Menu Close

කොවිඩ්-19 සහ ට්‍රම්ප්ගේ වෙස් පෙරළීම

china-us-coronavirus-trumpandemic

කොවිඩ්-19 වසංගතය හමුවේ තම අසමර්ථකම් වසා ගැනීම සඳහා වොෂින්ටනය දැන් බීජිං රජයට චෝදනා කරමින් සිටින්නේ යැ‍යි චීන විදේශ අමාත්‍යාංශය පවසයි.ඔහු මෙම වෛරසය “චීන වෛරස” යනුවෙන් හැඳින්වීමට ප්‍රතිචාර ලෙස චීනය “ට්‍රම්ප් වසංගතය” ලෙස එය හඳුන්වාදී තිබේ.

 වසංගතයට එරෙහි චීනයේ සටන ගර්හාවට ලක් කරන්නත්,එහි වගකීම චීනය මත පටවන්නටත් එක්සත් ජනපදයේ සමහරක් පිරිස් උත්සාහ දරමින් සිටින්නේ යැ‍යි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ජෙන්ග් ෂුන්ග් මාර්තු 21 දා මාධ්‍ය වෙත පැවසීය.සති ගණනක් තිස්සේ ඇමෙරිකානු මාධ්‍ය ‘චීන සහ වූහාන් වෛරස’ ලෙස මෙම වසංගතයට හේතු වූ වෛරසය හැඳින්වීමෙන් පසුව එම යෙදුම එරට ජනපති ඩෙනල්ඩ් ට්‍රම්ප් ඇතුලු රාජ්‍ය තාන්ත්‍රිකයන්ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ප්‍රතිචාර වශයෙන් ඔහු එසේ කීය.

කොවිඩ්-19 වසංගතය සම්බන්ධව පසුගිය මාස තුනක කාලය තුල ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කල ප්‍රකාශ

මානව සෞඛ්‍ය සහ ආරක්ෂාව උදෙසා චීන ජනතාව සිදු කල දැවැන්ත කැප කිරීම මේ හරහා නොසලකා හැර ඇතැයි චීනය සඳහන් කරයි.

පසුගිය මාස දෙකක කාලය තුල සමයානුකූලව තොරතුරු සහ අනෙකුත් ආධාර එක්සත් ජනපදය ලබා දෙමින් කොරෝන වෛරස් සමග සටන් වැදීම සඳහා ප්‍රමාණවත් කාලයක් එරටට සපයා දුන්නේ යැයි ප්‍රකාශකයා කීය.නමුත් ලබා දුන් සහාය එක්සත් ජනපදය නාස්ති කලේ යැයි ඔහු චෝදනා කලේය.

කොවිඩ්-19 වසංගතය සම්බන්ධව පසුගිය මාස තුනක කාලය තුල ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කල ප්‍රකාශ

මෙම වසංගතය ආරම්භ වන්නේ පසුගිය වර්ෂයේ අගභාගයේදී චීනයේ වූහාන් නගරයෙනි.නමුත් කොවිඩ්-19 වසංගතයේ මුල් භාගයේදී තොරතුරු සැඟවූ බවට එක්සත් ජනපදය චීනයට චෝදනා එල්ල කරන්නේ,වසංගතය පාලනය කර ගැනීමට සමත් වූ එකම රාජ්‍යය චීනය පමණක් වීම යන කාරණයද නොසලකා හරිමින්ය.වසංගතය මැඩලීමට වඩාත් පුළුල්,දැඩිම සහ වැළැක්වීමේ සහ පාලනයේ විශිෂ්ඨතම ක්‍රියාමාර්ග ගත් බවත් වෛරසය සම්බන්ධව විවෘත සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කලේ යැ‍යිද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයකයා සඳහන් කලේය.

මෙම මාරාන්තික රෝගයට එක්සත් ජනපදය දැක්වූ ප්‍රතිචාරයට සහාය දැක්වීමක් වශයෙන් බීජිං රජය සිය භූමිකාව ඉටු කර තිබේ යැයි කියමින් පසුගිය සතිවල චීන සහ ඇමෙරිකානු වෛද්‍ය බලධාරීන් අතර සිදු වූ හමුවීම් රැසක් ද වාර්තා කලේ,තම අඩුපාඩු සඳහා වොෂින්ටනය වගකීම භාර ගත යුතු යැ‍යි කියමින්ය.

අනෙක් රටවලට චෝදනා කිරීම නවතා,වගකීම් අනෙකා මත පටවන්නේ නැතිව වසංගතය සමග සටන් වැදීමේදී වැඩදායි භූමිකාවක් නිරූපණය කරන්න යැ‍යි ඔහු එක්සත් ජනපදයට කියා සිටියේය.

තමන් “චීන වෛරස” යන යෙදුම භාවිතා කරන්නේ වර්ගවාදී අදහසක් නිසා නොව චීනයෙන් රෝගකාරක විෂ බීජය පැමිණි බැවින් යැ‍යි ජනපති ට්‍රම්ප් වාර්තාකරුවෙකුට පැවසීය.ඔහුගේ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් චීන රජයේ ෂින්හුආ පුවත් සේවය රෝගය පැතිරීම “ට්‍රම්ප් වසංගතය” ලෙස නම් කලේය.

source:rt.com

%d bloggers like this: