Menu Close

සිරියාව:රුසියාව සහ තුර්කිය ඉඩ්ලිබ් හි දෙවන ඒකාබද්ධ මුර සංචාරය සිදු කරයි

turkey-russia-conduct-second-limited-joint-patrol-in-idlib

මාර්තු මස 23දා තුර්කි සහ රුසියානු හමුදා ඉඩ්ලිබ් හි සිය දෙවන ‘සීමා සහිත’ ඒකාබද්ධ මුර සංචාරය ක්‍රියාත්මක කලේය.මෙම මුර සංචාර සිදු කෙරෙන්නේ තුර්කි-රුසියා ඉඩ්ලිබ් සටන් විරාමයේදී එකඟ වූ පරිදිය.මේ සඳහා දෙපාර්ශ්වයෙන් සන්නද්ධ රථ තුන බැගින් යොදවා තිබිණි.

කෙසේවෙතත් සටන් විරාමයේදී එකඟ වූ පරිදි සටන්කාමීන්ගේ පාලන ප්‍රදේශය හරහා වැටී තිබෙන එම් 4 මහා මාර්ගයේ සම්පූර්ණ කොටස ආවරණය කිරීමට මුර සංචාර සෙබලුන්ට මේ දක්වා හැකියාව ලැබී නැත.ඒ අනුව ඔවුන් එම්4 මහා මාර්ගයේ බටහිර සරාකිබ් හි සුළු භූමි ප්‍රමාණයක් පමණක් ආවරණය කරමින් මුර සංචාරය ක්‍රියාත්මක කලහ.

මොස්කව් හිදී එකඟ වූ පරිදි එම්4 මහා මාර්ගය ඔස්සේ ආරක්ෂිත කොරිඩෝරයක් නිර්මාණය කිරීමේත්,එම කොරිඩෝරයෙන් සටන්කාමීන් සහ ඔවුන්ගේ බර අවි ඉවත් කර ගැනීමේත් වගකීම පැවරී තිබුණේ තුර්කියටයි.ඉන්පසුව එම ආරක්ෂිත කොරිඩෝරය ඔස්සේ මුර සංචාර ආරම්භ කිරීමට නියමිතව තිබුණේ මාර්තු 15දාය.කෙසේවෙතත්,මේ දක්වා ආරක්ෂිත කොරිඩෝරය නිර්මාණය කිරීමට හෝ ත්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ තිබෙන දකුණු ඉඩ්ලිබ් ප්‍රදේශය හරහා දිවෙන එම්4 මාර්ගය ඔස්සේ සිදු කෙරෙන මුර සංචාර වල ආරක්ෂාවට සහතිකයක් ලබා දීමට තුර්කිය අපොහොසත් වී ඇත.

සමහර මූලාශ්‍ර පවසන්නේ ගිවිසුම ක්‍රියාවට නැංවීමටත්,මාර්ගය ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගන්නටත් තුර්කිය නුදුරේදීම සිය හමුදාව භාවිතා කරනු ඇති බවයි.කෙසේවෙතත්,මොස්කව් ගිවිසුමට විරුද්ධව ක්‍රියා කරන්නේද තුර්කි ප්‍රොක්සි හමුදාවන්ගේ ප්‍රමුඛම කොටස වන්නේ එකම ත්‍රස්තවාදී කණ්ඩායම් වීම නිසා එවැනි ප්‍රයත්නයක් තුර්කි හමුදාවෙන් කිසිවිටෙක බලාපොරොත්තු විය නොහැකිය.

 දෙවන මුර සංචාරයට සහභාගී වූ රුසියානු හමුදා පොලිසියේ සහ තුර්කි හමුදාවේ සාමාජිකයෝ

turkey-russia-conduct-second-limited-joint-patrol-in-idlib

turkey-russia-conduct-second-limited-joint-patrol-in-idlib

turkey-russia-conduct-second-limited-joint-patrol-in-idlib

 

turkey-russia-conduct-second-limited-joint-patrol-in-idlib

 source:southfront.org

%d bloggers like this: