Menu Close

why should i? සිංහලෙන් !

McDonalds Cheese burger wrapper

මේ, කොරෝනා අස්සේ වේතන අලකලංචියේ ඉතුරු ටික. එදා නවත්තපු තැනෙ සිට. නමක් ගමක් නොදන්නා ඒ බස්  එක කොළඹ අතුරුගිරිය 170 ව. “මචං අපි දියතට ටිකට් ගම්මු” මං කොළඹ එකා නොවුනත් දියත කියන්නේ අපේ ගෙදර වගේ දැනෙන මතක තියෙන ස්පොට් එකක්. අපේ ඈතින් නෑදෑ වෙන කෙනෙක් ඉන්නවා මාලබේ. මං කාලයක් එහෙ නැවතිලා හිටියා බත්තරමුල්ල රේඩියෝ චැනල් එකක ඉන්ටර්න්ෂිප් එකක් කරන කාලෙක. දියතට අල්ලපු වැටෙමයි. ඔපිස් එකට වැඩියෙන් අපි කාලේ ගත කළේ දියත ස්පොට් එකේ. 


ඉතිං දන්න කියන ඔක්කොම යාළුවන්ට මං ආරාධනා කළේ, ‘අඩේ එනවකො ඕයි දියත පැත්තේ, මේ දැනුත් මං ඉන්නේ ප්ලේස් එකේ’ ඉතිං මං උන් උන්ගේ ඔපිස් අහවර වෙලා, ට්‍රැෆික් එකේ ගාටලා එනකම්ම දියතේ රස්තියාදු උනා හෙන ගැම්මට. ඒ කාලේ අතේ සතේ නැති නිසාත් එතැන තිබ්බ ෆුඩ් හට්ස් වල කෑම හෙන ගණන්, හෙන පොෂ් කියලා හිතුන නිසාත් අපි පුරුදු උනේ අර කොනේ තියෙන ඔසු පොට් එකෙන් රුපියල් පහළොවේ ඉඟුරු ප්ලේන්ටියි උණුවට ඊට ටිකක් මෙහායින් හදන රොටියි ලුණු මිරිසුයි කන්ඩ. හම්මා පංකාදු පහට ගැලපුන ජෝඩුව. හැබැයි දැන් ඒ තැන තියෙනවද දන්නේ නෑ, අවුරුදු හතරකට පහකට පස්සේ එතැනට ගොඩවැදෙන මොහොතේ පට පට ගාලා ඒ මතක ටික ෂෝර්ට් මූවී එකක් වගේ පෙනීගෙන පෙනීගෙන ගියා ආයුබෝවන්ඩ. 


හරියටම බත්තරමුල්ල මැක් ඩොනල්ස් එක එක ඉස්සරහා බස් හෝල්ට් එකේ බස් එක නතර කළා. රේඩියෝ ඉන්ටර්න්ෂිප් එකෙන් පස්සේ ජොබ් එකක් සෙට් උනාට පස්සේ අතේ සල්ලි ටිකක් ගැවසුණාම ඉඳලා හිටලා මැක් එකෙන් කාලා ෆොටෝ එකක් ඉන්ස්ටග්‍රෑම් දාලා පොෂ් වෙන්න ඕනේ කියන දැඩි මතය ඒ කාලේ මටත් තිබුණා. ඒ වගේම දුක් විඳින නහින පොෂ් ගතිය මං ආතල් එකකටත් ගත්තා. මැක් එකේ වහල යට ඉඳගෙන ඒ පොෂ් ගතියෙන් අයුතු ප්‍රයෝජන ගත්තා. දෙවි පිහිටෙන් යාළුවොත් ඒවාටම සෙට් උනා. ඒ කාලේ මං කරපු ව්ලොග්ස් වල ඒ සීන් එකක් දෙකක් ඇති බව මේ දැන් මට මතක් උනා ඔන්න. ශේප් ඔෆ් යූ සිංදුවට වොෂ් රූම් එකේ හති හලාගෙන නැටුවා. මේසා වලට ගගහා අපිට ඕනෑ සිංදුවක් දෙකක් හෙමිට කිව්වා. අතුරු මිතුරු දඹදිවතුරු කළා, වැටි වැටි සෙල්ෆි ගත්තා. රුපියල් පනහේ වැනිලා අයිස්ක්‍රීම් එකක් අරගෙන උදේට යන අපි ලැප්ටොප් චාර්ජ් කරගෙන, ෆෝන් චාර්ජ් කරගෙන, අළුතෙන් යන ඉංග්‍රීසි සින්දුත් ඉල්ලාගෙන හිතවත්කමුත් හදාගෙනයි හවසට එළියට ගියේ. හොරාට හොරාට වයි ෆයි දුන්නු අමිල මල්ලිවත් ආදරෙන් මතක් කරන්ඩම ඕනෑ.  


ඒත් මේ කියන දවසේ නම් මට කිසිම කික් එකක් තිවුණේ නෑ. මගේ යාළුවට මේ හැමදෙයක්ම හැම මතකයක්ම කිව්වොත් හිත හැදේවි කියලා හිතුණත් ඒවා රඟපාලා නටලා වැටිලා ඇස් ලොකු කරලා තව බොරු ටිකක් එකතු කරලා කියන්න තරම් හයියක් මට තිබුණෙත් නෑ. මේ පායන රස්නේ කාලේ හින්දා මට දියතේ කරවෙන්න ඕනෑ උනෙත් නෑ, ඒ මාසේ පඩිය නැතුව අටපට්ටම් වෙලා හිටි නිසා මැක් එකට ගොඩ වෙන්නත් බෑ, “අනුවා පට්ට රස්නේ ඕයි, දියතේ යන්න බෑ මේ මගුලට යමු” හැබෑවටම ඒ මං බලාපොරොත්තුම වුණු වචන ටික. 


කොකාකෝලා දෙකක්, බර්ගර් දෙකක්, ෆ්‍රෙන්ච් ෆ්රයිස් ලාර්ජ් එකක් සමඟින් හම්බුනා සෝස් පැකට් දෙකක්. ඒ ඕඩරේ වැටෙනකොටත් මං හිටියේ දුරකථන ඇමතුමක. “අපිට පුළුවන් නේද මේක මහබැංකුවට රිපෝර්ට් කරන්න ?”, “ලංකාවට සල්ලි ඇවිල්ලා තියෙනවා කියලා ප්රුෆ් එකක් තියෙනවා නම්, ඔව් අනිවාරෙන්ම පුළුවන් අනූ” බලන්න, පළිගැනීම මම කොතරම් දුරට ප්‍රැක්ටිස් කරනවාද. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් අහුරක් කන ගමන් මං ඊමේල් පණිවිඩයක් draft කළා යවන්න පුළුවන් හැම authority එහෙකටම යවන්ඩ කියලා හිතාගෙන, ඒක අදටත් මේ දැනටත් මගේ draft එකේම තියෙනවා ඒ විදියටම. හැම රටක්ම වගේ ලෝක්ඩවුන් වුණු මොහොතක මේ මගේ ගැටළුවට කොහෙන් පිළිතුරක් ද, හැබැයි මගේ සගයා ඒ සල්ලි ටික පියවගන්න පියවර කිහිපයක්ම යෝජනා කළත් මට ඕනෑ උනේ අර නැති වුණු කොටසම ලබා ගන්ඩ. මගේ දෙමව්පියන් පවා කිව්වේ, let the things go කියලා, සිංහලෙන්. ඒත් මං අනිත් අතට අහන්නේ, why should i ? 
why should i? 
why should i? සිංහලෙන් ! 


#අනුවා | සිත්තම් මායා 

%d bloggers like this: