Menu Close

රුසියානු සැඟවුණු වෙඩික්කරුවන්ට හෙලිකොප්ටර් බිම හෙළන්නට අවස්ථාව ලබාදෙන ස්නයිපර් රයිෆලය

1990 දශකයේ අග භාගයේදී නිර්මාණය කල ඩෙටෙයාරෙව් නම් ස්නයිපර් රයිෆලය රුසියානු සන්නද්ධ හමුදාවන්හි සේවයට එක් කර ගැනෙන්නේ 2013 වර්ෂයේදීය.නාඳුනන මූලාශ්‍රයක් උපුටා දක්වමින් ඉස්වෙස්ඩියා ඩේලි පුවත්පත සඳහන් කරන්නේ ඩෙටෙයාරෙව් නැතහොත් ASVK ස්නයිපර් රයිෆලය යොදාගෙන දැන් රුසියානු හමුදාවේ සැඟවුණු වෙඩිකරුවන්ට රැකසිට පහරදීමකදී සතුරු හෙලිකොප්ටර් යානා බිම හෙළීමට හැකියාව තිබේ යැ‍යි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසූ බවයි.

පසුගිය කාලයේ සැඟවුණු වෙඩිකරුවන්ගේ අභ්‍යාසවලදී අවිවලින් සන්නද්ධ සෙබලුන් මෙම අලුත් උපක්‍රමය අත්හදා බැලුවෝය.

මධ්‍යම හමුදා දිස්ත්‍රික්කයේ සැඟවුණු වෙඩිකරුවන් මි.මි. 12.7 ASVK ස්නයිපර් රයිෆල් සහ VSS-M රයිෆල් භාවිතා කර නාගරික ප්‍රදේශවල පුහුණුව ලබන අයුරු.ඔවුන් මෙහිදී මීටර් 900 දක්වා දුරින් තිබෙන ඉලක්ක වෙත අවධානය යොමු කරයි.

රුසියානු පැරෂූට් හමුදා භටයින්ගේ එකමුතුවේ නියෝජ්‍ය ප්‍රධානී කර්නල් වැලෙරි යුරියෙව් පැවසූ පරිදි විශාල බැරලයක් සහිත මෙම ස්නයිපර් රයිෆලය මගින් සෙබලුන්ට කිලෝ මීටර් 2ක් තරම් දුරක සිට නිවැරදිව වෙඩි තැබීමට ඉඩ ලැබෙන බවයි.

 රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සහ අනෙකුත් හමුදා නිලධාරීන් ඩෙටෙයාරෙව් රයිෆලයක් නිරීක්ෂණය කරන අයුරු

මි.මී. 12.7 වන එහි බැරලය නිසා උණ්ඩවලට සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථ,පාබල හමුදා ප්‍රහාරක රථ හෝ වාසර සංග්‍රාමික යානා හි සන්නාහය බිදගෙන යෑමට හැකියාව තිබේ යැ‍යිද කර්නල්වරයා සඳහන් කලේය.ඔහු පවසන පරිදි රයිෆලය සඳහා භාවිතා කරන උණ්ඩ පහසුවෙන් හෙලිකොප්ටර් යානා වල සන්නාහය මෙන්ම එහි නියමු කුටියේ ආරක්ෂක වීදුරු පවා විනිවිද යා හැකිය.

 රුසියානු සෙබලුන් ඩෙටෙයාරෙව් ස්නයිපර් රයිෆලය යොදාගෙන පුහුණු අභ්‍යාසවල නිරත වන අයුරු

 

කෙසේවෙතත් අධිවේගී ඉලක්ක වෙත අහඹු ලෙස වෙඩි තැබීම ඵලදායී නොවන බවත්,වෙඩි තැබීමට ස්ථානයක් තෝරාගෙන එතැන සිට නිරවද්‍යව වෙඩි තැබීම සිදු කිරීම ඉතා වැදගත් වන බවත් හමුදා නිලධාරියා පවසයි.

ඩෙටෙයාරෙව් ස්නයිපර් රයිෆලයේ කොකා ස්ථාපනය කර තිබෙන්නේ මැගසිනයට සහ වෙඩි තැබීමේ යාන්ත්‍රණයට ඉදිරියෙනි.

සිරියානු යුද්ධයේදීත් ඩෙටෙයාරෙව් රයිෆලය භාවිතා කරනු අයුරු දැකගත හැකි විය

ඒ හරහා රයිෆලයේ සම්පූර්ණ දිග සැලකිය යුතු ලෙස අඩු කර තිබෙන අතර බැරලයේ දිග මගින් රයිෆලය වඩාත් සංයුක්ත කර තිබේ.

source:sputniknews.com

 

%d bloggers like this: