Menu Close

කොරෝනා භීතිය මැද පාපන්දු ක්‍රීඩා කරන ලොව එකම රට මෙන්න.

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිරයන නව කොරෝනා වෛරස තත්වය හේතුවෙන් ලොවපුරා ක්‍රීඩා ඉසව් දින නියමයකින් තොරව කල් යන විට තවමත් පාපන්දු ලීගයක් සුපුරුදු පරිදි පවත්වාගෙන යන රටක් පිළිබඳව වාර්තා වේ.

Belarus රාජ්‍යයෙන් වාර්තා වන්නේ එරට පාපන්දු ලීග් තරගාවලිය මෙම වසංගත තත්වය මධ්‍යයේ වුවද සුපුරුදු පරිදි මේ වන විට පවත්වා ගෙන යන බවයි. ඒ අනුව යුරෝපා කලාපයේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින එකම පාපන්දු ලීග් තරගාවලිය වන්නේ එරට ‘Belarusian Premier League’ තරගාවලියයි.

Belarus රාජ්‍යයේ Minsk අගනුවර දී ‘Belarusian Premier League’ තරගාවලියේ 2020 තරග වාරය ආරම්භ වන්නට වූයේ ප්‍රේක්‍ෂකයින් 730ක ප්‍රමාණයකගේ ද සහභාගීත්වය සහිතවයි.

පසුගිය ඉරිදා (22) වන විට සැලසුම් කර තිබූ පරිදි එම තරගාවලියේ පළමු තරග දිනයේ තරග සියල්ලම පවත්වා අවසන් කරන්නට ද සංවිධායකයෝ සමත් වුණා.

Share with Friends

%d bloggers like this: