Menu Close

එංගලන්තය යලි ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සැරසෙයි.

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවෘත ක්‍රීඩාංගණ තුළ ප්‍රේක්ෂකයන් නොමැතිව ක්‍රීඩා තරග නැවත ආරම්භ කිරීම සඳහා සැලසුම් කිරීම ආරම්භ කර ඇත. එම ක්‍රීඩාංගණවල කොරෝනා වෛරසය හඳුනාගත හැකි මුරපොලවල් සහ හුදෙකලා ඒකක ස්ථාපනය කිරීමට ද ඔවුන් සලකා බලමින් සිටියි.

පසුගිය සතියේ එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කළේ මැයි මස 28 වනදාට පෙර වෘත්තීය ක්‍රිකට් තරග ක්‍රීඩා නොකරන බවයි. එහෙත්, ප්‍රේක්ෂකයින් නොමැතිව තරග පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නැවත ආරම්භ කිරීම සඳහා එංගලන්ත ක්‍රිකට් ආයතනය සිය සැලසුම් වේගවත් කර තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ එංගලන්තයේ ටෙස්ට් තරගාවලිය ජුනි මස 04 වනදා ඕවල් හිදී ආරම්භ වීමට නියමිතය. ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය ද එංගලන්ත ගිම්හාන කාලය තුළ එරට සංචාරය කිරීමට නියමිතය.

Share with Friends

%d bloggers like this: