Menu Close

වීඩියෝ වාර්තාව:රුසියානු ජීවවිද්‍යාත්මක,රසායනික ආරක්ෂක බලකා පුහුණුවන අයුරු

russian-biological-chemical-protection-troops-conduct-training

නව කොරෝනා වෛරසය සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රුසියාව තුල වෛරසය මර්ධනය සඳහා එරට ආරක්ෂක අමාත්‍යාංශය සිය උපරිම උත්සාහය දරමින් සිටියි.බෝවන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මොඩියුල මාදිලියේ මධ්‍යස්ථාන 16 මැයි මස 15 වෙද්දී ඉදි කරන්නට බලාපොරොත්තු වන බව ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

රුසියානු හමුදාවේ න්‍යෂ්ඨික,ජීව විද්‍යාත්මක සහ රසායනික ආරක්ෂක ඒකක පසුගියදා අභ්‍යාස මාලාවක නිරත වූයේ කොරෝනා වෛරස ඇතුලුව බරපතල වසංගත සමග සටන් වැදීම සඳහාය.අභ්‍යාස මාලාව මාර්තු මස 25දා ආරම්භ වූ අතර එය අවසන් වූයේ මාර්තු 28දාය.

මෙහි අරමුණ වූයේ කොරෝනා වෛරසවලට එරෙහිව සටන් කිරීම සඳහා හමුදාවේ සූදානම වර්ධනය කිරීම යැ‍යි රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේය.

මාස තුනකට අඩු කාලයකදී රුසියාවට කොරෝනා වෛරස පැරදවීමේ හැකියාව තිබේ යැයි රුසියානු ජනපතිවරයා ප්‍රකාශ කලේය.වසංගතය සමග සටන් වැදීමේදී රුසියාව ගන්නා ලද ක්‍රියාමාර්ග එරට සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෝ ප්‍රශංසාවට ලක් කලහ.

කෙසේවෙතත් මාර්තු 30 වෙද්දී රුසියාවේ කොරෝනා ආසාදිතයන් ගණන 1,500 ඉක්මවා ගියේ මරණ ගණන 8 දක්වා ඉහළ දමමින්ය.

 source:sputniknews.com

%d bloggers like this: