Menu Close

IPL තරගාවලිය අවලංගු වන ලකුණු.

මෙවර IPL ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමේ අවධානමක් මේ වන විට උද්ගතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඒ,ඉන්දීය රජය විසින් දින 21ක කාලයක් සඳහා සමස්ත ඉන්දියාවම වසා දැමීමට ගෙන ඇති තීරණයත් සමඟයි.

එළඹෙන 29 වනදා තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එය ලබන 15 වනදාට කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මීට පෙර තීරණය කළා.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ IPL තරගාවලිය පැවැත්වීම දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.

Share with Friends

%d bloggers like this: