Menu Close

  කොරෝනා වෛරසය ගැන ඇති මිත්‍යා මත කිහිපයක්

                                  maxresdefault  මේ විස්තර ලබා ගත්තේ, ළිපියේ පහළ සටහන් කර ඇති ‘Medical News Today’ යන ලින්ක් එක මගිනි. 2020 මාර්තු 20 දිනයේ මේ ළිපිය පළවී ඇත. තවද මුඛ ආවරණ පැළඳීම ගැන විවිධ මත ඇත. ඒ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශ කරන මතය පහත ඇත. එහි ලින්ක් එකද පහත ඇත. 

SARS-CoV-2 [“severe acute respiratory syndrome coronavirus 2],”සේ හඳුන්වන කොරෝනා වෛරසය, චීනයේ වුහාන් සිට ඇන්ටාර්ක්ටිකා මහාද්වීපයේ හැර අන් සියළු මහාද්වීප වල පැතිර ගොස් ඇත.  ලෝක සෞඛ්‍ය සංව්ධානය 2020 මාර්තු 11 දින එය ලෝකය පුරා පැතිරෙන වසංගතයක් [Pandemic] බව ප්‍රකාශ කළේය.

අද මාර්තු 25 වන විට එමගින් ආසාදිතයන් මිලියන කාලක් සහ, දස දහසකට වඩා වැඩි මිනිසුන් ප්‍රමාණයක් මිය ගොස් ඇත.

මේ ව්‍යසනය ආශ්‍රිතව ඇති මිත්‍යා මත.

1. ක්ලෝරීන් හෝ මධ්‍යසාර සමේ ආලේප කල විට ශරීරයේ ඇති වෛරස මිය යයි :-  මිත්‍යාවකි. ක්ලෝරීන් හෝ මධ්‍යසාර ඇසේ හෝ ඇහේ ගෑවුන හොත් ඉන් හානි පැමිණිය හැක. මේ ද්‍රව්‍ය සම මත ආලේප කල යුතු නැත. මේ ද්‍රව්‍ය වලින් ශරීරයේ ඇති වෛරස නැති කිරීමට නොපුළුවන. 

2. වයසක සහ තරුණ අය පමණක් මින් ව්‍යසනයට පත්වේ :- – මිත්‍යාවකි. ඕනෑම වෛරසයකින් මෙන් මෙම වෛරසය මගින් ඕනෑම කෙනෙක්ට ව්‍යසන ඇති කල හැක. එහෙත් වයසක හෝ දියවැඩියාව, ඇදුම වැනි රෝග තත්ව තිබෙන අයට මේ රෝගය වැළඳීමේ ඉඩකඩ වැඩි වේ. 

3. ළමයින්ට මේ COVID-19 රෝගය වැළඳෙන්නේ නැත:- මිත්‍යාවකි. ඕනෑම වයස් පරතරයක කෙනෙක්ට මෙය වැළඳිය හැක. මූලික නිරීක්ෂණ වලින් පෙන්වා දෙන්නේ දරුවන්ට මෙය වැළඳිය හැකි වුවද, ඔවුන්ට ඇති වන රෝග ලක්‍ෂණ එතරම් දරුණු නොවන බවය.

4. මෙය සෙම්ප්‍රතිශ්‍යාවක් වැනිය:-  SARS-CoV-2 මගින් සෙම්ප්‍රතිශ්‍යා ආකාරයේ ලකුණු එනම් සිරුර වේදනාව, උන සහ කැස්ස ඇති කරයි. එහෙත් සෙම්ප්‍රතිශ්‍යාව සහ SARS-CoV-2 යන දෙකෙන්ම නියුමෝනියාව ඇති කරයි. නමුත්  COVID-19 මගින් වන ප්‍රතිඵල වඩාත් බරපතලය. මරණ අනුපාතය 1% සිට 3% පමණ වේ. විද්‍යාඥයන් මේ අනුපාතය තවමත් සොයා යන නමුත්, එය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව නිසා හැදෙන නියුමෝනියාව වැනි අවස්ථාවකට වඩා බොහෝ වැඩි වේ.

5. COVID-19 වැළඳෙන සියල්ලන් මිය යති. :- මිත්‍යාවකි. ඉහළ සඳහන් කර ඇති පරිදි එය භයානක වන්නේ කුඩා ප්‍රතිශතයක අයට පමණි.  ළඟදී යන ආයතනයෙන් ලැබුණු වාර්ථාවේ සඳහන් පරිදි, COVID-19 හී 80.9% ක් අවස්ථාවන් එතරම් ව්‍යාධියක් වන්නේ නැත. [Mild] . ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයකට අනුව 80% ක් පමණ මිනිසුන් සඳහා ආරෝග්‍ය ශාලාවක ලබා දෙන විශේෂඥ උපදෙස් අනවශ්‍යය. කුඩා රෝග ලක්‍ෂණ අතර උන, කැස්ස, උගුර වන වීම, හතිය සහ හුස්ම කෙටි වීම ඇති විය හැක.

6. බළලුන් සහ බල්ලන් කොරෝනා වෛරසය පැතිරීම කරති. :- මිත්‍යාවකි. මෙය විශේෂයෙන්ම පතුරවන්නේ මිනිස්- මිනිස් ඇසුරෙනි. නමුත් මේ කාරණය හරමක විවාදාත්මක බවකින් යුතුය. 

7. මුහුණු ආවරණ කොරෝනා වෛරසයෙන් අප ආරක්‍ෂා කරනු ලබයි. :- සෞඛ්‍ය සේවා ලබා දෙන්නන් ඉහළ තත්වයේ මුඛ ආවරණ භාවිතා කරති. ආසාදනය වැළැක්වීමට ඒවා මුහුණට තදින් සම්බන්ද වී ඇත. නමුත් වරක් භාවිතා කර විසි කරන මුඛ ආවරණ එසේ නොවේ. ඒවා ඒ ආකාරයේ ආරක්‍ෂාවක් ලබා දේ යයි නිගමනය කල නොහැක. මේ වරක් භාවිතා කරන ආකාරයේ ආවරණ හරහා දියර බිඳිති නාසයට සහ මුඛයට ඇතුල් විය හැක. තවද ඒ මුඛ ආවරණ තනා ඇති ද්‍රව්‍ය හරහා විනිවිද ගොස් විෂබීජ ඇතුල්විය හැක.

නමුත් යම් කෙනෙක්ට ශ්වසනය හා සම්බන්ද [respiratory illness] ආසාදනයක් පවතී නම්,  එවැනි එක වරක් භාවිතා කරන මුඛ ආවරණයක් භාවිතා කිරීම, අන් අයට ඒ ආසාදනය පැතිරීම වැළැක්වීමට උදව්වක් වේ.  මේ ගැන ‘බෙන් කිලෙන්ලේ’ නමැති විශේෂඥ වෛද්‍යවරයා [ Dr. Ben Killingley, Consultant in Acute Medicine and Infectious Diseases at University College London Hospital in the U.K] කියන්නේ,  … “ඉතා කුඩා සාක්ෂි ප්‍රමාණයක් පමණක්, රෝගයෙන් බේරීම සඳහා මේ මුඛ ආවරණ සපයන්නේය”…යන්නය.

තවත් වැදගත් දෙයක් වන්නේ, මේ ආවරණයක් පැළඳු විට, එය ‘ආරක්‍ෂාව ඇතැයි යන ව්‍යාජ අදහසක් ලබා දීම’ සිදු වේය සහ, ඒ විශ්වාසය නිසාම අනෙක්  “අත් සෝදා ගැනීම වැනි සෞඛ්‍ය පිළිවෙත්” ඉන් මඟ හැරෙන්නට ඉඩ ඇත යන්නය.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රෙකමදාරු කරන්නේ මෙසේය. කිසියම් පුද්ගලයෙක්ට COVID -19 බෝවී ඇතැයි සැක කරන්නේ නම්, ඔහු හෝ ඇය මුඛ ආවරණයක් පැළඳිය යුතුය. නමුත් එය ප්‍රයෝජනයක් වන්නේ, ඒ පුද්ගලයා නිතර මධ්‍යසාර ආශ්‍රිත අත්සෝදා පිරිසිදු කරන ද්‍රාවණයක් මගින් හෝ සබන් ද්‍රාවණයකින් අත් සෝදන්නේ නම් පමණි. 

මේ වරක් භාවිතා කරන ආකාරයේ මුඛ ආවරණයක් ක්‍රමානුකූලව විනාශ කල යුතුය.
[ මුළු ලිපිය මේ පහත ලින්ක් එකේ ඇත. ]

+++

මුඛ ආවරණ සම්බන්දව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයන් මෙසේ වේ.

අ). ඔබ නිරෝගී නම්, ඔබ මුඛ ආවරණයක් පැළඳිය යුත්තේ සැක සහිත 2019-nCoV infection [කොරෝනා රෝගය] රෝගියෙක් බලා ගන්නවා නම් පමණි. 
[If you are healthy, you only need to wear a mask if you are taking care of a person with suspected 2019-nCoV infection.]
ආ). කැස්සක් හෝ කිමිහුමක් පවතින්නේ නම් මුඛ ආවරණයක් පළඳින්න.
[Wear a mask if you are coughing or sneezing.]
ඇ).  මුඛ ආවරණ ප්‍රයෝජනයක් වන්නේ නිතර මධ්‍යසාර ආශ්‍රිත හෝ සබන් සහ වතුර ආශ්‍රිත ද්රාවනයකින් අත සොදන්නේ නම් පමණි.
[Masks are effective only when used in combination with frequent hand-cleaning with alcohol-based hand rub or soap and water.]
ඈ). ඔබ මුඛ ආවරණයක් පළඳින්නේ නම්, එය නිවැරදිව භාවිතා කරන ආකාරය සහ විනාශ කරන ආකාරය ගැන දැනුවත් විය යුතුය.
[If you wear a mask, then you must know how to use it and dispose of it properly.] 

https://www.medicalnewstoday.com/articles/coronavirus-myths-explored

https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/advice-for-public/when-and-how-to-use-masks

%d bloggers like this: