Menu Close

ඉඩ්ලිබ් හි තුර්කි හමුදාව ඉලක්ක කර ප්‍රහාර

unfortunate-adventures-of-turkish-army-in-idlib

මාර්තු 24දා සිරියාවේ දකුණු ඉඩ්ලිබ් හිදී තුර්කි සෙබලුන් දෙදෙනෙක් තුවාල ලබා වාහන දෙකකට හානි සිදු විය.ඔවුන්ගේ හමුදා රථ පෙළ මාර්ගයේ පසක අටවා තිබූ බෝම්බයක ඉලක්ක වූයේ ස්ෆුහුන් ගම්මානය ආසන්නයේදීය.ඉඩ්ලිබ් සන්නද්ධ කණ්ඩායම් සහ සිරියානු හමුදාවේ පාලන ප්‍රදේශ වෙන් කරන සීමාව ඔස්සේ මුර සංචාරක නිරතව සිටි අල්-බාරා නිරීක්ෂණ මුරපොලේ තුර්කි සෙබලුන් මෙම ප්‍රහාරයට මුහුණ දුන්හ.

දින හතක් ඇතුලත ඉඩ්ලිබ් හි තුර්කි හමුදාව ඉලක්ක කර එල්ල වූ දෙවන ප්‍රහාරය මෙයයි.මාර්තු 19දා,මුහමබාල් ගම්මානය ආසන්නයේ මර උගුලකට ගොදුරු වීමෙන් තුර්කි සෙබලුන් දෙදෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ.

සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ප්‍රහාර සිදු කර තිබෙන්නේ තත්ත්වය අස්ථාවර කිරීමේ අරමුණින් යුතුව දුෂ්ඨ අෂාඩ් රෙජිමය විසින්ය.මෙම වාතාවරණය කෙරෙහි තුර්කි මාධ්‍ය මද අවධානයක් යොමු කරමින් වාර්තා කර තිබුණේ ප්‍රහාර වලට වගකිව යුත්තේ හඳුනානොගත් අන්තවාදී පිරිසක් බවයි.සිය ප්‍රතිපක්ෂය වන සිරියානු හමුදාවේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම්වල ඉලක්කයක් වන අන්කාරා රජය සහායද හිමි සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රහාරයන්ට තුර්කි හමුදාව ඉලක්කයක් වන බව ප්‍රකට රහසකි.එම්4 මාර්ගය ඔස්සේ ආරක්ෂිත කොරිඩෝරයක් ඉදි කිරීම, හයාට් ටරිර් අල්-ෂාම්,හොරස් අල්-ඩීන්,තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය සහ ඊට සමාන කණ්ඩායම් දකින්නේ සිය ඇලුම්කම්වලට සහ පැවැත්මට බරපතල තර්ජනයක් වශයෙනි.ඒ නිසා ඔවුහු සටන් විරාමය කඩකරමින් මාර්ගය අවහිර කිරීමටත් කලාපය තුල යුදමය තත්ත්වයක් ඇවිලවීමටත් ක්‍රියා කරති.නුදුරු කාලයේදී තුර්කි හමුදාව ඉලක්ක කර මීට වඩා විශාල ප්‍රහාර ඉදිරි ආරක්ෂක වළලු ආශ්‍රිතව එල්ල කිරීමටත්,ඒවාහි වගකීම අෂාඩ් රෙජිමය මත පටවා,තුර්කි හමුදාවත් සිරියානු හමුදාවත් අතර ගැටුම් යළි ඇති කරන්නට අන්තවාදී කණ්ඩායම් කටයුතු කරනු ඇත.

එම්4 මහා මාර්ගය ඔස්සේ තුර්කි සහ රුසියා හමුදා සිදු කල පළමු මුර සංචාරයේ දර්ශන සහ මාර්ගය අවහිර කරමින් සටන්කාමීන් නිර්මාණය කර තිබෙන පස් බැමි ආදිය මෙම වීඩියෝපටයේ අන්තර්ගතය.

ඉඩ්ලිබ් සටන්කාමීන් සිදු කරන සටන්විරාමය කඩ කිරීමේ සිද්ධීන් දැන් ඉහළ යමින් තිබේ.පසුගිය දිනවල කැෆ් ර් නුබ්ල්,සරාකිබ් කන්සෆ්‍රා සහ කබිනා ප්‍රදේශවල මෝටාර් ප්‍රහාර,කාලතුවක්කු ප්‍රහාර සහ යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාර වාර්තා විය.මෙම සතිය තුල සිරියානු හමුදාවේ යුද ටැංකියක් සහ බුල්ඩෝසරයක් උතුරු සරාකිබ් හිදී විනාශ කලේ යැ‍යි තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායම් පැවසීය.

ෆෙයිලක් අල්-මජ් නම් තුර්කි ප්‍රොක්සි හමුදාවේ සටන්කාමීන් ඊසානදිග සිරියාවේ ටෙල් අබ්යාඩ් නගරය ආසන්නයේ සුකරියා ගම්මානය වටලන ලදි.ඔවුහු පහරදීමෙන් ගම්වාසීන් දුසිම් ගණනක් තුවාල ලැබූ අතර දේපලද කොල්ලකෑහ.පීස් ස්ප්‍රින්ග් මෙහෙයුම සිදු කල ප්‍රදේශවල තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමී කණ්ඩායම් මාර්තු මාසයේ මුලදී උද්ඝෝෂණවල නිරත වූයේ අන්කාරා රජයෙන් ඔවුන්ට ගෙවන වැටුප සැලකිය යුතු කාලයක් ප්‍රමාද වීම හේතුවෙනි.ප්‍රදේශවාසීන්ට පහරදීම සහ ඔවුන්ගේ  දේපල කොල්ලකෑම් නතර කිරීමට තුර්කිය සක්‍රීයව කටයුතු කරමින් සිටින්නේ යැ‍යි තුර්කි මූලාශ්‍ර පැවසුවද මෙවැනි සිදුවීම් නිතර වාර්තා වේ.

අල්-බුකමල් හි සිරියානු හමුදාව සහ ඉරාන ප්‍රොක්සි හමුදා රැඳී සිටින ස්ථාන ආසන්නයේ පිපිරීම් කිහිපයක් වාර්තා විය.ප්‍රාදේශීය මූලාශ්‍ර පවසන්නේ ඊට වගකිව යුත්තේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් බවයි.පසුගිය මාස කිහිපය තිස්සේ අල්-බුකමල් ප්‍රදේශය දුසිම් ගණනක් ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්කය බවට පත් වූයේය.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ඉන් වාසියක් ලබා ගන්නට උත්සාහ කරමින් සිටියි.

source:southfront.org

%d bloggers like this: