Menu Close

ඔලිම්පික් රන් පදක්කම් ලාභී පිහිනුම් ශූරයාට කොරෝනා වැළඳෙයි.

ඔලිම්පික් රන් පදක්කම්ලාභී දකුණු අප්‍රිකාවේ කැමරන් වැන් ඩර් බර්ග්ට කොරෝනාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.

ක්‍රීඩා ජීවිතයෙන් විශ්‍රාම ගෙන මේ වනවිට ලන්ඩනයේ තෙල් ගවේෂකයකු ලෙස සේවය කරන වැන් ඩර් බර්ග් ජීවිත ගමනේදී තමා මුහුණ දුන් අපහසුම සිදුවීම මෙය බවත්, මෙම වයිරසය සමඟින් තමන් සටන් වදින බවද පෙන්වා දී තිබේ.

2012 වසරේදී ලන්ඩනයේදී පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ළයආර ඉසව්වේදී රන් පදක්කමත්, 2016 වසරේදී බ්‍රසීලයේදී පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ළයආර ඉසව්වේ රිදී පදක්කමත් ඔහු විසින් දිනා තිබිණි.

Share with Friends

%d bloggers like this: