Menu Close

සෞදියේ තෙල් සූදුව මධ්‍යයේ යේමන යුද්ධය තුල හවුති සටන්කාමීන් විස්මිත සාර්ථකත්වයක් ලබයි

impressive-successes-of-houthis-in-yemeni-war-amid-saudi-oil-gamble

සෞදි අරාබිය ගන්නා ලද ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග හේතුවෙන් බොර තෙල් වෙළඳපොල තුල අර්බුදයක් ඇතිව තිබෙන අතරමධ්‍යයේ යේමන යුද්ධයද ඇවිලී යමින් ඇත.

මාර්තු 8දා රියාද් රජය සිය තෙල් සූදුව දියත් කරමින් වෙළඳපොලට වැඩි තෙල් ප්‍රමාණයක් මුදා හරින්නටත් තෙල් බැරලයක් සඳහා පෙරනොදුටු විරූ වට්ටමක් ලබා දෙන්නට ක්‍රියා කලේ අනෙක් ප්‍රධාන තෙල් නිෂ්පාදකයන් වන රුසියාව සහ ඉරානය පරාජය කර ඔවුන්ගේ වෙළඳපොල කොටස් ප්‍රමාණය ඩැහැගැනීමේ අරමුණින් යුතුවයි.ඊළඟ සති කිහිපයේදී තෙල් මිලට බලපෑම් කරමින් රුසියාව සහ ඉරානය මත සිය පීඩනය වැඩි කරන්නට සෞදි අරාබිය ක්‍රියා කරනු ඇත.නමුත් සෞදි අරාබියට තමන්ගේ දුර්වල ස්ථානය අමතකව තිබෙන හැඩයි.

මාර්තු 17දා,අන්සාර් අල්ලාහ් ව්‍යාපාරය හෙවත් හවුති සටන්කාමීන් යේමනයේ අල්-ජව්ෆ් පළාතේ වැඩි කොටසක් සහ එහි අගනගරය වන අල්-හස්ම් නගරයද අල්ලා ගත්තේ සෞදිය ප්‍රමුඛ සන්ධානය සහ එහි යේමන ප්‍රොක්සි හමුදා පරාජයට පත් කරමින්ය.මෙම සටන තුලදී පමණක් සෞදිය ප්‍රමුඛ හමුදාවන්ට දුසිම් ගණනක් යුද ටැංකි සහ කාලතුවක්කු ඇතුලුව යුදෝපකරණ සිය ගණනක් අහිමි විය.පරාජයත් සමග සෞදි ගුවන් හමුදාව,සිය මිත්‍ර හමුදාවන් අතහැර දැමූ ස්ථාන,මූලස්ථාන සහ අවි ගබඩාවලට ගුවන් ප්‍රහාර එල්ල කලේය.කෙසේවෙතත් අතහැර දමා ගිය උපකරණ විශාල ප්‍රමාණයක් වීමත් සහ සෞදි ප්‍රමුඛ හමුදාවන්ගේ පසුබැසීමේ වේගය ඉහළ වීම නිසා ඒවා විනාශ කිරීමට ගුවන් ප්‍රහාර 10-20 සංඛ්‍යාවක් කිසිසේත් ප්‍රමාණවත් නොවීය.

සෞදි ප්‍රොක්සි හමුදා දමා ගිය සන්නද්ධ රථ

අල්-ජව්ෆ් හි වේගවත් ඉදිරි ගමන හමුවේ,හවුති සටන්කාමීන් සිය අවධානය අසල්වැසි මරිබ් පළාත වෙත යොමු කලහ.ඔවුන් කුෆිල් හමුදා කඳවුර(මරිබ් නගරය යන මාර්ගයේ පිහිටි සෞදි ප්‍රොක්සි හමුදාවන්ගේ ප්‍රධාන බලකොටුවකි)ඇතුලුව නැගෙනහිර සිර්වා හි සෞදි ප්‍රොක්සි හමුදා ස්ථාන රැසක් අල්ලා ගත්තෝය.ඉන්පසුව,සම්පූර්ණ එම පළාතේ සම්පූර්ණ නැගෙනහිර කොටසේම සෞදි ප්‍රොක්සි හමුදාවන්ගේ ආරක්ෂක සංවිධානය බිද වැටීම ආරම්භ විය.මෙම වාතාවරණය එලෙස ඉදිරියත් පැවතුන හොත්,යේමන හමුදාවන්ට අප්‍රේල් මාසයේ මුල් භාගය වෙද්දී මරිබ් නගරයට ලගා වී එය වටලෑමටත් අප්‍රේල් මාසය මැද වනවිට නගරය අත්පත් කරගන්නටත් හැකිවේවි.

ඒ අතරතුර,අගනගරය සනා ආසන්නයේ නිහිම් දිස්ත්‍රික්කයෙන් සෞදි ප්‍රොක්සි හමුදාවන්ට පසුබසින්නට අන්සාර් අල්ලාහ් ව්‍යාපාරයේ හමුදා බල කලහ.මෙම දිස්ත්‍රික්කය සඳහා සටන් 2020 වර්ෂයේ මුල් භාගයේ පටන් සිදුවෙමින් ඇත.කෙසේවෙතත්,දැන් අන්සාර් අල්ලාහ් ව්‍යාපාරයේ හමුදා දැඩි හානිවලට මුහුණු දෙන්නේ යැයි සෞදි ප්‍රොක්සි හමුදා නිතර පවසයි.නමුත් ඒවා ඔප්පු කිරීමට කිසිදු දෘෂ්‍යමය සාක්ෂියක් සැපයීමට ඔවුන් සමත්ය.අනෙක් පසින් තමන් ලබා ගත් ජයග්‍රහණ ප්‍රවේශමෙන් සිය මාධ්‍ය ඒකකය හරහා වාර්තා කරන්නට හවුති සටන්කාමීන් ක්‍රියා කරමින් සිටියි.

සිය ගුවන් ශක්තියට මින් පෙර නොදුටු විරූ ප්‍රතිරෝධයකට මුහුණ දීමට සිදුව තිබෙන බව සෞදිය ප්‍රමුඛ සන්ධානය පසුගිය කාලයේදී අත්දැක්කේය.ජනවාරි සහ පෙබරවාරි මාසවලදී,අන්සාර් අල්ලාහ් හි සටන්කාමීන් සෞදිය ප්‍රමුඛ සන්ධානයේ ඩ්‍රෝන් යානා කිහිපයක් බිම හෙළීය.මාර්තු මාසයේදී ඔවුන් සන්ධාන යුද ගුවන් යානා ඉලක්ක කරගෙන පහර දෙන්නට පටන් ගත්හ.මාර්තු 14දා,අල්-ජව්ෆ් පළාතට ඉහළින් පියාසර කල එෆ්-15 සහ එෆ්-16 යානා කණ්ඩායම් වෙත යේමන ගුවන් ආරක්ෂක බලකා මිසයිල ප්‍රහාර එල්ල කලහ.මාර්තු 19දා එම පළාතේ සිර්වා දිස්ත්‍රික්කයට ඉහළින් ගමන් කරමින් සිටි සන්ධාන යුද ගුවන් යානාවලට එරෙහිව තවත් මිසයිල ප්‍රහාර කිහිපයක් දියත් විය.මේ අවස්ථා දෙකෙහිම ඔවුන් භාවිතා කලේ ෆටිර්-1 නමින් හඳුන්වන ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියයි.මෙය දේශීයව නවීකරණය කල සෝවියට් යුගයේ කබ් නම් මිසයිල පද්ධතියේ ව්‍යුත්පන්නයකි.ෆටිර්-1 මුල් වරට අනාවරණය කලේ 2019 අගෝස්තු මාසයේදීය.එම පද්ධතියේ ඵලදායී පරාසය කි.මී.22කි.

Fatir-1
ෆටිර්-1  ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය

ෆටිර්-1 පද්ධතියේ යෙදවීම් මගින් කිසිදු සන්ධාන ජෙට් යානයක් බිම හෙළන්නට නොහැකි වුවද,මෙම තර්ජනය හමුදා සෞදි ගුවන් හමුදාවේ මෙහෙයුම් සීමා කිරීමට සිදුව තිබේ.

මාර්තු මාසයේදී හවුති සටන්කාමීන් සහ සෞදි හමුද අතර ගැටුම් බහුලම ප්‍රදේශය වන්නේ මධ්‍යම සහ ඊසානදිග යේමනයයි.කෙසේවෙතත්,තෙල් බැරලයක මිල දිගටම ඇ.ඩො.35 අඩු මට්ටමක තිබුණොත් හවුති සටන්කාමීන්ගේ අලුත්ම ප්‍රහාරයක් සෞදි අරාබිය තුල බලාපොරොත්තු විය හැකිය.

source:southfront.org

%d bloggers like this: