Menu Close

කොරෝනා කොයිබටද ? – ඊශ්‍රායෙල් එන්නත අප මාරයාගෙන් ගලවයිද ?

depositphotos_174268324-stock-photo-sexy-blond-nurse-in-glassesමේ ආකාරයේ කතා බොරුවටත් පැතිරෙන නමුත්, ඊශ්‍රායෙල් වරුන්ගේ උත්සාහයක් මෙන්ම සුප්‍රසිද්ධ ‘ජෙරුසලම් පෝස්ට්’ පුවත්පතට සම්බන්ද හෙයිනුත්, එහි විස්තර දමමි. තවද මේ පුවත, ඊශ්‍රායලයේ විද්‍යා සහ තාක්ෂණික ඇමති, ‘ඔෆිර් අකුනිස් මහතා’ විසින්ද සනාථ කර ඇත. අනෙක් වැදගත්ම දේ වන්නේ, ඊශ්‍රායෙල් වරුන්ගේ ඥාණය ගැන ඔබට අලුතෙන් කිව යුතු නැති බවත්, ඔවුන් ලෝකයාට සෞඛ්‍යයට අදාළ දේ සොයා ගැනීම් මෙන්ම බොහෝ දේ ප්‍රධානය කර ඇති බවත්ය. 

ඒ ගැන වැඩි විස්තර බලන්නට නම් දෙවනුව ඇති ලින්ක් එකේ ඇති දෑ කියවන්න. 

මාර්තු 15 දින ප්‍රකාශ කරන ලද පුවතේ සඳහන්, මේ එන්නත නිමවූ පසු එය වෙළඳපොලට නිකුත් කිරීමට පෙර ඊට අවශ්‍ය නීති රීති සම්පාදනයට තවත් දින 90ක් ගතවනු ඇත.

කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමති, ‘ඔෆිර් අකුනිස්’ මහතා මෙසේ කියයි. … “MIGAL [The Galilee Research Institute] ආයතනයට අපේ ශුභ පැතුම් ! … ලොව වේගයෙන් පැතිර යන COVID-19 වෛරසය මැඩ පැවැත්වීමට ඉක්මනින් මෙම එන්නත දියුණු කරනු ඇතැයි මා සිතමි” …

පසුගිය වසර 4 තුල MIGAL ආයතනයේ විද්‍යාඥයන් එන්නතක් දියුණු කලේ, ගවයන්ට වැළඳෙන infectious bronchitis virus (IBV) යන්නට ප්‍රතිකාර ලෙසිනි. එහි සක්‍රීයතාවය මූලික පරීක්ෂණ වලින් සනාථ කර ඇත. ඒ එක් විද්‍යාඥයෙක් වන චෙන් කැට්ස් [ Dr. Chen Katz] කියන්නේ, … “අපේ මූලික සිද්ධාන්තය වූයේ, එන්නත් තැනීම සඳහා තාක්ෂනය සොයා ගැනීම මිසෙක එන්නත් තැනීම නොවේ”…

ඉහත සඳහන් කල ගවයන් හා සම්බන්ද එන්නත, ජානමය වශයෙන් අද දින ලොව වේගයෙන් පැතිර යන භයානක කොරෝනා වයිරසයේ ජාන සැකැස්ම සහ ආසාදිත වීමේ ක්‍රමයට සමීපය. කොරෝනා වයිරසයට එන්නතක් සේ එය භාවිතා කිරීමට සකස් කිරීම එනිසා පහසු වන්නේය යන්න ඔවුන්ගේ අදහස වේ.  

මෙතනින් එහාට ඔහු කී දේ සිංහලෙන් තේරුම් කරන්නට සිංහළ පාරිභාෂික වචන නොදනිමි. එහි වැඩි විස්තර කැමති කෙනෙක්ට පහත ලින්ක් එකෙන් බලාගත හැක.

එහෙත් ඔහු කියන දේ ලුහුඬින් කිවහොත්, එම තාක්ෂනය සඳහා ඔවුන් මොඩලයක් සේ යොදා ගෙන ඇත්තේ කොරෝනා වයිරස් ය. එය හුදෙක් වාසනාවන්ත සිදුවීමක් වූ බව ඔවුන් පවසති. ලෝකයේ අද දින වේගයෙන් සහ ඉතා භයානක සේ පැතිරී යන කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමේ දැවැන්ත අවශ්‍යතාවය ඉදිරියේ, හැකිතාක් ඉක්මනින් එම එන්නත නිකුත් කිරීමට ඔවුන් උත්සාහ කරනු ඇත.    

https://www.jpost.com/HEALTH-SCIENCE/Israeli-scientists-In-three-weeks-we-will-have-coronavirus-vaccine-619101

https://lalithkrunaratna.wordpress.com/2019/04/14/%e0%b6%ba%e0%b7%94%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%8a%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%a7%e0%b6%af/#more-7106

 

%d bloggers like this: