Menu Close

ලොක් කරපු දවස්

කොවිඩ් -19 එහෙම නැතිනම් කොරෝනා දැන් මුලු ලෝකෙම බය කරලා ඉවරයි. දැන් ලෝකේ කොයි කෙළවරක නිවුස් බැලුවත් තියේනනේ කොරෝනා ගැන. කොරෝනා වලින් ජන ජීවිතය ලෝකෝත්තර ඒ කිව්වේ ග්ලෝබලිම වෙනස් කරලා තියෙනවා. මේ එක්ක මිනිස්සු හැමෝම භිතියකට පත් වෙලා. ව්‍යසනයක් කිව්වාම අපි පුරුදු වෙලා උන්නේ බොහෝවිට එකපාර එන ව්‍යසන වලට. ඒත් මේ වගේ ස්ලෝ ඉතාම හෙමින් ඒත් බරපතල අනතුරක් ගැන අපිට එතරම් අත්දැකීමක් නැහැ.

අපි සරලව ගත්තොත් අපේ රටේ ජීවිත තිස්දාහක් මුලු ලෝකෙන්ම ජීවිත දෙලක්ශයට අධික ප්‍රමාණයක් බිලිගත් සුනාමිය තිබුනේ එක වරුවයි. ලංකාවම ගත්තොත් සම්පූර්ණ විනාසය වෙන්න පැයක් දෙකක් විතරයි ගියේ. ඒ වගේ ගංවතුර නාය භූමිකම්පා ගිණිකදු වගේ ක්ෂණික ෂොක් කිය්නනේ ලෝකෙ කොයි කෙළවරක වුනත් ඇතිවෙන්න පුලුවන් දෙයක්. ඒත් මේ අලුතින් ඇවිල්ලා තියෙන වසංගතය අපි හිතුව වගේ නෙමයි. මේක ෆිල්ම් එකකට ගන්න ගියත් ටිකක් අමාරු සීන් එකක්. කොටින්ම ලංකාවේ පලවෙනි ලෙඩා සිට දෙවන ලෙඩාට කාලේ මාසයකට වැඩියි. එත් පලවෙනි වතාවට වඩා දෙවනි වතාව දරුණුයි බිහිසුනුයි.

අපිට කොටුවෙලා ඉන්න හැකිද?

ගෙදරට වෙල ඉන්න එක ලෙඩට හොදයි. ලෙඩ පැතිරීමට නරකයි. ඒක තමයි කල යුතුම දේ. එත් මෙතනැදි එනවා අර සිල් වගේකේස් එකක්. අපි දන්නවා අපි සිල් විදිහට ගන්න අනුන්ගේ දේවල් සොරාගැනීම කාමේ වැරදි ලෙස හැසිරීම වගේ දේවල් ඒවා යේ යෙදෙන පිරිස් පවා පැහැදිලි ලෙසම වැරදි කියලා දන්නවා. ඒත් ඒ දේවල්ෙ කරෙනවා. මොනායම්ම හෝ හේතුවකට තක්කඩිකමකට අලුකුත්තේරුකමකට සංසාර පුරුද්දකට හෝ ඒ දේවල් වෙනවා. ඒ වගේ අපිට කෝචචර කිවිවත් මේ අලුත් ගෘහස්ථ ලොක් ඩවුන් ජීවිතයට හුරු වෙන්න අමාරුයි.

මේක චීනේදි නම් කොහොම හරි වෙඩි තියලා හරි එයාල ගොඩදාගන්න ඇති. ඒත් අපට ? අපි වැඩට නොගිහින ්ෙගදර ඉදපු හැම දවසක්ම එක්කෝ මොනාහරි හේතුවක් අපිට තිබුනා. ලෙඩ නිවාඩු කියමු. අඩුගානේ අපිට ලෙඩක්වත් තිබුනා. ඒත් දැන් ගෙදර වෙලා හිරවෙලා ඉන්න අයගෙන් සියයට අනූ අටකටත් වඩා පිරිසකට කිසිම ලෙඩක් නැහැ. ඒ වගේම විසේස රාජකාරියක් නැහැ. ඔහේ ඉන්න තියෙන්නේ. උත්සව අවස්තාවක් චාරිකාවක් හෝ මොකුත් නැතුව ගෙදර ඉන්නවාකියන්නේ අපිට කලින් ආවේ නැති අත්දැකීමක්. ඔන්න ඉදලා හිටලා දවසක් නම් කමක් නැහැ. මේක දවසක් කීපයක් සතියක්ම වගේ දැන් ගෙවිලා ගිහින්. ඒ එක්ක මේක දවස ්කිහිපයකින් බෝරින් වෙනවා.

පැනික් බයින්

පැනික් බයින් කිව්වාම මට ඊයේ මතක් වුනා. ඊයේ තංගල්ල ටවුමේ තිබුන සුපිරි වෙළදැසැල් දෙක සහ සතොස තුනම පෝලිම. ඒ මදිවට පොඩි පොඩි සිල්ලර කඩවලත් පෝලිම. පෝලිම තිබුන් නැත්තේ චිකන් කඩවල, හරක් මස් මාළු කඩවල, වාසනා බේකරිය, සෙල්ලම් බඩු කඩවල් වගේ තැන් කිහිපයක විතරයි. ඉතින ්මම කලේ දැල්ලෝ, චිකන්, පොඩි උන්ට සෙල්ලම් කරන් බැට් එකක් වගේ දේවල් ටිකක් අරන් ආව එක. මිනිස්සු නෙමෙයි සත්තු විශේෂ වුනත් කන්න නැති කාලේට කන්න එකතු කරගන්නවාලු නේ. එක්කෝ උන් කෑඹ වැඩිපුර තියෙන පලාතකට ටුවර් එකක් වත් යනවා. අයහපත් කාලයක් එනකොට කෑම ටිකක් එකතු කරලා ගල් ගුහාවේ අස්සක හංගලා තියන එක අපේ ගල් යුගේ පවා ඉදපු ආච්චිලා සීයලා කරන්න ඇති. එහෙම නැතුව අද ජොලි කරපන් හෙට මලා වුනත් කියලා හිතපු අපේ ආත්තල සීය මුත්තලා එහෝම මැරිලා යන්න ඇති. ඒ එක්ක කෑම බීම අත්‍යාවශ්‍ය දේවල් එකතු කරගැන තියාගැනීමෙ ්ෙලාකු මැජික්ස් එකක් නැහැ. සමහර අය මිටි පිටින් ගෙනියන්නත් ඇති. ඒ ඉතින් එක එක්කනාගේ ස්ටයිල් එක. පෙලක් අය මාසෙකටම එක පාරක් බඩු ගොඩක් ගෙනිහින් ගෙදර පැක් කරගන්නවා. ඒම අය සමහර විට ඒ බඩු ග්නනා දවස ආවේ නැතත් පරණ පුරුද්දටම ඉඩ දීලා වෙනදා වගේ මහ ගොඩක් ගෙදර ගෙනිය්නටන ඇති.

චීනේ කොලා නේ අපිට බැහැ නේ

රටවල් විතරක් නෙමෙය් සමාජ වසයෙන් ගත්තත් ඒවා එකිනෙකට තියෙන වටිනාකම් හැකියාවන් ඒවායේ ස්වභාවික ගති ආදිය වනෙස් වෙනවා. අපේ රටේ බස් එකක පුලුවන් මිනිස්සු සීයක් කිසිම ගේමක් නැතුව ගෙනියන්න. ඒත් වෙන රටක මිනිස්සු එහෙම දේකට කැමති නැහැ. අපේ රටේ කෝච්චියක පිිරිලා දොරවල් කට කපලා යන එක කාටවත් ගැටුමක් නැහැ. ඒ අපිට නෝමල් දේවල්. ඒත් තවත් රටක ඕවා වෙනස්. චීනේ ගත්තාම චීනේ රජය කියන්ේන ලොකු ප්‍රබල හස්තයක්. රජයේ තීරණ වලට අපිට වගේ ජෝක්ස් දාන්න ෆේස්බුක් පෝස්ට් දදා ආතල් ගන්න චීනෙදි බැහැ. එයාල ඒකට පරම්පාර කිපිහයක්ම හුර ුෙවලා. ඒ වගේම යම් ව්‍යසනයකදී හොදම විසදමු රජේ විසදුම කියලා විස්වාස කරන්න චීනු කැමතියි.

චීනෙත් ලේසි නහැ. කොච්චර කයි ගැහුවත් චීනෙට සක්සස් වෙන්න මාස දෙකක් විතර ගියා. ඒවගේම ජීවිත දාස් ගානකට කොරෝනා ආසාදනය වුනා. අලුතින් හොස්පිටල් පහසුකම් පවා හදන්න වුනා. කොහොම හරි අවසානේ චීනේ වාර්තවෙන ොරා්ගින් අඩු කරගත්තා. ඒත් ඒ ක්‍රමය ලංකාවෙ ්අපිට තියා වෙනත් කිසිම රටකට හරියය්ද? රජය ගැන ඔය තරම් අන්ධ විශ්වාසයක් තියෙන රටක් වෙන තියනවා නම් ඒ උතුරු කොරියාව වෙගේ එකක් වෙන්නට ඕනි. ඒ වගේම රාජකාරිය තමුනගේ මුල් තැන තියලා වැඩකරන සේවකයෝ..ඒත් චීනේම තමයි. ඒ වගේ චීනේ කොරියා, ජපාන ආදී රටවල ජනතාව හිතන විදිහ එක්ක ඒ රටවල අයිසොලේට් වලට ඇත්තටම සපෝටිව්. එත් අනෙක් රටවල් ගත්තාම ඒක හෙමද?

යුරෝප් මිනිස්සු කාල බීල ඇවිදලා පුලුවන් නම් රජය විවේචන කරලා විතරක් නෙමෙයි පාරටත් බැහැල උද්ගෝසන කරලා ටිකක් හැපනින් එකක් තියෙන මිනිස්සු. ඒ නිසානේ අපේ උදවිය ඔසී නිව්සීලනඩ්් යුරෝප් රටවලට යන්න උථ්සාහ කරන්නේ. හොද හොද ක්‍රමවේද තිබුනත් නිදහස සහ පුද්ගලයින්ට තියෙන විනෝද අවකාශය යුරෝප ආදී දියුනු රටවල වැඩියි. ඒ මිනිස්සු අපේ රටවලට වඩා සැහැල්ලුවෙන් ජීවිතය දකිනවා. ඒ එක්ක ඒ රටවල පැතිරීම අඩු කරගන්න එක ලොකු ගැටුමක්. රජයක් කියන දේ අහසින් පාත් වෙන් නැහැ. චීන කොරියා ජපාන රජයවල් ඒ මිනිස්සුන්ගේ හැටියට. යුරෝප රජයවල් ඒ මිනිස්සුන්ගේ හැටියට තමයි පහල වෙන්නේ.

එක පැත්තකින් අපට ඉතාලියට දොස් පවරන්න පුුලුවන් වුනත් ඉතාලිය කියන්නේ ලෝකේ පැරණිම රටක්. පැරණිම නගර කිහිපයක් තවමත් ඉතාලිය ලස්සනකරනවා. ඉතින් ඒ රටවල ඉන්න සමහර මිනිස්සු පරම්පරා ගානක් තිසේස හුරුවුනු ක්‍රමවේද සංස්කෘතින් තියෙනවා. ධනවාදය එක්ක අපේ රටවලට වගේ ඒ මිනිස්සුන්ට සංස්කෘතිය අමුවෙන්ම කණපිට ගහගන්න උවමනා වුනේ නැහැ. ඔවුන්ට තියෙන්නේ ධනය එක්ක වැඩුනු ධනය එක්ක එකට සම්බන්ධ වුනු මේ ක්‍රමයේ තියෙන උපරිම විනෝදය ලබාගන්න තියන ක්‍රමවේද. සරලව කිව්වොත් අපි විනෝද වෙන හැටත් අපි සුද්දගෙන් කොපි කරනවා. ඉතින් සුද්දා විනෝද වෙන හැටි ඌට කියලා දෙන්න වෙන එකෙක් නැහැ. ඒක උන්ම හෙොයාගත්ත දෙයක්. ඒකත් එක්ක සුද්දාට මේ ජීර්ණය වෙච්චි උගේ විනෝද චර්යාව වෙනස් කරගන්න ලෙඩකට වුනත් ටිකක් අමාරුයි.

නැතිකරගමු

අපේ ලංකාවේ කොච්චර පෛායි කෙලියත් තියෙන සම්පත් සීමිතයි. සති හතරක් වැඩට ගියේ නැතොත් චීනේ මිනිස්සු ජීවත්වුනා වගේ අපිට ජීවත් වෙන්න බැහැ. කම්පැනි කාරායෝ පඩි ගෙවන් නැහැ. ඒ වගේම අපේ රටේ සෞඛ්‍ය අංශවල ඉන්න දොස්තරලා අඩුයි, පුහුනු කාර්යමණ්ඩල අඩුයි. ඇදන් අඩුයි, අයි සී යූ අඩුයි. අලුත් රෝගෙකට තියා සාමාන්‍ය මට්ටමෙන් අඇදන් යන්නවත් අපේ රටේ සෞඛ්‍ය පහසුකම් මදි. ඒ තත්වය එක්ක අපේ රටේ සැරට පැතිරුනොත් උකා පෝච්චි මල්ෙ පා්ච්චි තත්වයක් උදා වෙනවා. උපරිම ලෙඩ්ඩු 500 පනිනවා කියන්නේ අපිට මූන දෙන්න වෙන තත්වය ටිකක් අමාරුයි. ඒ නිසා දැන්ම ඔය ආන්ඩුවකියන විදිහට ජීවත් වෙලා මේ ටික කාලෙට විතරක් අපිට චීනා විදිහට හිතන්න හුරුවෙන්න ඕනි. මේ කියනමටත් ඒක අමාරුයි.එ ්්ත අපි ට්‍රයි කරමු.

%d bloggers like this: