Menu Close

  කොරෝනා රෝගයෙන් වැළකීමට හේතු කීපයක්.

උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය හෙවත් වාතයේ ඇති තෙතමනය [Humidity] කොරෝනා රෝගය පැතිරවීමට බාධා පමුණුවන බව සොයා ගනී. රෝගය පැතිරීම ගැන දත්ත විශ්ලේෂණය කරන පරීක්ෂකයන් කියා සිටින්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 1 ක සහ 1%ක ආර්ද්‍රතාවයකින් වැඩි වූ විට පවා වෛරසය පැතිරීම බාධා කරන බවය. මෙසේ හෙයින් ලංකාවේ වුවද, පහතරට ප්‍රදේශයේ රෝගයේ පැතිරීම අඩු වෙන්නට ඉඩ ඇත. 

මෙයට උදාහරණයක් සේ රෝගය පැතිර ගිය මුල් අවදියේ, අඩු උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය තිබි කොරියාව, ජපානය, ඉරානය වැනි රටවල එය වේගවත් වූ අතර සිංගප්පුරුව, මැලේසියාව සහ තායිලන්තයේ එය සාපේක්ෂව වේගවත් වුනේ නැත.

SARS සහ MERS වැනි අනෙකුත් කොරෝනා වෛරස් අධෝ රක්ත කිරණ නිසා අඩු වන බව විද්‍යානුකූලව සොයාගෙන ඇත. එහෙත් COVID-19 වෛරසය සඳහා එය පරීක්ෂණාත්මකව මෙතෙක් සොයා ගෙන නැත. හුදෙක් සංඛ්‍යා ලේඛන අදාළ දත්ත වලින් පමණක් අනුමානය කරනු ලැබේ.

මෙයින් පෙනෙන්නේ නිවසක මිදුලක් තිබේ නම්, එම නිවසේ ඇතුලාන්තය සීතල නම් එහි  ඇතුලේ සිටීමට වඩා එළිමහනේ සිටීම හොඳ බවකි. තවද වායු සමීකරණ යන්ත්‍ර නවත්වා දැමීම ගුණ බවක් පෙනේ. මේ අනුව ලංකාවේ පහත රට රෝගය බෝ වීමේ ප්‍රවණතාවය උඩ රට ප්‍රදේශයට වඩා වැඩි වීමට හැකි බවක් පෙනී යයි. ජළය හෝ වෙනත් බීම වර්ග බීමේදී, ඒවා අයිස් දමා සීතල නොකර බීම යහපත් වේ 

එක්තරා වාසනාවක් වන්නේ මෙම වෛරසය සෙන්ටිග්‍රේඩ් අංශක 26-27 උෂ්ණත්වයකදී විනාශ වීමය. වෛරසය තිබෙන කෙනෙක් කිවිසුමක් පිට කල විට අඩි දහයක් පමණ වුවද ඒ කිවිසුම සමඟ පිට වන අන්වීක්ෂීය කෙළ බිඳිති සමඟ ඒ වෛරස් විසිවී යෑම සිදු වේ. එකිනෙකාගෙන් හැකි තාක් ඉවත්ව ගමන් කිරීම මෙහිලා වැදගත් වේ. නමුත් වෛරස විෂ බීජ වාතය සමඟ මුසු වී පාවී යන්නේ නැති වීමත් වාසනාවකි. ලෝහ සමඟ ගැටුණු විට, පැය දහයක් පමණ ඒවායේ මෙම වෛරසයට ජීවත් විය හැක.

සියලුම නිරීක්ෂණ වලින් පාහේ පෙන්වන්නේ, නිතර අත සෝදා ගැනීමේ අවශ්‍යතාවය වේ. කිසියම් හේතුවක් නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වේ නම් ඒ ගැන සැළකිලිමත් වීම නුවණට හුරුය. උගුර නිතර ලුනු වතුරෙන් සෝදා දැමීම සහ නිතර ජළය පානය කිරීම මගින්, කිසියම් අයුරකින් වෛරස් උගුරේ රැඳ තිබේ නම් එය සේදී ආමාශය වෙත යෑමට හේතුවකි. ආමාශයික යුෂ හමුවේ වෛරසය විනාශ වේ. විනාඩි දහ පහළොවකට වතාවක් ජළය පානය කිරීමද වෛරසය උගුරෙන් සේදී යෑමට හේතුවකි. 

මෙය බොහෝ අයට අමතක වන දෙයක් නිසා සමීපයේ වතුර බෝතලයක් තබා ගැනීම මගින් ඒ පුරුද්ද ඇති කර ගත හැක. විෂබීජ සමඟ සටන් කිරීමට ශක්තිය සිරුරේ ඇති කර ගත යුතුය.   

ජපානය කොරෝනා වෛරසය හමුවේ එතරම් සැලුනේ නැති හේතුව කුමක්දැයිද කුතුහලයට හේතුවකි. ඔවුන් උපත්න්ම ඉතා විනයගරුක ජාතියක් වෙති. එසේම කොරෝනා වෛරස එන්නට පෙර සිටම කාලීන උන රෝගයන් [Seasonal fewer, Hay fewer] සඳහා මුඛ ආවරණ භාවිතා කිරීම කලහ. තවද අද දින බොහෝ රටවල් වල ඇති ආපන ශාළා, වැසිකිළි යනාදියේ අද සනීපාරක්ෂක කටයුතු සඳහා අත් පිරිසිදු කර ගැනීමට ද්‍රව්‍ය දැන් දැන් තිබුනද, එය ජපානයේ සෑම විටම සිරිතක් විය.

මෙසේම නිවසක් ඇතුලට යෑමට පෙර පාවහන් ගැළවීමද පැරණි කාලයේ සිටම එන සිරිතක් විය.

රෝගය ලොවට පැමිණීමටත් පෙර බොහෝ කාලයක් තිස්සේ, අත සෝදා ගැනීමේ පුරුද්ද ඔවුනට කියා දීමට අවශ්‍ය වී තිබුනේ නැත.

COVID-19 වෛරසය නිසා පෙනහළු වල ක්‍රියාකාරිත්වයට බාධා පැමිණේ. මේ අවස්ථාවේ ශරීරයට හානියක් නැති ඕනෑම ආකාරයේ ක්‍රියාවක් කිරීමේ වරදක් නැති හෙයින් ආසියාතික පැරණි සෞඛයාරක්ෂික ක්‍රම ගැනද සිතීමේ වරදක් නැත.

ඉන් උදාහරණයක් වන්නේ යෝග ක්‍රමයේ එන ප්‍රාණ යාම ක්‍රමය වේ. එනම් හුස්ම ගැනීමේ ක්‍රම වේ. මේ ගැන බොහෝ විස්තර අන්තර් ජාලයේ ඇත. කෙටියෙන් කිවහොත්, දිගු හුස්මක් වේගයෙන් ගැනීම සහ එය පෙනහළු වල තරමක් වෙලා තබා ගැනීමට අනතුරුව ප්‍රතිරෝධය ඇතිව සෙමෙන් හුස්ම පිට කිරීම ප්‍රාණ යාම ක්‍රම වේ.

ශරීරයේ විෂබීජ වලට ප්‍රතිරෝධය දැක්වීමේ හැකියාව වැඩි වීමට, ලංකාවේ පාරම්පරික පානයන් බීම වඩා සුදුසු වනු ඇත. එනම් හාතාවාරිය, ගොටුකොළ, වැල් පෙනෙල, රණවරා වැනි ස්වභාවික පානයන් භාවිතා කිරීම් කෘතීම පාන වලට වඩා ගුණදායක වේ.

එක එක පුද්ගලයා ජීවිතය දෙස බලන ආකාරයට මනස සහ ශරීයය එකට සම්බන්ද වී ඇත්තේය. මෙහිදී මනසේ ශක්තියද ඉතාමත් වැදගත් කාරණයකි. කිසිදා හෝ අප සියල්ලන් මිය යා යුතු වන්නෙමු. ඒ යතාර්ථය තේරුම් ගන්නේ නම්, මිය යාමට ඇති භීතිය අඩු වනු ඇත. එසේ හෙයින් මේ රෝගය වැළැක්වීමට සියළු විධි විධාන යොදන අතරේ යතාර්ථය අවබෝධ කර මනස සූසර කර ගැනීමද ඉතාමත් වැදගත් දෙයකි.

ඔබට වෙලාවක් තිබේ නම්, මේ පහත ඇති ලිනක්ස් බලන්න. විශේෂයෙන් ‘ප්ලැසිබෝ ආචරණය සම්බන්දව හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනීම ලැබූ දොස්තරවරියගේ කතාව බැලීම වටී. එය පහත යූ ටියුබ් වීඩියෝවේ ඇත.  

 

https://www.hindawi.com/journals/av/2011/734690/

https://www.youtube.com/watch?feature=share&v=0tqq66zwa7g&fbclid=IwAR0cgdT7n_xFFj5QQUmBMcxQC1Ky7jS67FY-bmET4S9BIHY8hWvIbdskirg&app=desktop

 

%d bloggers like this: