Menu Close

චීනය මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කළේ ඇයි

මේ ලිපිය සම්බන්ධ මුල් ලිපිය පළමුව කියවන්න.

මුඛ ආවරණ පැළඳීම

රෝගය බෝවන අන්දම දළ වශයෙන් 
(කලින් පෝස්ටුව කියවා මෙය කියවන්න)
සියලු දෙනාටම ප්‍රශ්නයක් වන්නේ මුඛ ආවරණ පැළඳීම සමහරු බල කරද්දී විශේෂන්ඥ වෛද්‍යවරු එසේ නොකියන්නේ ඇයිද යන්නය. ඔවුන් නිවැරදි බව කලින් දැමූ පොස්ටුවේ කියුවෙමි. එසේ නම් චීනය වූහාන් ප්‍රදේශයේ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කළේ ඇයි?
එය මෙසේ පැහැදිලි කරමි.
ලෝක සෞඛ්‍ය ය සංවිධානයට අනුව එක් අයෙකුගෙන් දෙදෙනෙකුට වත් අවම වශයෙන් වයිරසය පැතිරේ. (හරි ගණන 2.2 කි) ඒ නිසා දෙදෙනෙකුට, ඉන්පසු හතර දෙනෙකුට , ඉන් තවත් අට දෙනෙකුට, ඉන් තවත් 16 දෙනෙකුට වශයෙන් රෝගය පැතිරේ. රෝගය පැතිරීම ඉතා ඉක්මන්ය. 
 වයිරසය ඔබේ සිරුරේ තිබුනද රෝග ලක්ෂණ මතු වන්නේ දින 2-14 අතර කාලයක් තුලදීය. මෙයට කියන්නේ බීජෞෂණ සමය  incubation period කියාය.  මේ කාලය තුල වයිරසය ඇති තැනැත්තා අවුරදු උත්සවයක “සැඟවුණු  අමුත්තා ” වැන්නෙකි. ඔහු හෝ ඇයගෙන් රෝගය බෝ වුනද රෝගය ඇතැයි ඔවුන් දන්නේ නැත. මෙහි සාමාන්‍යය අගය (Average)   දින 5 කි. දින 5ත් 14ත් ඇතුලත රෝගය වැළඳී මුඛ ආවරණ පළඳින්නට පටන් ගන්නා  විට ඔවුන් බොහෝ විට තව කිහිප දෙනෙකුට අයට එය පතුරුවා තිබෙන්නට පුළුවන්. 
එනිසා මුහුණ වැස්මක් හෝ මුඛ ආවරණයක් පැළඳීම රෝගය නැති අයෙකුට අවශ්‍ය නැත. නමුත් රෝගය පැතිරීම අතිශයින් වේගවත් වීම නිසාත් රෝග ලක්ෂණ ඇති අය ඒ ගැන නොදැනුවත් වූ නිසාත් චීන බලධාරීන් සැමටම මුඛ ආවරණ පළඳවන්නට නියෝග කරන ලදී. ඉන් ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ රෝගය වැළඳී ඒ ගැන නොදත්ත වුන් ගෙන් රෝගය පැතිරීම වලක්වා ලීම විය හැක. 
බටහිර රටවල අවශ්‍ය ප්‍රමාණය ට මෙම වැසුම් නැති හෙයින් ඔවුන් එය පැළඳීම අනිවාර්ය කර ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සපයන අයට පමණකි.
මුලාශ්‍ර Coronavirus Disease 2019 (COVID-19)
%d bloggers like this: