Menu Close

අසරණ මිනිසුන්ට සංගා සහ මහේල කළ උදව්ව. (PHOTOS)

ස්වයං නිරෝධායනය අවසන් කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, හිටපු නායක මහේල ජයවර්ධන සමගින් එක්ව පවුල් 7000කට වියළි ආහාර සළාක බෙදා දීමට පියවර ගෙන තිබෙනවා.

අතිශය දුෂ්කර මෙම කාල සීමාව තුළ උතුරු ප්‍රදේශයේ මෙන්ම ඊට අමතරව කෑගල්ල සහ රුක්මල්ගම ප්‍රදේශවල පවුල් 7000ක් පමණ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහාය ඇතිව අවශ්‍යතා ඇති අය තෝරාගනිමින් මෙම වියළි සලාක පරිත්‍යාගය සිදු කර තිබෙනවා.

පළමු වටයේදී වියළි ආහාර සළාක ඇසුරුම් 5000ක්ද අනතුරුව තවත් ඇසුරුම් 2000ක්ද පරිත්‍යාග කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, එක්සත් රාජධානියේ සිට ආපසු පැමිණීමෙන් පසු සිය ස්වයං නිරෝධායන කාලය අවසන් කරමින් මෙම සද්කාර්‍යයට හවුල් වී තිබෙනවා.

Share with Friends

%d bloggers like this: