Menu Close

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් නිදහස් කිරීම සහ ඉඩ්ලිබ් සටන් විරාමයේ වර්තමාන තත්ත්වය

sdf-releases-dozens-of-isis-members-in-eastern-syria-turkey-russia-struggle-with-idlib-de-escalation

මාර්තු 23දා රුසියානු සහ තුර්කි හමුදාව දකුණු ඉඩ්ලිබ් හි දෙවන ඒකාබද්ධ මුර සංචාරය සිදු කලහ.ඒ සඳහා සන්නද්ධ රථ හයක් සහභාගී වූ අතර රජයේ පාලනය යටතේ තිබෙන සරාකිබ් නගරයට බටහිරින් තිබෙන එම්4 මහා මාර්ගයේ කුඩා ප්‍රදේශයකට මුර සංචාරය සීමා විය.තුර්කි-රුසියා සටන් විරාම ගිවිසුම යටතේ පිහිටුවීමට එකඟ වූ ආරක්ෂිත කොරිඩෝරය මැදින් දිවෙන මාර්ගයේ එකම ආරක්ෂිත ප්‍රදේශයද එයයි.

එකඟ වූ ආරක්ෂිත කොරිඩෝරයේ රැදී සිටින ත්‍රස්තවාදීන් සහ අන්තවාදීන් ඉවත් කිරීම සඳහා මාර්තු 23දා මුර සංචාරයෙන් පසුව තුර්කි පාර්ශ්වයට අමතර කාලයක් ලැබිණි.අන්කාරා රජයට රුසියාව එවැනි අවස්ථාවක් ලබා දුන් දෙවන වතාව මෙයයි.කෙසේවෙතත් එම අවස්ථාවෙන් තුර්කිය රජය ප්‍රයෝජනයක් ගන්නා බව පෙනෙන්නට නැත.

පසුගිය දිනවලදී,තුර්කි හමුදාව කටාබ් සහ ම්ෂෙර්ෆ් ආසන්නයේ තුර්කි හමුදාව නිරීක්ෂණ මුරපොල පිහිටුවන ලදි.ත්‍රස්තවාදීන් එම්4 මහා මාර්ගය අවහිර කරමින් ඉදි කල පස් බැමි ඇතුලුව බාධක ඉවත් කිරීමට තුර්කි හමුදාව උත්සාහ දැරීය.තුර්කි හමුදාවේ මෙම වික්‍රමාන්විත ප්‍රයත්නයන් නොසලකා හරිමින් එම්4 මහා මාර්ගය අල්කයිඩාවට සම්බන්ධ කණ්ඩායම් සතුව පවතින අතර ආරක්ෂිත කලාපය සැලසුම්වලට පමණක් සීමා වී ඇත.මෙම වාතාවරණය සෙමින් නමුත් අනිවාර්යෙන්ම කලාපයේ ගැටුම් නැවත ආරම්භ කිරීමට මුල පුරාවි.

ඇමෙරිකානු පාලනය යටතේ තිබෙන අල්-ටන්ෆ් කලාපයේ පිහිටුවා ඇති රුක්බන් සරණාගත කඳවුරේ මානුෂීය වාතාවරණය නරක අතට හැරෙමින් තිබේ.මාධ්‍ය වාර්තාවලට අනුව කඳවුරේ සිටින ජනතාව සිය අවශ්‍යතාවලට සහ කූඩාරම්වලට මුදල් ගෙවිය යුතුය.ඊට අමතරව ඇමෙරිකානු ප්‍රොක්සි හමුදා සටන්කාමී කණ්ඩායම්වලට බැදීම සඳහා එම ජනතාවට බලපෑම් කරනු ලැබේ.තත්ත්වය කොතරම් නරක වුවත් කඳවුරෙන් පිටව යෑමට සටන්කාමීන්ගෙන් ඔවුන්ට ඉඩක් නොමැත.

කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හි පාලනය යටතේ තිබෙන ටැබ්කා නගරයේ මාර්තු 21දා බෝම්බ පිපිරීම්/මර උගුල් ක්‍රියාත්මක වීම් කිහිපයක් වාර්තා විය.පිපිරීම් සිදු වන්නේ ඇන්ඩලිසියා පොකුණ සහ මෙසලුන් වටරවුම ආසන්නයේ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි ස්ථාන,වාහන සහ සටන්කරුවන් ඉලක්ක කරගෙනයි.ඒවාහි ප්‍රතිඵල වශයෙන් කුර්දි සටන්කාමීන් හය දෙනෙක් මරණයට පත් වූහ.විපක්ෂ මූලාශ්‍ර වහාම චෝදනා කලේ අෂාඩ්ගේ නියෝජිතයන්ටය.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට සහ තුර්කියට කුර්දි මූලාශ්‍ර චෝදනා කලහ.

යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ මෙහෙයුම්වලදී අල්ලා ගත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 80 දෙනෙක් මාර්තු 22දා සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා විසින් මුදා හරින ලදි.මුදා හැරි සියලුදෙනා සිරියානු ජාතිකයන් වන අතර ඔවුහු රක්කා,අල්-හසාකා සහ ඩීර් එසෝ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.පසුගිය වසර කිහිපය තුල ඔවුන් විසින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිය ගණනකට නිදහස ලබා දුන්හ.

මොවුන් මෙවැනි මුදා හැරීම් සිදු කරන්නේ මුදලට හෝ බලපුළුවන්කාරකම් සහිත පුද්ගලයින් වන ගෝත්‍රික නායකයෝ,ව්‍යාපාරිකයන් සහ ප්‍රදේශීය අණදෙන නිලධාරීන්ගේ ඉල්ලීම් පරිදිය.කුර්දි සටන්කාමීන්ගේ මෙම හැසිරීම හේතුවෙන් නැගෙනහිර සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් නැවත ඉස්මත් වීය හැකිය.ගෙවී ගිය මාස තුනක කාලය තුල ඩීර් එසෝර් පළාතේදී පුද්ගලයින් 40 දෙනෙක් ඝාතනය කල බව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය පසුගිය සතියේදී නිවේදනය කලේය.

source:southfront.org

%d bloggers like this: