Menu Close

එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය සිය ප්‍රධාන කඳවුරක් ඉරාක හමුදාවට භාර දෙයි

u-s-led-coalition-hands-over-key-base-to-iraqi-forces

අල්-කයියාරා ගුවන් හමුදා කඳවුර ඉරාක ආරක්ෂක අමාත්‍යාංශයට භාර දුන්නේ යැයි ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය මාර්තු 26 දා නිවේදනය කලේය.

නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක ක්‍රියාමාර්ගයක් වශයෙන් ‘තාවකාලිකව’ සෙබලුන් සිය ගණනක් කඳවුරෙන් ඉවත් කර ගත්තේ යැ‍යි සන්ධානයේ ප්‍රකාශක කර්නල් මයිල්ස් බී.කැගින්ස් 3 පැවසීය.

ගුවන් හමුදා කඳවුර නිල වශයෙන් ඉරාක හමුදාවට භාර දීම

අල්-කයියාරා ගුවන් හමුදා කඳවුර ඉරාක හමුදාවට භාර දීම කලකට පෙර සැලසුම් කල එකක් මෙන්ම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි සංග්‍රාමයේ සාර්ථකත්වය හේතුවෙන් සිදු කලේ යැයිද හෙතෙම සඳහන් කලේය.

ගුවන් හමුදා කඳවුරේ සන්ධාන හමුදා සෙබලුන් 800ක් පමණ රැඳී සිටි අතර එහි තිබූ උපකරණවල වටිනාකම ඇ.ඩො.මිලියන 1.7කි.

සෙබලුන් ඉවත්ව යෑම

උපකරණ ඉවත් කර ගැනීම

සන්ධානය සමග කටයුතු කල ප්‍රංශ සෙබලුන්ද ඉරාකයෙන් ඉවත් යන්නේ යැයි ඉරාක හමුදාව මාර්තු 25දා නිවේදනය කලේය.

එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය ඉරාකයේ සිය පැවැත්ම ක්‍රමයෙන් අඩු කරමින් සිටියි.මීට ප්‍රධාන හේතු ලෙස ඔවුන් ගෙන හැර දක්වන්නේ නව කොරෝනා වෛරස වසංගතය සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි සංග්‍රාමයෙ සාර්ථකත්වයයි.නමුත් පසුගිය සමයේ එරට පුරා තිබෙන සන්ධාන හමුදා කඳවුරුවලට එල්ල වූ රොකට් ප්‍රහාර මාලාව මීට ප්‍රධාන නමුත් අප්‍රකට හේතුව වේ.

source:southfront.org

%d bloggers like this: