Menu Close

කොවිඩ්-19 වසංගතය:ඉතාලිය ගලවා ගැනීමේ මෙහෙයුම

කොවිඩ්-19 වසංගතය අතිශය බරපතල අයුරින් පැතිර යමින් තිබෙන ඉතාලියේ සහාය පිණිස වෛරසවේදය සහ වසංගතවේදය සම්බන්ධ දැනුම සහිත රුසියානු හමුදාවේ විශේෂ කණ්ඩායමක් අවශ්‍ය වෛද්‍ය සහ සනීපාරක්ෂක,විෂබීජනාශක මෙවලම්ද සහිතව ඉතාලිය බලා ඒම ආරම්භ කලේ මාර්තු 22දාය.

එලෙස පැමිණෙන කණ්ඩායම ඉතාලිය වෙත ලඟා වූ අයුරු අද දින මාධ්‍ය වාර්තා කර තිබිණි.මෙම කණ්ඩායමට වෛද්‍යවරු,ආරක්ෂක ඇදුම් සහ වෛද්‍ය උපකරණ ඇතුලත්ය.කොවිඩ්-19 ප්‍රතිචාර කණ්ඩායමක් ඉතාලියට එවන්නට රුසියාව තීරණය කලේ ඉතාලි අගමැති ගුසෙපී කොන්ටෙ,ජනපති ව්ලැඩිමීර් පුටීන් සමග පැවැත්වූ දුරකතන සංවාදයකින් පසුවයි.

රුසියානු හමුදාවේ කොවිඩ්-19 ප්‍රතිචාර කණ්ඩායම ඉතාලිය බලා යෑමට සූදානම් වන අයුරු
රුසියානු හමුදාවේ කොවිඩ්-19 ප්‍රතිචාර කණ්ඩායම රැගත් මුල්ම ගුවන් යානය ඉතාලියට පැමිණි මොහොත

ඉතාලි පාර්ශ්වයේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් විශේෂිත පරාමිතීන්ට අනුව අත්‍යාවශ්‍ය සහාය ලබා දීමට තමන් සූදානම් යැයි රුසියානු ජනපතිවරයා තහවුරු කලේ යැ‍යි ක්‍රොම්ලිනයේ මාධ්‍ය සේවය වාර්තා කලේය.

රුසියාව එවූ ජංගම කණ්ඩායම් 8ට හමුදා වෛද්‍යවරුන්,වෛරසවේදීන්,විෂබීජ නාශනය සඳහා භාවිතා කරන රථ සහ අනෙකුත් වෛද්‍ය උපකරණ ඇතුලත්ය.

ඉතාලියට රුසියාවේ සහාය ලැබුණේ යුරෝපා සංගමයේ සහ නේටෝ සංවිධානයේ රටවලින් එරටට කිසිදු අව්‍යාජ උපකාරයක් කිරීමට නොහැකිව තිබෙන අවස්ථාවක නැතිනම් එවැන්න්නක් කිරීමට අවශ්‍යතාවයක් නොපෙන්වන මොහොතකදී වීම විශේෂත්වයකි.

මාර්තු 22දා වන විට ඉතාලියේ කොවිඩ්-19 නිසා සිදුවූ මරණ ගණන 4,825 ලෙස දැක්විණි.ඒ අනුව දැනට රෝගය හේතුවෙන් ලොව පුරා රටවලින් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙනි.එරටින් ආසාධිතයින් 53,578 වාර්තා වෙද්දී සුවය ලබා තිබෙන්නේ 6,072ක් පමණි.නමුත් රෝගීන් 81,054ක් වාර්තා වන චීනයේ සුවය ලැබූ පිරිස 72,440කි(2020 මාර්තු 22දා අදාලව).මෙයින් පෙනී යන්නේ යුරෝපයේ සෞඛ්‍ය ආරක්ෂක පද්ධතියට මෙවැනි අර්බුදයක් දරා සිටින්නට නොහැකි බවයි.

කෙසේවෙතත් එක්සත් ජනපදය,ස්පාඤ්ඤය,ජර්මනිය සහ ප්‍රංශය ආදී අනෙකුත් බටහිර රටවල තත්ත්වය මීට සාපේක්ෂව තරමක් හොඳ තැනක තිබේ.එනමුත් බටහිර ලෝකයම මේ වෙද්දී අවුල් ජාලයක් බවට පත් ව ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ.මෙවරත් ඔවුන් සුපුරුදු චෝදනා කිරීමේ ක්‍රිඩාව ආරම්භ කර ඇත.කොවිඩ්-19 අර්බුදය සම්බන්ධව අසත්‍ය තොරතුරු පතුරවා හරින්නේ යැයි කියමින් චීනයට,රුසියාවට සහ ඉරානයට චෝදනා කරමින් තත්ත්වය පාලනය කර ගන්නට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ බටහිර රාජ්‍යතාන්ත්‍රිකයෝ අසාර්ථක උත්සාහයක නිරත වේ.

වසංගතය බරපතල අයුරින් බලපා තිබෙන්නේ ඉතාලියේ ලොම්බර්ඩි පළාතටයි.මිය යන කොතරම්ද යත් මළ සිරුරු ප්‍රවාහනයට ඉතාලි හමුදාව සිය ට්‍රක් රථ යොදවා තිබේ.මළ සිරුරු තැන්පත් කිරීමට අවශ්‍ය මිනී පෙට්ටිවලද හිඟයක් ඇත.රෝගීන් ප්‍රමාණය වැඩි වීමත් සමග රෝහල්වල ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම හමුවේ ප්‍රතිකාර කටයුතු කිරීමට කූඩාරම් පවා භාවිතා කරන්නට සිදුවී තිබේ.

කොවිඩ්-19 රෝගය හේතුවෙන් මිය ගිය අයගේ මළ සිරුරු ඉතාලි හමුදාව ට්‍රක් රථ යොදාගෙන ප්‍රවාහනය කරන අයුරු

රෝගීන්ට පහසුකම් සලසන්නට රෝහල් ප්‍රමාණවත් නොවද්දී කූඩාරම් භාවිතා කරන ඉතාලි සෞඛ්‍ය අංශ

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඉතාලියට මුහුණු දෙන්නට වූ වඩාත් අසීරුතම කාල පරිච්ඡේදය පසුකරමින් සිටින බව ඉතාලි අගමැති පැවසීය.තවද අත්‍යාවශ්‍ය නොවන ව්‍යාපාර සහ ක්‍රියාකාරකම් අවම වශයෙන් අප්‍රේල් 3දා දක්වා නවතා දමන්නට හෙතෙම නියෝග කලේය.

මීට ප්‍රථමයෙන් රුසියාව රටවල් 13කට කොරෝනාවෛරස පරීක්ෂණ කට්ටල ලබා දුන්නේය.රුසියාවේ නිෂ්පාදනය කල උපකරණ කට්ටල මගින් කොවිඩ්-19 රෝගය සඳහා පරීක්ෂා 100,000කට වැඩි ගණනක් සිදු කල හැකි බවත්,දැනටමත් ඒවා යොදාගෙන අර්මේනියාව,බෙලරුසියාව,කිර්ගිස්ථානය සහ උස්බෙකිස්ථානය යන රටවල පළමු රෝගීන් හඳුනාගෙන ඇති බවත් රුසියාවේ මහජන සෞඛ්‍ය සම්බන්ධව සොයා බලන Rospotrebnadzor ආයතනය මාර්තු 21දා පැවසීය.රුසියාව මෙම පරීක්ෂණ කට්ටල සර්බියාව,ඉරානය,උතුරු කොරියාවට මෙන්ම ඊජිප්තුව සහ වෙනසුවෙලාව යන රටවලටත් පිටත් කර හැරියේය.

 2020 මාර්තු 22 අදාලව යුරෝපා කලාපයේ කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය

 2020 මාර්තු 22 අදාලව මැදපෙරදිග සහ අවට ප්‍රදේශවල කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය

 ඉතාලියේ සහාය සඳහා පැමිණි අනෙක් රටවල් අතරින් චීනය කැපී පෙනෙන්නේ කොවිඩ්-19 රෝගය සම්බන්ධව සැලකිය යුතු අත්දැකීම් එරට සතු නිසාය.කොවිඩ්-19 රෝගය උත්සන්න වූ රෝගීන්ගේ ශ්වසනය සඳහා අවශ්‍ය කරන කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර සහ අනෙක් පුද්ගලයන්ට අවශ්‍ය නාස්-මුඛ ආවරණ සහිතව චීන වෛද්‍යවරුන් 300කට ආසන්න පිරිසක් ඉතාලියට ලගා විය.

සංවර්ධිත රාජ්‍යයන්ට සමානව වෛද්‍ය විද්‍යාව අතින් දියුණු මට්ටමක පසුව කියුබාවද සුපුරුදු පරිදි තමන්ට හැකි පරිදි ඉතාලියට සහාය දක්වන්නට ඉදිරිපත්ව සිටියි.කියුබානු රජය වෛද්‍යවරුන් 37 දෙනෙක් සහ හෙද කාර්යමණ්ඩල සාමාජිකයෝ 15 සහිත කණ්ඩායමක් මාර්තු 22දා ඉතාලියේ මිලාන් නගරය වෙත එවීය.ඔවුන්ගෙන් සමහරෙක් බටහිර අප්‍රිකාවේ ඉබෝලා රෝගයට එරෙහිව කටයුතු කල අය වෙති.අනෙක් පිරිස භූමිකම්පා වැනි ස්වභාවික උපද්‍රව අවස්ථාවන්හි කටයුතු කර අත්දැකීම් සහිත අයයි.

වර්ධනය වන ගෝලීය ආර්ථික අර්බුදය සහ කොවිඩ්-19 වසංගත තත්ත්වය ලෝකයට ප්‍රදර්ශනය කරන්නේ බටහිර ලෝකය තුල,සිතා සිටි සාමූහිකත්වය සහ එක්සත්භාවය නොමැති බවයි.එක්සත් ජනපදයේ නායකත්වය යටතේ යුරෝපා සංගමය සහ නේටෝව වසර ගණනක් තිස්සේ රුසියානුවන්ට සහ චීනුන්ට චෝදනා කරන්නටත්,නින්දාවට ලක් කරන්නත් කටයුතු කලහ.යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය,රුසියාව මත සම්බාධක පැනවීය.ඊට සමගාමීව රුසියාවේ දේශසීමා ආසන්නයේ යුද ශක්තිය ඉහළ නංවන්නට ද නේටෝ සංවිධානය ක්‍රියා කරමින් සිටියි.චීනය සහ රුසියාව පරාජය කිරීමට සහ විනාශ කිරීමට එක්සත් ජනපදය විවෘතව සූදානම් වෙමින් සිටියි.අතරමැදි පරාස න්‍යෂ්ඨික බලකා ගිවිසුම වැනි ප්‍රධාන පෙළේ අන්තර්ජාතික ආරක්ෂක ගිවිසුම් බිද වැටුණේ එක්සත් ජනපදයේ ක්‍රියාකලාපයන් හේතුවෙනි.ඊශ්‍රායලයට පසු මැදපෙරදිග සිටින එක්සත් ජනපදයේ හොඳ මිත්‍රයා වන සෞදි අරාබිය බොර තෙල් වෙළඳ පොලෙහි වාසි ලබා ගැනීම පිණිස ගෝලීය ආර්ථික අර්බුදය නරක අතට හැරවීමටත් ,ඉරානයේ සහ රුසියාවේ ආර්ථිකයන් විනාශ කිරීමටත් උත්සාහ දරමින් සිටියි.එනමුත් අර්බුදයකදී යුරෝපය බේරා ගන්නට පැමිණෙන්නේ රුසියානුවන්ය.වොෂින්ටනය,යුරෝපා සංගමය සහ නේටෝවේ නිලධාරීවාදය එවැනි අවස්ථාවක උත්සාහ කරන්නේ සිය ඇලුම්කම් ආරක්ෂා කරගන්නටත්,සිය වැරදිවලට වෙනත් අයෙකුට චෝදනා කරන්නට අවස්ථාවක් සොයා ගැනීමටත්ය.

source:southfront.org

%d bloggers like this: