Menu Close

කොවිඩ් සහ පරාරෝපණයෙන් මිදීම

91494692_519588352078769_4118013427929055232_n

ජිජැක් ගේ ලිපියේ මූලික සාරාංශය මෙසේ ය.

  • ජිජැක් වැනි අය ගෙදරට වී හුදෙකලාවේ ලියන කියන වැඩ කරගෙන සිටීමට කැමැති අයයි. එවැනි අය මෙසේ නිවාස අඩස්සියේ සිටීමට කැමති විය යුතුය. නමුත් පුදුම සහගත ලෙස මෙය දැනෙන්නේ එසේ නොවේ. මෙය තේරුම් ගැනීම සඳහා අප ‘නිශේධය’ පිළිබඳව හේගලියානු පාඩම සිහිපත් කළ යුතුය. අප ප්‍රායෝගිකව එළි මහනේ ඇවිද ගියේ නැති වුවත් එය අපේ පැවැත්මේ වියහැකිබවක් ලෙස තිබීම අවශ්‍ය වෙයි. දැන් අහිමි වී තිබෙන්නේ අපේ එම වියහැකි බවයි. එම නිසාම දැන් අපට පෙර සේ පහසුවෙන් හුදෙකලාවේ නිවසට වීසිටින්නට නොහැක.
  • සත්‍යවශයෙන්ම එවැනි අයට සිය දෛනික ජීවිතයේ කුඩා වෙනස් වීම් වලින් ඇති වන සහනයක් හෝ හිමි වන්නේ නැත. එම නිසා අප කුඩා කුඩා ‘චාරිත්‍ර’ මගින් ජීවිතය කාර්යබහුල කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එය ඔබ කැමති චිත්‍රපට, නාට්‍ය, යූටියුබ් වීඩියෝ ආදිය නැරඹීම විය හැකිය.
  • නමුත් මේ සමගම ඔබට කළ යුතු දේ කුමක්ද කියා වඩා නිශ්චිත අදහසක් ද තිබේ. ඒ අතර ඒ වෙනුවෙන් කාලය යොමු කරන්න උත්සාහ කරන්න. දැන් අප එකිනෙකාට ආදරය කරන්නේ, දරුවන් බලා ගන්නේ, වීඩියෝ සම්මන්ත්‍රණ මගින් අපේ වෘත්තීය වගකීම් ඉටු කරන්නේ, මෙයින් පසුව පැමිණීමට නියමිත සතුටක් වෙනුවෙන්ම නොවේ. සත්‍ය වශයෙන්ම මෙයින් පසුව ‘සැබෑ පරිපූර්ණ’ සතුටක් අපට ලැබෙයි ද කියා අප කිසිවෙක් දන්නේ නැත.
  • නමුත් එම නිසාම අප කරනා දේ සඳහා මේ මගින් සැබෑ වටිනාකමක් ද ලැබේ. අප මේ දේ කරන්නේ මේ දේ කිරීම මගින් පසුව ලැබෙන වාසියක් නිසා නොවේ. ඒ වෙනුවට මෙය කරන්නේ මේ දේ කිරීම අපගේ වගකීම වන නිසාය.
  • විශ්මයජන ලෙස, පැරණි වමේ ව්‍යාපාරය මගින් තවදුරටත් පරාරෝපණය නොමැති වූ සමාජයක් පිළිබඳව අදහසට ද මෙය බොහෝ සමාන වේ. අප සිටින්නේ අපේ මූලික අවශ්‍යතා (ආහාර, සන්නිවේදනය, විනෝදාස්වාදය, දැනුම) ඉටු කර ගනිමින්, අනෙකාට ආදරය කරමින්, අනෙකා රැක බලාගනිමින්, ජීවිතයේ වඩා වැදගත් කාර්යයන් වෙත අවධානය යොමු කරමින් සිටීමයි. මෙයටත් වඩා තවත් දේ ජීවිතයට අවශ්‍යයි කියා සිතෙන්නේ නැත. මේ වයිරසයෙන් අප කවදා හෝ නැවත ගොඩ එන්නට සමත් වුවහොත්, මේ අත්දැකීම ඉතිරි කර ගැනීම ඉතාම වැදගත් වෙයි.

Russia Today වෙබ් අඩවියේ පල වූ ජිජැක් ගේ ‘Slavoj Zizek’s Covid-19 lockdown survival guide: Guilty pleasures, Valhalla Murders & pretending it’s just a game’ යන ලිපියේ මූලික තර්කයේ සාරාංශයකි. මුල් ලිපිය මෙතැනින් යෙන් උපුටා ගන්නා ලදී.

%d bloggers like this: