Menu Close

ගුවන් නියමු රොමන් ෆිලිපොව්:රුසියානුවෙක්ගේ වික්‍රමාන්විත මරණය සිදු වූ තැන

Found-the-place-of-heroic-death-of-pilot-Roman-Filipov

රුසියානු ගුවන් නියමු මේජර් රොමන් ෆිලිපොව් සිරියාවේදී දිවි පිදූ ස්ථානය සොයා ගන්නට රුසියානු යුද වාර්තාකරුවන් වන යෙව්ගෙනි පොඩුබ්නි සහ ඔලෙග් බ්ලොකින් සමත් විය.ඔහු මිය ගිය ස්ථානය ලෙස හඳුනාගෙන තිබෙන්නේ 35 ° 42′57.03 ″ N 36 ° 46′21.27 ″ E යන ස්ථානයයි.

2018 පෙබරවාරි 3දා ඉඩ්ලිබ් පළාත ඉහළ අහසේ පියාසර කරමින් තිබූ ඔහුගේ සුකොයි-25 එස් එම් යානය ත්‍රස්තවාදීන් විසින් බිම හෙළුවේ ජංගම ගුවන් ආරක්ෂක මිසයිල ප්‍රහාරයක් මගිනි.ප්‍රහාරයට ලක් වෙද්දී ඔහු ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ නිරීක්ෂණ මෙහෙයුමක නිරතව සිටි බව සඳහන් වේ.යානය බිම පතිත වීමට පෙර ඉන් ඉවත් ව පැරෂූටය ආධාරයෙන් පොළොව ලගා වුවද ඔහු ත්‍රස්තවාදීන්ගේ පාලන ප්‍රදේශයේ කොටු විය.ඔහු සිය අවසන් මොහොත වන තෙක් ත්‍රස්තවාදීන් සමග සටන් වැදුණු අතර බරපතල තුවාල සහිතව අවසානයේදී වර්ගයේ අත් බෝම්බයක් පුපුරවාගෙන මරණයට පත් වූයේය.

රොමන් ෆිලිපොව්

ඔහුගේ අවසන් මොහොත ත්‍රස්තවාදීන් විසින් පටිගත කර තිබිණි.නියමු ෆිලිපොව් අවසන් මොහොතේ විශාල ගලකට මුවා වී ත්‍රස්තවාදීන්ට සිය පිස්තෝලයෙන් වෙඩි තබමින් සිටින අයුරු එහි දැකගත හැකිය.අවසානයේ ත්‍රස්තවාදීන් ඔහු අසලට ලගා වෙද්දී අත් බෝම්බය පුපුරවා ගන්නේ “සගයනි මේ ඔබලා වෙනුවෙනි” යැයි කියමින් කෑගසමින්ය.

ගුවන් නියමු රොමන් ෆිලිපොව්ගේ අවසන් මොහොත

මරණයෙන් පසුව රොමන් ෆිලිපොව් රුසියානු සමූහාණ්ඩුවේ වීරයෙක් යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීය.

source:rusvesna.su

%d bloggers like this: