Menu Close

චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:සිරියාවේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ යුද ගුවන් යානා

සිරියානු වෙරළේ රුසියානු මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ නවතම චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ Obretix නමින් පෙනී සිටින ආරක්ෂක නිරීක්ෂකයා ප්‍රසිද්ධ කර තිබේ.

මෙම ඡායාරූප ලබාගෙන තිබෙන්නේ මාර්තු මස 11දාය.ඒවාහි දැක්වෙන පරිදි ගුවන් හමුදා කඳවුරේ දැනට සුකොයි-24 යානා හතරක්,සුකොයි-34 යානා තුනක්,සුකොයි-35 යානා පහක්,ඒ-50 වාසර පූර්ව අනතුරු ඇඟවීම් සහ පාලන ගුවන් යානයක්,ටුපලෙව්-214ආර් ඉලෙක්ට්‍රොනික් බුද්ධි තොරතුරු රැස් කිරීමේ යානයක්,ඉලියුෂන්-76 යානා දෙකක්,ඇන්ටනොව්-124 යානයක්,ඇන්ටනොව්-26 යානා දෙකක් සහ ඇන්ටනොව්-72 යානයක් තිබේ.

Hmeymim-air-base-in-Latakia-on-11-March-2020

 

Hmeymim-air-base-in-Latakia-on-11-March-2020

Hmeymim-air-base-in-Latakia-on-11-March-2020

ටුපලෙව්-214ආර් යානය සිරියාවට එවා තිබුණේ පසුගිය ජනවාරි මාසයේදීය.ඒ ඉඩ්ලිබ් පළාතේ යුද මෙහෙයුම්වලට සහාය ලබාදීම වෙනුවෙනි.කෙසේවෙතත්,මෙම අති නවීන ඔත්තු බැලීමේ යානය මාර්තු 22දා රුසියාවට නැවත පැමිණියේය.


හඳුනා ගැනීමට නොහැකි තවත් යුද ගුවන් යානා නමයක් කඳවුරු භූමියේ ගොඩනැගිලි තුල රඳවා ඇත.මෙම ගොඩනැගිලි සංකීර්ණය පසුගිය වර්ෂයේදී ඉදි කලේ රොකට් සහ ඩ්‍රෝන් ප්‍රහාරවලින් ගුවන් යානා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් යුතුවයි.

Obretix පළ කල ඡායාරූපවල ගුවන් යානාවලට අමතරව කඳවුරු භූමියේ තිබෙන බීඑම්-27 උරගන් සහ බීඑම්-30 ස්මර්ච් යන වර්ගවල දැවැන්ත රොකට් විදින රථ කිහිපයක්ද දැක ගත  හැකිය.

BM-27/30-MLRS-in-syria

සිරියාවේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන රුසියානු ගුවන් හමුදාවේ කණ්ඩායම පසුගිය කාලයේ ඉඩ්ලිබ් හි සිරියානු හමුදාව සිදු කල මෙහෙයුම්වලට සුවිශේෂී සහායක් ලබා දුන්නේය.එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇලෙපෝ සහ ඩැමැස්කස් නගර යා කරන එම්5 මහා මාර්ගය නැවත විවෘත කිරීමට අවස්ථාව සැලසිණි.

source:southfront.org

 

%d bloggers like this: