Menu Close

කල් දැමු ඔලිම්පික් උළෙල නැවත පවත්වන දවස ප්‍රකාශ කරයි.

මෙම වසරේදී පැවැත් වීමට නියමිතව තිබු ටෝකියෝ ඔලිම්පික් උළෙල කොරෝනා වසංගතය හේතුවෙන් කල් දමනු ලැබුවා. කල් දැමු ඔලිම්පික් උළෙල 2021 ජූලි 23 වනදා ආරම්භ කාන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය එම වර්ෂයේ අගෝස්තු 8 දක්වා පැවැත් වීමට නියමිතයි.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලය සඳුදා රැස්වී මෙම තීරණය ගෙන තිබෙනවා. 2021 වර්ෂයේදී එය පැවැත් වුනත් “ටෝකියෝ 2020” ඔලිම්පික් උළෙල ලෙසම එය හදුන්වනු ලබනවා.

පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2020 අගෝස්තු 24 වන දින ආරම්භ වීමට නියමිතව තිබූ අතර දැන් එය 2021 අගෝස්තු 24 සිට සැප්තැම්බර් 5 දක්වා පැවැත් වීමට තීරණය කර තිබෙනවා.

.

Share with Friends

%d bloggers like this: