Menu Close

රොනාල්ඩෝගේ හෝටලය දුන්නු කතාව බොරුවක්.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තම හෝටල් දාමය කොරෝනා වෛරසය වැලඳුණු පුද්ගලයන් වෙනුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වශයෙන් ලබාදුන් බවට වූ පුවත සාවද්‍ය බවද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත හෙළිදරව් කර තිබෙනවා.

රොනාල්ඩෝ Pestana CR 7 හෝටල් දාමයේ සම හිමිකාරීත්වය උසුලන්නේ Pestana Hotel Group සමඟින්.

මේ පුවත ලොව පුරා පැතිර යන්නට හේතු වූයේ ක්‍රීඩා නිවේදකයකු වන ඒඩ්‍රියානේ බොත්මේ විසින් පළ කළ ට්විටර් පණිවුඩයකින්.

Pestana Hotel ප්‍රකාශකයකු පවසා තිබුණේ එය නිවැරැදි නොවන තොරතුරක් බවයි. තවමත් ඒ පිළිබඳව කිසිදු කරුණු පැහැදිලි කිරීමක් හෝටල් පරිපාලනාධිකාරය වෙත ලබාදී නැති බව ඔහු පවසා තිබුණා.

Share with Friends

%d bloggers like this: