Menu Close

කොරෝනා වසංගතය දරුණු සේ ඇති වූ ඉතාලියේ තත්වයෙන් අපට ගත හැකි පාඩම්.

             
_111130303_corona_whatyouneedtodo_titleනිළ වශයෙන් එය ඉතාලියේ ආරම්භ වූයේ පෙබරවාරි 20 දින දා විය.  එදින අවුරුදු 38ක පුද්ගලයෙක් ඉතාලියේ උතුරු පළාතේ ඇති ලොම්බාඩි ප්‍රාන්තයේ, කොඩොන්ගෝ නගරයේ ප්‍රාදේශීය රෝහළට ඇතුල් විය. ඔහුගේ සිරුරේ වෛරසය ඇති බව සොයාගත් අතර, හේ ඉතාලියේ ප්‍රථම COVID -19 වෛරස රෝගියා විය.

එහෙත් සමහර වෛද්‍ය සහ සෞඛ්‍ය නිළධාරීන් පවසන අයුරෙන්, වෛරසය මින් පෙර ඉතාලියට ඇතුල් වන්නට ඇත. ඉතාලියේ බෝවෙන රෝග පිළිබඳ ආයතනයක සේවය කරන, ‘ෆ්ලෙවියා රිකාඩෝ’ යන පරීක්ෂකයා කියන ආකාරයට, … “ඉහත විස්තර කල පුද්ගලයා රෝහළට ඈතුලත් වනු ලැබුයේ, මේ පළාතේ සෙම්ප්‍රතිශ්‍යාව වැඩියෙන්ම පවතින කාල පරිච්චේදයේ දී විය”…

එම මෙම ප්‍රථම සිදුවීම වන්නට පෙර, පුදුමයකට මෙන් ‘අසාමාන්‍ය සේ නිව්මෝනියා රෝගීන්ගේ වැඩිවීමක්’ කොඩොන්ගෝ ජාතික රෝහලේ ඇති විය. එම රෝහලේ ප්‍රකාශකයෙක් කියන පරිදි ඒ රෝගීන් කොරෝනා රෝගීන් වෙන්නට බෙහෙවින් ඉඩ කඩ ඇත. ඔවුන්ට සලකන ලද්දේ සාමාන්‍යයෙන් මේ කාලයේ ඉතාලියේ ඇතිවන කාලීන සෙම්ප්‍රතිශ්‍යයා රෝග [Seasonal flu] වැළඳුනු අය සේය. එම නිසා, මේ රෝගීන් විශාල සේ විෂබීජ පතුරුවන ලද රෝග වාහකයන් වූහ.

වෛරසයේ ව්‍යාප්තියේ වේගය මුලින් අවබෝධ නොවීම මේ තත්වයට රටම පැමිණීමට හේතුව විය.  එය තේරුම් ගන්නා විට රට පුරා ගිය නොයෙක් රෝග වාහකයන්ගෙන් කොරෝනා රෝගය බෝවීම ආරම්භ වී තිබිණ. 

ඉතාලියේ උතුරේ, ‘ලොම්බාඩි’, ‘වෙනෙටෝ’, ‘එමිලියා-රොමග්නා’ යන ප්‍රාන්ත මෙයින් දැවැන්ත පීඩාවකට ලක් වී ඇත. 85% ක් රෝගීන් මේ පළාත් වලිනි.  එහෙත් ඉතාලිය පුරාම මේ ව්‍යසනකාරී තත්වය වාර්ථා වේ. මාසයක් ඇතුළත රෝගීන් තිදෙනෙක් ගෙන් ආරම්භ වී අද වන විට [20 මාර්තු 2020] 7500කට වඩා ඉන් මිය යෑමෙන් මේ රෝගයේ ඇති බිහිසුණු බව පෙනී යයි.

ඉතාලිය, ජපානය හැරුණු විට ලෝකයේ වයස්ගතම ජනතාවක් සිටින රට වේ. මිය ගිය අයගේ මධ්‍යන්‍ය සීමාව අවුරුදු 81 ක් වේ. නමුත් දැන් දැන් එන වාර්ථා අනුව වයස අඩු පුද්ගලයන්ටත් රෝගය වැළඳ මිය යෑම සිදු වේ.  
සමහර වෛද්‍ය වෘතිකයන් පවසන අයුරෙන්, ඉතාලියේ 42,000 කට රෝගය තිබේදැයි පරීක්ෂා කර ඇත. මෙය යුරෝපයේ අන් රටවල් වලට වඩා වැඩි අගයකි. මේ පරිමාණයට පැමිණ ඉතාලිය කරන දේ කිරීමට ලංකාව වැනි අඩු සෞඛ්‍ය පහසුකම් ඇති රටකට කිට්ටු වන්නට වත් නොහැක.  

ස්විස්ටර්ලන්තයේ වාතය නිරීක්ෂණ කරන කමිටුව  [Swiss air monitoring platform IQAir,] මගින් සොයා ගන්නා එක් කාරණයක් වන්නේ, යුරෝපයේ ඇති වාතය අපවිත්‍රම නගර 100න් 24 ක් ඉතාලියේ ඇත යන්නය. තවද යුරෝපයේ වැඩියෙන්ම ඉන්ධන හල් ඇති රටද ඉතාලිය වේ. වැඩිම ඉන්ධන හල් යනු, වැඩිම ෆොසිල ඉන්ධන පුච්චන රට වේ යයි අපට අනුමාන කල හැක. කොරෝනා රෝගයට එහි සමහරවිට සම්බන්දයක්ද තිබිය හැක. 

අද දින රටේ ධාවනය ‘ලොක් ඩවුන්’ කර ඇත. පොදු එකතු වීම්, සිනමා සහ පාසැල් පැවැත්වීම තහනම්ය. ඒවා අතපසු කරන කෙනෙක්ට මසක සිර දඬුවමක් හෝ ඩොලර් 234 ක දඩයකට යටත් විය යුතුය. ඉතාලියේ සෞඛ්‍ය සේවාව නොමිලයේ කෙරේ.  [Servizio Sanitario Nazionale (SSN) යන්න ගූගල් කල විට වැඩි විස්තර කියැවිය හැක.]

 

කොරෝනා රෝගීන් වැඩිවත්ම, ඉතාලි රජය මගින් ආරෝග්‍යශාලාවල ඇඳන් සංඛ්‍යාව දෙගුණ කර ඇත. එහෙත් විශාල රෝගීන් සංඛ්‍යාවක් සිටින නිසා, ‘හදිසි අනතුරු ඒකක’ [ICU] වල ඇති පහසුකම් සහ ඉඩකඩ ඉතා සීමිත වේ.  ලොම්බාඩි ප්‍රාන්තයේ නම්, මෙය ඒ නිසා ජීවිතයත් මරණයත් අතර සටනකි.

කිසියම් හේතුවක් නිසා ලංකාවට විශාල රෝගීන් රැල්ලක් පැමිණියහොත්, එය කිසිසේත්ම පාලනය කල නොහැකි බව පැහැදිළිය. එසේ හෙයින් ඉතාමත් සුපරක්ශාකාරී විධි විධාන ලංකාවට තිබිය යුතුය.  

කොරෝනා වෛරස ව්‍යසනය ඒමට පෙර ඉතාලිය පොදු ණය බරෙන් [public debt] පෙළුණු රටකි. එහි ‘ඒක පුද්ගල ආදායම’, [GDP] මෙන් 134%කි. යුරෝපා හවුලට අයත් රටක් නිසා, මෙය 60% කට වැඩි විය යුතු නැති බවට නිර්ණායක යකි. නමුත් මේ අද ඇතිවී තිබෙන තත්වය නිසා මේ අගය තවත් වැඩි වනු ඇත. එසේ හෙයින්ම යුරෝපා මහාද්වීපටම  ඉතාලියේ පසු බැස්ම දැනෙනු ඇත. එය මේ හා දමා ඇති ප්‍රස්ථාරයෙන් අවබෝධ කරගත හැක. ඉතාලියේ බැස්ම සමඟ අන් රටවල් වලද GDP බැස්ම වන ආකාරය පෙනේ.

එහෙත් එයට තව එක හේතුවක් වන්නේ ඒ අවට රටවල්ද මේ ව්‍යසනයෙන් පීඩා විඳීම වේ.

මාස කීපයකට පෙර ඉතාලියේ තිබි ඒක පුද්ගල ආදායම [GDP] ඩොලර් 40,000 ක් පමණ විය. අද දින එය ඩොලර් 32,000 ට බැස ඇත.  ඉතාලිය මෙන් කාර්මික නිෂ්පාදන රටක් නොවන නිසාදෝ, ලංකාවේ එය ඩොලර් 4000 කි. ඉතාලියේ ඇතිවී තිබෙන මහා ව්‍යසන තත්වයක් නොවුවද,  අද ලංකාවේ ඇතිවී තිබෙන තත්වය නිසා රාජකාරි සේවා අඩාල වී ඇත. ඒ නිසා අපටද, අනාගතයේ උදාවිය හැකි ආර්ථික අවපාතයෙන් බේරීමට නොහැකි වනු ඇත. 

අවම වශයෙන් මේ ආර්ථික තත්වය වත් රටේ පවත්වා ගැනීමට නම්, මේ සැම ගැන සිතා අපට කල හැකි එකම දෙය නම්, වෛරසය මැඩ පැවැත්වීමට කල හැකි සියළු දේ උපරිම වීර්යයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමය.

අද ඇති තත්වය අනුව නම් කල හැකි හොඳම දේ වන්නේ සමාජ දුරස්ථභාවයම වේ. 

 

%d bloggers like this: