Menu Close

ඉරාකයේ සහ සිරියාවේ ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවල ප්‍රතිඵල

මාර්තු මස 11දා ඉරාකයේ ටාජි කඳවුරට එල්ල වූ රොකට් ප්‍රහාරයෙන් ඇමෙරිකානු සෙබලුන් දෙදෙනෙක් සහ බ්‍රිතාන්‍ය සෙබලෙක් මිය ගියහ.ඊට ප්‍රතිචාර වශයෙන් ඉරාකයේ කටයිබ් හිස්බුල්ලා කණ්ඩායමේ ස්ථාන වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන්නට කටයුතු කලේ යැ‍යි ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තුමේන්තුව මාර්තු 13දා නිවේදනය කලේය.

කෙසේවෙතත් කඳවුරට එල්ල වූ රොකට් ප්‍රහාරය ප්‍රශංසාවට ලක් කිරීම විනා එහි වගකීම භාර ගන්නට කටයිබ් හිස්බුල්ලා කණ්ඩායම ක්‍රියා නොකලේය.

එනමුත් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය කටයිබ් හිස්බුල්ලා කණ්ඩායමේ අවි ගබඩා පහසුකම් පහක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන ලදි.ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තුමේන්තුවට අනුව ඉරාකයේ සන්ධාන හමුදාව ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර සඳහා යොදාගෙන තිබෙන්නේ මෙම ගබඩාවල තිබෙන අවිය.

ඉරාක දේශසීමාවේ අල් බුකමල් නම් සිරියානු නගරයෙන්ද ගුවන් ප්‍රහාර වාර්තා විය.එහි සිටින ඉරාන හමුදා ඉලක්ක කරගෙනද ප්‍රහාර එල්ල කර තිබේ.

සමහරක් ඉරාක මූලාශ්‍ර පවසන පරිදි ප්‍රහාර සඳහා බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ යානාද සහභාගී වී ඇත.

ගුවන් ප්‍රහාරවල ප්‍රතිඵල

මාර්තු 13දා ඉරාකයේ කටයිබ් හිස්බුල්ලා කණ්ඩායමේ ස්ථාන වෙත එල්ල වූ ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉරාන ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාවේ ජෙනරල් සියාමන්ඩ් මෂඩානි මරණයට පත් වූ බව වාර්තා වේ.

ඊට අමතරව ඇමෙරිකානු ප්‍රහාර 5කින් ඉරාකයේ PMU ඒකකවල සටන්කරුවන් 32ක් මිය ගොස් 50 දෙනෙක් වත් තුවාල ලබා ඇත.

ෂියා බහුතරය වෙසෙන කර්බාලා පළාතේ කර්බාලා ජාත්‍යන්තර ගුවන් තොටුපොලටද ගුවන් ප්‍රහාර එල්ල විය.ඒ වෙද්දී ගුවන් තොටුපොල නැවත පිළිසකර කරමින් සිටියේය.

 කර්බාලා ගුවන් තොටුපොලට සිදු වූ හානි

2019 දෙසැම්බර් මස 30දා පළමුවරට එක්සත් ජනපදය කටයිබ් හිස්බුල්ලා කණ්ඩායමේ ස්ථාන වෙත ගුවන් ප්‍රහාර එල්ල කලේය.මෙවර ඔවුන්ට ප්‍රහාර එල්ල වූයේ දෙවන වරටයි.ඉරාකයේ සන්නද්ධ හමුදාවේ ශාඛාවක් වන PMU ඒකකවල කොටසක් වශයෙන් කටයිබ් හිස්බුල්ලා කණ්ඩායම ක්‍රියා කරයි.

ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් සෙබලුන්,පොලිස් නිලධාරී සහ සිවිල් වැසියෙක් මිය ගියේ යැයි ඉරාක හමුදාවේ ඒකාබද්ධ ආඥාව මාර්තු 13දා අනාවරණය කලේය.

ඒ අනුව,

19 වන කොමන්ඩෝ සේනාංකයේ සෙබලුන් තිදෙනෙක් මියගොස් සිව්දෙනෙක් තුවාල ලැබූහ.

බැබිලොන් පොලිස් රෙජිමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් මියගියහ.

ඉරාක PMU ඒකකවල 46 වන බ්‍රිගේඩයේ සටන්කරුවන් පස්දෙනෙක් තුවාල ලැබූහ.

කර්බාලා ගුවන් තොටුපොලේ සිවිල් සේවකයෙක්ද මරණයට පත් විය.

 ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවල ඉලක්ක වූ ස්ථාන සහ සිදුවූ හානි

මාර්තු 13දා එක්සත් ජනපදයේ මධ්‍යම ආඥාවේ ප්‍රධානියා මෙම ගුවන් ප්‍රහාරවලට අදාල තොරතුරු ප්‍රසිද්ධ කලේය.ජෙනරල් කෙනෙත් එෆ්.මැකෙන්සි පවසන පරිදි මෙම ප්‍රහාර ආරක්ෂාව වෙනුවෙන් සිදු කල ඒවාය.ඉලක්ක වූයේ ඉරානයට සම්බන්ධ කටයිබ් හිස්බුල්ලා කණ්ඩායමේ අවි ගබඩාය.

ගුවන් ප්‍රහාරවල ඉලක්ක වූ ස්ථාන පහක ඡායාරූප ජෙනරල්වරයා මාධ්‍ය වෙත මුදාහැරියේය.

ඇමෙරිකානු ගුවන් ප්‍රහාර නිසා ඉරාකයේ PMU ඒකකවලට සිදු වූ බරපතල හානි පෙන්වන ඡායාරූප කිහිපයක් ඉරාක මූලාශ්‍ර මාර්තු 14දා මුදා හරින ලදි.

බැග්ඩෑඩ් හි දකුණු ප්‍රදේශයේ ජෆ් සාකර් හි පිහිටා ඇති PMU ඒකකවල 46 වන බ්‍රිගේඩයේ මූලස්ථානවලට ප්‍රහාර එල්ල වී ඇති අයුරු ඡායාරූපවල දැකගත හැකිය.දුසිම් ගණනක් වාහන,රොකට් විදින සහ හොවිත්සර ආදියට හානි සිදුව තිබෙන අතර සමහරක් මුළුමනින්ම විනාශ වී ඇත.

ඉරාක හමුදාවේ 19 වන කොමාන්ඩෝ සේනාංකයේ මූලස්ථානයට ගුවන් ප්‍රහාරවලින් සිදු වූ හානි

source:southfront.org

%d bloggers like this: