Menu Close

සිරියාව:කැෆ්ර් නබල් හි ජිහාඩ් සටන්කාමීන්ගේ ගුහා

සිරියානු යුද්ධයේ ඉදිරිපෙළ වාර්තාකරුවෙක් වන රුසියානු ජාතික ඔලෙග් බ්ලොකින් විසින් දකුණු ඉඩ්ලිබ් හි කැෆ්ර් නබල් ආසන්නයේ තිබෙන අන්තවාදීන් විසින් ඉදි කල ගුහා කිහිපයක් ගවේෂණය කරන අයුරු දැක්වෙන වීඩියෝපටයක් නිකුත් කර තිබේ.

මෙම සංචාරයේදී සටන්කාමීන් දමා ගිය උණ්ඩ තොගයක් ඔහු විසින් පෙන්වයි.බ්ලොකින් පවසන පරිදි ඒවා සිරියානු හමුදා භාවිතා නොකරන අතර බොහෝ විට විනාශ කෙරේ.

ඔහු පළමුව එක් ගුහාවක් පෙන්වා ඊට ස්වල්ප දුරින් තිබෙන එම  ගුහාවේම අනෙක් පිවිසුමට වෙත ගමන් කරයි.බ්ලොකින්ට අනුව මෙම ගුහාව තුල තිබෙන උමං මාර්ගයේ වාහන දෙකක් එකිනෙක මාරු වීමට තරම් ඉඩක් තිබේ.ගුහාව ඉදි කර තිබෙන්නේ අඩ සඳක හැඩයෙනි.ගුහාව තුල විශාල ප්‍රමාණයේ කාමර සහ උමං මාර්ග තිබේ.උමං මාර්ග මට්ටම් තුනක් යටතේ ඉදි කර ඇත.

ගුහාවේ පිවිසුම් දොරටුවක්

ගුහාවේ තවත් පිවිසුම් දොරටුවක්

මෙම ගුහාව සටන්කාමීන් භාවිතා කර තිබෙන්නේ යුද මෙහෙයුම් සඳහා සූදානම් වීමට සහ ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහාය.

ගුහාව මර උගුල් ගබඩා කිරීමට යොදාගත් බවට සලකුණු තිබේ.විවිධ වර්ගවල මර උගුල් එය තුල දක්නට ලැබේ.සමහරක් පාෂාණ ලෙස වෙස් ගන්වා ඇත.

ගුහාවේ එක් පිවිසුමක් නිර්මාණය කර තිබෙන්නේ කොන්ක්‍රීට් බැමි වලින්ය.පිවිසුමේ විශාල ඉඩක් සහිත ශාලාවක් දැකගත හැකිය.වාර්තාකරුවා පවසන පරිදි සටන්කාමීන් මෙම ඉදිකිරිම සඳහා සම්පත් රැසක් කැප කර තිබේ.නමුත් ඉන් ඵලක් වී නැත.

කොන්ක්‍රීට් වලින් නිර්මාණය කල බිත්ති

ගුහාව තුල තිබෙන විශාල ශාලාව

ගුහාව ඇතුලත නේවාසික සිටීමට මෙන්ම පුපුරණද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම්ද දක්නට ඇතැයි බ්ලොකින් පැවසීය.ඊට අමතරව කුඩා ප්‍රමාණයේ ගෑස් සැපයුම් හලක්ද ඇත.

source:Youtube.com

%d bloggers like this: