Menu Close

COVID -19 හා ස්පාඥ්ඥ උණ එක බඳුද ?

අද මාර්තු 22 උදේ මේ ලිපිය globalnews,ca වෙබ්සයිට් එකේ දුටු වෙලාවේ ඉඳලම මෙය පරිවර්තනය කරන්න හිත කිව්වා. ටිකක් දෙගිඩියාවකින් හිටියේ මේක සෞඛ්‍යය ජර්නල් එකක් නොවෙන නිසා. එහෙත් හවස් වෙද්දී ටිකක් වෙනස් විදියක කොරෝනා වයිරස් මරණ දෙකක් ටොරොන්ටෝ නගරය තුලිනුත් ඒ ආසන්න නගරයකිනුත් වාර්තා වුනා.
එක්කෙනෙක් ඇමරිකාවේ සංචාරය කර පැමිණි 70 වියැති කෙනෙක්. රෝගී බවක් දැනුනු නිසා පරික්ෂා කරවාගත් විට කොරෝනා බව දැනගෙන නිවසේ isolate කළ කෙනෙක්. (කැනඩාවේ අමාරු වෙනකල් රෝහල්ගත කරන්නේ නැහැ ). නැවත රෝග තත්ත්ව වැඩි නිසා රෝහල්ගත කරලා පැය 24 ගතවෙන්නත් පෙර මියගොස්.
අනිත් තැනැත්තිය පසුගිය දින කිහිපයේම ප්‍රංශය හා ටහිටි රටවල සංචාරය කර ඊයේ පැමිණි 72 හැවිරිදි කාන්තාවක්. රෝග පරීක්ෂාවක් වත් කරගෙන නැහැ. අද හදිසියේ ගෙදරදීම මියගොස්. ඇයට කොරෝනා තිබුණු බව සොයාගෙන තියෙන්නේ ඉන් පසුවයි.
මේ ගැන ප්‍රකාශයක් කල Infection desease specialist කෙනෙක් වෙන Dr. Isaac Bogoch පැවසුයේ මේ රෝගය උත්සන්න වන ආකාරය රෝගියාගෙන් රෝගියාට වෙනස්විය හැකි බවත්, රෝගයේ  වෙනස් ආකාර එළඹිය හැකි බවත්.
ඒ බව ප්‍රවෘත්ති ප්‍රකාශයකින් දැනගත්තම මේ ලිපිය පරිවර්තනය කළ යුතුයි කියා හිතුණා.

ලිපිය ලිව්වේ Rachael D’ Amore
National Online journalist
COVID -19 හා ස්පාඥ්ඥ උණ අතර සමානතා
වසර 100 කට පෙර අද මෙන්ම ලොවේ වසංගත තත්වයක් ඇතිවිය.  එය ලොව ඉතිහාසයේ  අතිශය මාරාන්තික තත්වයක් විය. ලොව පුරා මිනිසුන් මිලියන 500 කට (එවක ජනගහනයෙන් 1/3 ) අසාදනය වී 55 000 කට මරණය අත්කර දී තිබේ. එයින් වැඩි හරියක් වැඩිහිටි තරුණ අයයි.
1918 දී පැතිරුණු එම ස්පාඥ්ඥ උණ ලෝකයේ වසංගත තත්වයන් දෙස බලන ආකාරය, වසංගත වලට මුහුණදෙන ආකාරය හා ප්‍රමාණිකරණය කරන කරන ආකාරය පිලිබඳ මිනුම් ලකුණක් (benchmark) බඳු විය.
COVID 19 වයිරසය ලොව පුරා පැතිරෙමින් උත්සන්න වීමත්, යුරෝපය හා උතුරු ඇමරිකාවේ එහි බලය පැතිරවීමත් සමගම විද්‍යාඥන් හා ඉතිහාසඥයින් එය 20 වන සියවසේ උණ සමග ඇති සමානතා ව්මසන්නට පෙළඹුනත් වෙනස්කම්ද ඇතිබව වටහා ගත්හ.
“බිය ගෙනදෙන සමනතාත්, හිතට සහනය දෙන අසමනතාත් තිබෙනවා” ජනමාධ්‍යවේදී හා September 1918: War, Plaugue, And The World ලියු ස්කිප් දෙස්හර්ද  කියයි.
‘දැන් තියන වෛද්‍ය විද්‍යාවේ ප්‍රවණතා සියල්ල සලකා බැලුවත්, වසංගත තත්වයක් දැන් ලොවේ භයංකාරයි. අපි දැන් ලෝක ප්‍රජාවක්. වසර 100 කට එහාදී තිබුනට වඩා ඉතා වේගයෙන් ලොව පුරා ගමන් ගන්නවා. එය වයිරස ඉතාම වේගයෙන් පැතිරෙන්නට පහසුවක් “.

1918 මාර්තු මාසයේ පළමු ලෝක සංග්‍රාමය සමයේ මෙය ආරම්භ වුයේ කොතනදැයි පැහැදිලි නැත. එහෙත් මුල් අවස්ථාව සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ සහිත එකකි. එහෙත් අගෝස්තු මාසයේ දෙවැනි රැල්ල භයානක විය. සමහරුන් රෝගය වැළඳී පැය  කිහිපයක් තුළ සිරුර නිල් පැහැ ගැනෙමින්, පෙනහළු තුළ දියර පිරෙමින් හුස්ම ගත නොහැකිව  මිය ගියහ.
තුන්වෙනි රැල්ල සිසිර ඍතුව තුළ පැතිරුණු අතර 1920 අවසන් වනතෙක් තුරන් කළ නොහැකිවිය.

ස්පාඥ්ඥ උණද කොරෝනාවයිරසය මෙන්ම ලොව පුරා පැතිරුනේ ගමනාගමනය නිසයි. දැන් ගුවන්යානා වෙනුවට එදා පැතිරුනේ නැව් මගිනි.
ලෝක යුද්ධයේ අවසාන කාලයේ හමුදා ඛණ්ඩවල  ගමන් හේතුවෙන් ඇමරිකාවේ මධ්‍ය බටහිර හා ගිනිකොණ ජනපදවල ඇති හමුදා කඳවුරුවල පැතිරුණු අතර, හමුදා භටයන් මගින් ප්‍රංශයට පැතිරුණු බව සිතිය හැකිය. එතනින් අනෙක් යුරෝපා රටවලත්, සාමාන්‍ය ජනතාව අතරත්  ව්‍යාප්ත විය.
“දැන් තිබෙන ගුවන් ගමන් පහසුව සමග එක මහාද්වීපයක සිට තවත් මහද්විපයකට වයිරස පැතිරීම පැය ගණනකින් සිදුවිය හැකියි” . දෙස්හර්ද පවසයි.
නව කොරෝනාවයිරසය චීනයේ වුහන් නගරයෙන් ඇරඹී, ඉතා ඉක්මණින් අනෙක් ප්‍රන්තවලට පැතිරුනි. දෙසැම්බරයේ ඇරඹී, ක්‍රමයෙන් දේශ සිමා මුහුදු පැන ගිය එය, දැන් යුරෝපය මධ්‍ය ලක්ෂය කරගෙන ඇත.
මෙලස පැතිරුණේ ස්පාඥ්ඥ උණ පැතිරුණු සමයේ මෙන්ම ජනගහනයට මෙම රෝගයට ප්‍රතිශක්තිය නැතිවීම නිසයි. මෙම රෝගයට කලින් නිරාවරණය වී නොතිබුණු නිසා මානවයන් තුළ  එම වයිරසයට ප්‍රතිශක්තියක් ගොඩනැගී නැත.

මේ රෝග දෙකෙහි වෙනස්කම්ද ඇත.
ස්පාඥ්ඥ උණෙන් මියගිය වැඩිදෙනා තරුණ අයයි. කොරෝනාවයිරසය තරුණ අයටත් බලපෑවත්, වඩා භයානක වන්නේ වැඩිහිටි ජනගහනයටයි.
රෝග පැතිරුණු කාල දෙකෙහි ඇති සන්නිවේදනය වෙනස්කම්  තවත් කරුණකි. 1918දී රෝගය තිබුනත් වාර්තා කලේ බොහෝ වාරනයන්ට යටත්වය. ලෝක යුද්ධයේදී මධ්‍යස්තව සිටි ස්පාඥ්ඥය තත්වය නිවැරදිව වාර්තා කල නිසා රෝගයේ ආරම්භය ලෙස එම රට නම් කළත් එහි පැතිරීමට සති ගණනාවකට පෙර, ඇමරිකාවෙත් ප්‍රන්ශයේත් රෝගය ව්‍යාප්තව තිබුණි.
“කැනඩාවේ හැලිෆක්ස්, මොන්ට්‍රියල්, ටොරොන්ටෝ, විනිපෙග් නගරවල ඉතා තදින් ස්පාඥ්ඥ උණ පැතිර තිබුණත්, පුවත්පත්වල බොහෝවිට රෝගය ගැන ලියවී තිබෙන්නේ ඇතුල් පිටුවලයි”. කැනඩාවේ වෝටර්ලු විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ මහාචාර්ය හෙදර් මක්ඩුගල් පවසන්නීය. ” කොරෝනාවයිරසයේ තත්වය ඊට සාපේක්ෂව බොහෝ විනිවිද පෙනෙන ලෙස වාර්තා වෙනවා”
ඇමරිකාවෙත් ස්පාඥ්ඥ උණ රෝගය පැතිරීම හෝ වැලඳීම වැලක්වීමට මහජනතාවට  නිලධාරීන් හෝ පුවත්පත් මගින් එතරම් දැනුවත් කිරීමක් සිදුව නොමැති බව දෙස්හර්ද පවසයි.
කොරෝනා වයිරසයත් උතුරු ඇමරිකාවේ මිලියන ගණන් පුදගලයන්ට වැළඳිය හැකියි.එදාත් රෝගය වැලඳීම වැලැක්වීමට එකිනෙකාගෙන් ඈත්ව විසීම උපයෝගී කරගෙන තිබෙනවා, අද මෙන්ම.
” වැලඳෙන කාලය දුරස් කරගැනීම වැදගත්. බොහෝ දෙනෙක්ට රෝග ලක්ෂණ යන්තම් ඇතිව රෝගය වැළඳෙයි කියා බලාපොරොත්තු වෙනවා” දෙස්හර්ද පවසයි. “ටොයිලට් කඩදාසි හා පාන් හිඟ වෙලා ජීවත්වෙන එක හොඳයි, වෛද්‍යවරු  හා දැඩි සත්කාර ඒකක හිඟ වෙනවට වැඩිය”.

උදව්:
https://www.cp24.com/
https://globalnews.ca/news/6707118/coronavirus-spanish-flu-comparison/

%d bloggers like this: