Menu Close

වාහන විත්ති 393 – එංගලන්තයේ මෙන්ම යුරෝපයේද ඉන්ධන හල් වැසෙමින් පවතී. 

Untitledඑංගලන්තයේ මෙන්ම යුරෝපයේ අන් රටවල් වලද ඉන්ධන හල් වැසෙමින් පවතී. එංගලන්තයේ මේ ප්‍රවනතාවය වැඩි වේ. නමුත් මේවා වැසීමට හේතුව වන්නේ,  පරිසරයේ උෂ්ණත්වය වැඩිවීම නොව ලාභය ගැන සිතීමෙනි. වාහනයක් ගැනීම එළවීමට අවශ්‍ය තවත් අංගයක් වන්නේ එයට ඉන්ධන පිරවීමය. එය බොහෝ රටවල් වල සමාජමය කාර්යයක් විය. ඒ රටවල් වල ඉන්ධන හලෙන් කෑම හෝ පත්තරයක් ගැනීම සිරිතකි.  

එහෙත් ඒ සිරිත කෙමෙන් ගිලිහී යන්නේ, ඉන්ධන වෙනුවට විදුළියෙන් විදුළි වාහන වල බැටරි ආරෝපණය කාර ගැනීමේ සිරිත ඇතිවී තිබීමෙනි. 1950 වසරේ ඉන්ධන හල් 40,000 ක් තිබුණු එංගලන්තයේ ඒ ප්‍රමාණය කෙමෙන් අඩු වී යයි. 200 වසරේ එය 13,107ක් විය. එහෙත් එය සිදු වූයේ තෙල් කොම්පැණි මගින් එම ඉන්ධන හල් තවත් කාර්යක්ෂම කර එකතු කල හෙයිනි.  අද එහි ඉන්ධන හල් ඇත්තේ 8400ක් පමණි.

විශාල සහ වඩා නවීන ඉන්ධන හල් මගින් කුඩා පිටිසර ඉන්ධන හල් ඉවත් කර ඇත.

මේවා ඉවත් වන්නට තවත් හේතුවක් වූයේ ලාභ සහ ජනප්‍රිය නොමැති ඉන්ධන වර්ගද විකිණීමෙනි.අද දින කෝපි කෝප්පයක් විකුණු විට, ලීටර් ගණනාවක ඉන්ධන විකුණනවාට වඩා ලාභයක් ලැබේ.මෙයද ඒ සඳහා එක් හේතුවකි. තවද වාහන නවීන ඉලෙක්ට්‍රොනික සහ පරිඝනක ක්‍රම යෙදීමෙන් කාර්යක්‍ෂම වූ නිසාද 1997 වසරේ පමණ සිට අඩු ප්‍රමාණයක් වාහන වලට තෙල් අවශ්‍ය වීමද ප්‍රධාන සාධකයකි.

පැරණි වාහන වල තෙල් අවම සේ, එනම් අද සේ ඉන්ධන කාර්යක්‍ෂමතාවයක් ඇතිව එන්ජින් ක්‍රියාත්මක නොවූ හේතුවක් වූයේ පැරණි කාර්බියුරේටර් ක්‍රමය විය. ඉතා කෙටියෙන් එහි ක්‍රියාකාරිත්වය හඳුන්වන්නේ නම්, වේගවත් තිරස් සුළං පහරකට ලම්භකව ඇති සිරස් බටයක දියර ඉහළට අදී. රික්තයක් ඇති වීම නිසා වන මේ ක්‍රියාවළිය, කෙනෙක් පැරණි බෙහෙත් විදින, සුළං ගසා අතින් ක්‍රියාත්මක කරන පොම්ප වල දකින්නට ඇත.

කාර්බියුරේටරයෙන් කෙරෙන්නේ වාතය සහ පෙට්‍රල් එක් ප්‍රශස්ථ මිශ්‍රණයක් තනා එන්ජිමේ දහන කුටීරයට යැවීමය. මේ කාර්බියුරෙටරයේ ඇති ප්‍රධානම අවාසිය වන්නේ, එන්ජිමේ එක් එක් වේගයන්ට ඉහත කී මිශ්‍රණය වෙනස් වීමය. නමුත් අද දින පරිඝනක මගින් ක්‍රියාත්මක වන පෙට්‍රල් විදින මගින් මේ අඩුපාඩුව වළක්වා ඇත. කාර්බියුරේටරය වාහන වලින් ඉවත් වීමත් පෙට්‍රල් හල් වල පෙට්‍රල් අඩුවෙන් විකිණීමට තවත් හේතුවක් විය. 

එංගලන්තයේ බොහෝ අය අද දින විදුළි වාහන භාවිතා කරති. නමුත් ඉන්ධන හල් අඩු වී යෑමට එය ප්‍රධාන හේතුවක් වූයේ යයි කීමට නොහැක. නමුත් එන්න එන්නම විදුළි වාහන ආරෝපණය කිරීමේ ස්ථාන ඇතිවීම නිසා මේ සාධකයත් අනාගතයේ තවත් හේතුවක් වෙනවා ඇත. දින කීපයකට පෙර පාරේ ළාම්පු කණු ආරෝපිත ස්ථාන කිරීමේ පුවතක් පළ විය.

එනම් විදුළි වාහනයක් නවත්වා තබන තැන් වල ළාම්පු කණුවක් ඇත්නම්, එය ආරෝපිත ස්ථානයක් වනවා ඇත. 

යුරෝපයේ වැඩියෙන්ම ඉන්ධන හල් ඇති ස්ථාන වන්නේ ඉතාලියයි. ඉන් පසුව ජර්මනිය සහ ප්‍රංශය වේ.

ඉන්ධන හල් අඩුවීමේ ප්‍රවණතාවය ලංකාවටද දිනෙක වනවා ඇත. එහෙත් ලංකාවේ නම් ඉන්ධන හල් අඩුවීමට කෙලින්ම හේතුවක් වන්නට ඉඩ ඇත්තේ විදුළි වාහන භාවිතය යයි අනුමාන කල හැක. මක්නිසාදයත් අඳුරු එංගලන්තයේ, සූර්ය බලයෙන් පමණක්ම ශක්තිය ගෙන ක්‍රියාත්මක වන ආරෝපිත ස්ථාන නිර්මාණය කිරීම ප්‍රායෝගික නොමැති හෙයිණි.     


https://eandt.theiet.org/content/articles/2020/03/the-decline-of-the-petrol-station/?utm_source=Adestra&utm_campaign=New%20EandT%20News%20-%20Automation%20FINAL%20-%20NON%20MEMBER&utm_medium=Newsletters%20-%20E%26T%20News&utm_content=E%26T%20News%20-%20Non-Members&utm_term=954359

%d bloggers like this: