙන බවයි.කුර්දි මහජන ආරක්ෂක ඒකකවල අණදෙන නිලධාරීන් සහ සාමාජිකයෝ විශාල පිරිසක් කුර්දිස්ථාන කම්කරු පක්ෂයට සම්බන්ධතා ඇති අය යන කරුණ නොසලකා හරිමින් තුර්කිය පදනම් කරගත් කුර්දිස්ථාන කම්කරු පක්ෂය පවසන්නේ උතුරු සිරියාව තුල තම කඳවුරු සහ සටන්කරුවන් නැතැයි කියාය.

ඉරානය දකුණු ඩැමැස්කස් හි සිය යුද ශක්තිය වැඩි කල බව වාර්තාවේ.විපක්ෂයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව,සෙට් සයිනාබ් නම් ෂියා මුස්ලිම් බහුතරය වාසය කරන ප්‍රදේශය ඉරානයට පක්ෂපාතී හමුදා හි බලකොටුවක් බවට පත් ව තිබේ.සිරියානු රජයේ මූලාශ්‍ර මෙම වාර්තා ප්‍රතික්ෂේප කරයි.

මාර්තු 26දා පස්වරුවේ,ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයට අයත් ඩ්‍රෝන් යානයක් බිම හෙළුවේ එය ඊශ්‍රායල ගුවන් අවකාශය උල්ලංඝනය කලේ යැයි චෝදනා කරමින්ය.ඊශ්‍රායල හමුදාව නිකුත් කර තිබූ ඩ්‍රෝන් යානයේ ඡායාරූපයේ පරිදි බිම හෙළා තිබෙන්නේ වෙළඳපොලේ  මිලදී ගත හැකි ස්කයිවෝකර් එක්ස්8 නම් ඩ්‍රෝන් යානයක දේශීයව වෙනස්කම්වලට භාජනය කල මොඩලයකි.මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම් මෙවැනි වාණිජමය ඩ්‍රෝන් යානා සංග්‍රාමික කටයුතු සඳහා අවශ්‍ය පරිදි වෙනස්කම්වලට ලක් කර භාවිතා කරයි.සමහරක් යානා කුඩා ප්‍රමාණයේ බෝම්බ හෙළන්නටත්,ඔත්තු බැලීමටත් යොදා ගනියි.

ඊශ්‍රායලය බිම හෙළු හිස්බුල්ලා සංවිධානයේ ඩ්‍රෝන් යානය

ඉරාකයේ අල්-කයිරා ගුවන් හමුදා කඳවුරෙන් ඇමෙරිකාව සිය හමුදා ඉවත් කර ගෙන එය ඉරාක හමුදාව පවරා දී තිබේ.කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගන්නා ලද ආරක්ෂක ක්‍රියාමාර්ගයක් වශයෙන් කඳවුරෙන් සන්ධාන හමුදා සෙබලුන් ‘තාවකාලිකව’ ඉවත් කර ගන්නා බව සන්ධාන හමුදාවේ ප්‍රකාශක කර්නල් මයිල්ස් බී.කගින්ස් 3 පැවසුවේය.එම කඳවුරේ සෙබලුන් 800 පමණ සහ ඇමෙරිකානු ඩො.මිලියන 1.7ක යුදෝපකරණ යොදවා තිබිණි.මාර්තු මාසය තුල ඇමෙරිකානු හමුදා අතහැර දැමූ දෙවන වැදගත්ම හමුදා පහසුකම වන්නේ අල්-කයිරා කඳවුරයි.පසුගිය සතියේදී ඔවුන් අල්-කයිම් කඳවුරෙන් ඇමෙරිකානු සෙබලුන් ඉවත් කර ගත්හ.මෙම ඉවත් වීම් වලට හේතුව ලෙස ඇමෙරිකානු පාර්ශ්වය සපයන්නේ කොවිඩ්-19 වසංගතය සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පරාජයයි.නමුත් ප්‍රාදේශීය මූලාශ පවසන්නේ මහා පරිමාණ මෙහෙයුමකින් තොරව සාර්ථකව මැඩපවත්වන්නට නොහැකි,ඉරාකය පුරා ඇමෙරිකානු හමුදාවන්ට එල්ල වන ප්‍රහාර වර්ධනය විම ඊට සැබෑ හේතුව බවයි.

source:southfront.org

%d bloggers like this: