Menu Close

මුඛ ආවරණ පැළඳීම

මුඛ ආවරණ රතු තරුවෙන් හදල දෙන එක හොඳයි. ඒ සමගම ඇඳුම් කට්ටලත් දෙන නිසා. විශිෂ්ඨ වැඩක්.

ඒත් සමහරු  වෛද්‍ය අනිල් ජාසිංහ කියපු දේ ප්‍රශ්න කරලා තිබුන. කවුරුහරි කිවිසුමක් ඇරියොත් ඔබ ගාව ඉඳන් මුඛ ආවරණයෙන් බේරෙන්නේ මුව විතරයි. කෙළ බින්දු ඇහැට වැටෙන්න පුළුවන් ඒ එන වේගෙට, මුහුණේ ඉතිරි පෙදෙසට වැටෙන්න පුළුවන්.  ඒ කියන්නේ මුඛ ආවරණයෙන් බේරෙන්නේ 10-30% ප්‍රමාණයක් විතරයි. (ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය බලන්න )

ඊට පස්සේ මූණ  අතින්  ඇල්ලුවොත්  හැදෙනවා. එනිසා එක්කෝ හෙල්මට් එකක් දාන්න ඕනේ. නැත්නම් හාර්ඩ් වෙයාර් කඩේකින් බාසුන්නැහේ ලා දාන ප්ලාස්ටික් ඇස් ආවරණයක් දාන්න. මම දාන්නේ ඒකක්. වානේ  පෘෂ්ඨ (stainless steel) මත පැය 9 කුත් ප්ලාස්ටික් මත පැය හයකුත්  අනිකුත් පෘෂ්ඨ මත  පැයක් පමණත් වෛරසය රඳන නිසා අත් වැසුම් පළඳින්න ඕනේ. විශේෂයෙන් සල්ලි අත ගාන සුපර්මාකට් වල අය. අත් දෙක හැම වෙලේම හෝදන්න කියන්නේ ඒකයි. පිහදාන්න ඩෙටොල් නැත්නම් දෙහි ගෙඩියක් කපල අතුල්ලන්න. එපමණම  හොඳ නැති  වුනත් යම් සහනයක් තිබෙනවා.

සබන් තමා හොඳම. ඒකෙනුත් ඔය හොඳ සුවඳ ඒවා නෙමේ රෙදි හෝදන සබන් වගේ ඒවා . එසේම දෙමල ජනතාව ඉහින කහ වතුරත්  ඉතා හොඳයි පැතිරීම වලක්වන්න.

කහ වතුර  ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍යනම් පහල යොමුවට යන්න.
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6509173/

%d bloggers like this: